පොලිසියෙන් පැමිණිල්ල විභාග නොකළාට මාධ්‍ය හමුවක් තියයි ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සේවය කරන උසස් නිලධාරියෙකු තමන්ට හා බිරිඳට අමානුෂික අයුරින් පහරදී දුදරුවන්ට පහරදී බියවැද්ද වී යැයි ස්වීඩන් ජාතිකයකු කොච්චිකඩේ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. 13 August 2018
බදුල්ලේ වෙළෙඳසල් ගින්නට හේතුව පිපිරිමක් බදුල්ල නගරයේ රථවාහන අමතර කොටස් වෙළදසැල් දෙකක් ගිනිගෙන විනාශවී එක් වෙළදසැල් හිමියෙක්මිය ගිය සිද්ධියේ හේතුව වෙළෙඳසලේ ඇති වු පිපිරීමක් නිසා බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ . 13 August 2018
'ආවා' ඇතුළු කල්ලි මැඩලීමට විශේෂ හදිසි ඇමතුම් අංකයක් යාපනයේ විවිධ නම් වලින් පෙනී සිටිමින් නීතිය හා සාමය බිඳ දැමීමට කටයුතු කරන කඩුවලින් සන්නද්ධ කල්ලිවල සාමාජිකයෝ අත්අඩංගුවට ගැනීම සඳහා යාපනයේ ජනතාවට පොලීසියට සහය වීම සඳහා විශේෂ වූ හදීසි ඇමතුම් අංකයක් ලබා දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ දිනවල යාපනය පොලීසිය විසින් ආරම්භ කර තිබේ. 13 August 2018
ඉංගිරියේදී ධාවනය වු ලංගම බසයක රෝදයක් ගැලවී විසි වෙයි මගීන් පුරවා ගත් ඉංගිරිය සිට පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනා ගමනා මණ්ඩලයේ බස් රථයක ඉදිරිපස රෝදයක් මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේදී එක්වරම ගැල වී ඉවතට යාමෙන් අද (13) උදෑසන අනතුරක් සිදු වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 13 August 2018
රන් මිශ්‍ර පස් ජාවාරමේ පරීක්ෂණ යටගහලා රුපියල් කෝටි ගණනින් වටිනා රන් කැබලි මිශ්‍ර පස් පිටරට යැවීමේ ජාවාරමක් පිළිබඳ භූ විද්‍යා පතල් හා කැනීම් කාර්යංශය රටට හෙළි කළ ද ඒ පිළිබඳ කෙරෙන පරීක්ෂණ සියල්ල යට ගැසීමට ජාවාරම්කරුවන් මේ වනවිට සමත් වී ඇතැයි කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ලංකාදීපයට පැවැසීය. 13 August 2018
බස්වල රූපවාහීනි තහනම් කිරීමට නැ‘හිර මගී ප්‍රවාහන අධිකාරියෙන් තීරණයක් මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගෙන ඇති තීරණය නැගෙනහිර පලාතේ මගී බස්රථ සම්බන්ධයෙන් එම නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමට පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ. 13 August 2018
ලක්ෂ දෙකක ප්‍රවාහන දීමනාව ලබන අධීක්ෂණ මන්ත්‍රීවරු 55 ක් රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබන ප්‍රවාහන දීමනාව ලබන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා වෙත නිකුත් කර ඇත. 13 August 2018
අලුත බැඳපු ජෝඩුව ගමන් ගත් මෝටර් රියේ මත් පෙති 70,000 ක් මත්පෙති 70,000 ක් රැගෙන තලෙයිමන්නාරම සිට මෝටර් රථයකින් කොළඹ බලා එමින් සිටි තරුණ අඹුසැමි යුවළක් යාපනය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ සහ සෙට්ටිකුලම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් සෙට්ටිකුලම ප්‍රදේශයේදී පෙරේදා (11) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 August 2018
සිංගප්පූරු ගිවිසුමට ජනපති විශේෂඥ කමිටුවක් පත්කරයි ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂඥයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන කමිටුවක් පත් කරනු ලැබ ඇත. 13 August 2018
වැලිකඩ බන්ධනාගාරයේ වහල උඩ රැඳවියෝ විරෝධතාවක වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී මේ වන විට විරෝධතාවක නියැලෙමින් සිටිති. 13 August 2018
හජ් උත්සවය අගෝස්තු 22 දා නව සඳ දැකීම හේතුවෙන් හජ් උත්සව මේ මස 22 වැනිදා පැවැත්වෙන බව කොළඹ මහ පල්ලිය අද (12) නිවේදනය කළේය. 12 August 2018
විසුරුවා හරින ලද බුද්ධි අංශය වෙනුවට බන්ධනාගාරයට නව පොලිස් ඒකකයක් විසුරුවාහරින ලද බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ ඒකකය වෙනුවට විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබේ. 12 August 2018
ඥානසාර හිමිට බන්ධනාගාර නීතියට අනුව සිර ඇඳුමක් සිරදඬුවම් නියම වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බන්ධනාගාර නීතිය යටතේ සැහැල්ලු සිර ඇඳුමක් නිකුත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 12 August 2018
මහනුවර දිස්ත්‍රික්කයටම ඉන්නේ හීලෑ අලි 15 දෙනයි මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය සදහා අලි ඇතුන්ගේ හිඟය මකා ගැනීම සදහා සතර මහා දේවාල වල නිලමේ වරුන් සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ග ගත් බවත් මහනුවර ඇසළ පෙරහර සමයේදී රට තුළ වෙනත් පෙරහර නොමැති නිසා ප්රශ්නය විසඳාගත හැකි වු බවත් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පවසයි. 12 August 2018
දුම්රිය වර්ජනයෙන් ලංගමයටත් කෝටියක පාඩුවක් වර්ජනය පැවැති දිනවල දුම්රිය දෙපාර්තමේන්තුව පමණක් නොව ලංගමයද රුපියල් මිලියන දහයකට අධික මුදලක් පාඩු ලබා ඇතැයි ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය. 12 August 2018
ශ්‍රී ලංකාවට ලකුණු 178 ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 178 ක දැවැන්ත ජයක් අත්කර ගත්තේය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකානු පිල හමුවේ පැවැති එක්දින තරගයකදී ලබාගත් දෙවැනි විශාලතම ජයග්‍රහණයයි. 12 August 2018
දුම්රිය වාර ප්‍රවේශපත්‍රයෙන් බසයේ යන්න ගිය මගීහු කොන්දොස්තරවරු ගැටෙති දුම්රිය වාර ප්‍රවේශපත් පෙන්වා ලංගම බස්රථ වල නොමිලේ ගමන් කිරීමට අද (12) දහල් සිට නතර කිරීම නිසා ලංගම බස් රථවල ගමන් කිරීමට පැමිණි දුම්රිය මගීන්ට ටිකට්පත් ගෙන බස් රථ වල ගමන් කිරීමට සිදු වී තිබේ. 12 August 2018
උප පොලිස් පරීක්ෂකවරියගේ කාමරයට අනවසරයෙන් ගිය කොස්තාපල් අත්අඩංගුවට මිරිහාන පොලිස් කාන්තා තනිකඩ භට නිවාසයේ උප පොලිස් පරික්ෂිකාවක් නිදා සිටි කාමරයකට රාත්‍රියේ ජනේලයෙන් ඇතුළු වු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 12 August 2018
අමාත්‍යංශ අධික්ෂණ මන්ත්‍රීවරු 55 දෙනාගේ ලක්ෂ දෙකේ දීමනාව ගැන තව විස්තර ඕනෑ‘ අමාත්‍යංශවල කටයුතු සොයා බැලීමට අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස පත් කළ ආණ්ඩු පක්ෂයේ 55 දෙනා වෙනුවෙන් ගෙවනු ලබන්නේ යැයි කියන රුපියල් ලක්ෂ දෙකේ දීමනාව ගැන තවත් තොරතුරු දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දෙවැනිවරටත් ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ. 12 August 2018
ශ්‍රී ලංකාව කඩුලු 8 ට 299 යි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදීත් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 299 ක් ලබාගත්තේය. 12 August 2018
‘යහපාලන රජය පිහිට වුයේ පොඩි මිනිහාට උපකාර කිරීමටයි‘ යහපාලන රජය පිහිට වුයේ පොඩි මිනිහාට උපකාර කිරීමට යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය පුඩළුඔයදී අද (12) පැවසිය. 12 August 2018
කුරුණෑගල මහ රෝහලට කුඩම්මාගේ හැන්දෙන් බෙදීමට විරෝධය මේ වසරේ සිට අලුතින් ආරම්භ කළ වයඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයට ශික්ෂණ රෝහල ලෙස කුලියාපිටිය රෝහල භාවිත කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ විශේෂඥ වෛද්‍යවරු දැඩි විරෝධය පළ කරති. 12 August 2018
දුම්රිය වර්ජනයෙන් කෝටි 7 ක පාඩුවක් දුම්රිය රියදුරු නියාමක,ස්ථානාධිපති හා දුම්රිය පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 70 ක්ට වඩා වැඩි පාඩුවක් සිදු වී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පැවසීය. 12 August 2018
ට්‍රම්ප් අත්සන් කිරීමට නියමිත ඇමෙරිකා ආරක්ෂක අයවැයෙන් ලංකාවටත් අරමුදල් ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් මහතා විසින් හෙට (13) අත්සන් කිරීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 700 ක ඇමෙරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයක් සඳහා අරමුදල් සැපයීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි චීනයේ සී.ජී.ටී.එන් ප්රවෘත්ති සේවය අද (12) වාර්තා කළේය. 12 August 2018
ශ්‍රී ලංකාවෙන් විකිරණශීලිතාව අධික කලාප 12 ක් විකිරණශීලිතාව අධික කලාප දොළහක් මෙරටින් හඳුනාගෙන ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. 12 August 2018
ඌව පළාත් සභාවේ වාර්තා සිංහලෙන් - දෙමළෙන් ඉල්ලයි ඌව පළාතේ සියළුම පළාත් පාලන ආයතනවල සභා සැසිවාරයන්හිදී නියෝජිතයින් අතට ලබාදෙන වාර්තා ඇතුළු සියළුම ලිපි ලේඛන සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම නිකුත් කරන ලෙසට ඌව පළාත් ආණ්ඩුකාරවර ආරිය බී කේ මහතා පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා වෙත උපදෙස් දී තිබේ. 12 August 2018
යාපනයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට හේතුව ආවා-ධනු රොක් කල්ලියයි‘ යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව සිදුවන ප්රචණ්ඩ හා සමාජ විරෝධී අපරාධ වලට ප්‍රධාන හේතුව ආවා සහ ධනු රොක් නැමති කල්ලි ද්විත්වය අතර පවතින ගැටුම්කාරී තත්වය යැයි පොලිසිය තමන් හා පැවසූ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය. 12 August 2018
විභාග රාජකාරීවල යෙදී සිටින විදුහල්පති-ගුරු දීමනා වැඩි කරන්න’යි ඉල්ලති විභාග රාජකාරීවල නිරතව සිටින විදුහල්පතිවරු හා ගුරුවරුන්ට ගෙවන දීමනා වැඩි කරන්නැයි ලංකා ගුරු සංගම ඉල්ලා සිටී. 12 August 2018
පාතාල නායක ‘මතුගම ශාන්‘ ඇතුළු තිදෙනෙක් අල්ලයි බදුරලිය කුරුලුබැද්ද පැණිගල පදිංචිව සිටි පුද්ගලයකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක‘මතුගම ශාන් ‘ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මතුගම කොට්ඨාස නීතීය බල ගැන්වීමේ ඒකකය කියයි. 12 August 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026