තඹ කම්හලේ සේවකයන්ට ඇප ලැබීම ගැන විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ සම්බන්ධකම් සොයයි වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමට මුස්ලිම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් යම් බලපෑමක් එල්ල වී ඇතැයි ද සොයා බලන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. 13 May 2019
රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නෑ නිරායුද අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත් රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්විය යුතු බව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී වික්‍රමරත්න මහතා පැවසීය. 13 May 2019
මිනුවන්ගොඩ තත්ත්වය පාලනයට යුද හමුදාව මිනුවන්ගොඩ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට යුද හමුදාව කැඳවා තිබේ. 13 May 2019
කළු ජූලියකට නැවත ඉඩ දෙන්න එපා 1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. 13 May 2019
සාමය කඩකරන්නන්ට එරෙහිව නීතිය තදින් රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත පවරා දී තිබෙන බවත්, නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ සියලූ පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. 13 May 2019
දිවයිනටම ඇඳිරිනීතිය අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදී ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 13 May 2019
සුරක්ෂා රක්ෂණාවරණයට දුන් කෝටි 243 ක් අවභාවිතා කරලා සුරක්ෂා රක්ෂණාවරණය සඳහා රජයේ අරමුදල් වලින් ලබා දී තිබූ රුපියල් මිලියන 2430ක මුදලක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් අවභාවිත කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන සහකාරවරයෙකු හා උපාධිධාරී රැකියාලාභීන්ගේ වෘත්තීය සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රසාද් මාරසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් අද (13) පැවසීය. 13 May 2019
ජනපති - අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න රට තුළ විශාල අසමගියක් ඇතිවී ඇති බවත් මෙම තත්ත්වය ආරම්භ වූ දා සිටම මහා සංඝරත්නය හා රටේ විද්වතුන් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශ කළත් රජය ඒ සම්බන්ධව වගකීමක් බාර නොගත් බවත් එම නිසා රට තුළ මෙවන් තත්වයක් උද්ගත වී ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පවසති. 13 May 2019
මාලිගාවත්තේ බෝම්බ පුපුරන බවට අසත්‍ය පැමිණිල්ලක් කළ අයෙකු රිමාන්ඩ් මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ බෝම්බ තුනක් පුපුරණ බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දෙමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව මාලිගාවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද (13) නියෝග කළාය. 13 May 2019
ඉවසීමෙන් කටයුතු කරන්නැයි උලමා සංවිධානය මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලයි සමාජ .මාධ්‍යවල අනවසර දෑ ප්‍රචාරණය නොකරමින්, සාමකාමීව සහ ඉවසීමෙන් කටයුතු කරන්නැයි මුස්ලිම් ප්‍රජාවේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයියතුල්ලා උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. 13 May 2019
මහපොළ වංචා ගැන අහන්න විගණකාධිපතිත් කොමිසමට කැඳවයි ‘මහපොළ’ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ගැනීමට ලබන 21 වැනිදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් එම කොමිසම අද (13) රජයේ විගණකාධිපතිවරයා වෙත සිතාසි නිකුත් කළේය. 13 May 2019
‘මගේ අරමුණ අධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණයි‘ කතෝලික පූජා ප්රසාදිතුමකු සහ රදගුරුතුමකු වශයෙන් තමන්ගේ අරමුණ හුදෙක් අධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණක් බවත් තමන්ගේ එකම දේශපාලනය වන්නේ දෙවියන් වහන්සේට හා ජනතාවට සේවය කිරීම පමණක් බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. 13 May 2019
ක්‍රිකට් ආයතනයේ තීරණය අවලංගු කරන්න’යි සොයිසා අධිකරණයට යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික පන්දු යැවීමේ පුහුණුකාර තනතුරෙන් තමන් අනීවාර්ය නිවාඩු ගැන්වීමට ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ජාතික තලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන නුවන් සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය. 13 May 2019
වැඩබලන පොලිස්පති ලෙස සී.ඩී වික්‍රමරත්න පත්කරන්න ව්‍යවස්ථා සභාවේ අනුමැතිය වැඩබලන පොලිස්පති ධුරය සඳහා චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යොමුකර තිබූ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අද (13) හිමිව තිබේ. 13 May 2019
‘ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයාගේ රටක් නොවේයයි මංගල කළ ප්‍රකාශය හෙළාදකිනවා’ ශ්‍රී ලාංකික මහා සංස්කෘතියේ වටිනාකම තේරුම්ගෙන ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි අතිඋතුම් රදගුරු හිමිපාණන් පවා පවසා සිටියදී මෙය සිංහල බෞද්ධයාගේ රටක් නොවේය යනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නායක හිමියෝ පවසති. 13 May 2019
හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ් ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ව්‍යාපාරිකයා මේ මස 24 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (13) නියම කළේය. 13 May 2019
අත්අඩංගුවට ගත් මුස්ලිම් මාධ්‍යවේදියා රිමාන්ඩ් අන්තවාදී ආගමික සංවිධානයක දේශන ඇතුළත් සංයුක්ත තැටි සන්තකයේ තබාගත්තැයි අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික මාධ්‍යවේදීයා මැයි 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් කේ.එම්.ජේ.පි.සමරසිංහ මහතා අද (13) නියෝග කළේය. 13 May 2019
වයඹටම පොලිස් ඇඳිරිනීතිය ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කිරීම පිණිස වයාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවූ බව පොලිසිය කියයි. 13 May 2019
මුස්ලිම් පාසලකින් ජංගම දුරකථන - පටිගත කිරීමේ යන්ත්‍ර සොයාගනී පානදුර එලුවිල මුස්ලිම් පාසලක් තුළ තිබී ජංගම දුරකථන රැසක් සමඟ උපකරණ කිහිපයක් යුදහමුදාව බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 13 May 2019
වැඩබලන ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (13) පත්කර තිබේ. 13 May 2019
රංජන්ට එරෙහි නඩු විභාගය කල්යයි අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ විභාගය ජූලි මස 29 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 13 May 2019
10 වැනි සැකකරුගෙන් ප්‍රකාශයක් ගන්න අවසර මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉන්සාක් අහමඩ්ට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළව 10 වැනි සැකකරු කරුපය්යා රාජේන්ද්‍ර අබ්දුල්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (13) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට වෙත අවසර ලබාදුන්නේය. 13 May 2019
පර්දාව-අබායට විරෝධය පා පුත්තලම ප්‍රා.ලේකම් නිලධරයෝ ලෙඩ නිවාඩු දමති පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරීවල නිරතවන නිලධාරින් පිරිසක් අද (13) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමීමෙන් කාර්යාල කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබේ. 13 May 2019
‘ජනපති චීනයට ගියත් අගමැතිට ආරක්ෂාව ගැන තීරණ ගන්න පුළුවනි’ ජනාධිපතිවරයා රටින් පිටව ගොස් සිටියත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම තීරණයක් ගෙන ක්‍රියාත්මක කිරීමට සියලු බලතල හිමිව ඇතැයි රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(13) පැවැසීය. 13 May 2019
‘දරුවන්ගේ බිය නැති කරන්න නම් මැති ඇමැතිවරු පාසලට ඇවිත් ඉන්න’ “මා දන්නා ඉතිහාසය තුළ බෞද්ධ හෝ අන්‍යාගමික කිසිවෙකු මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියල කියනවා මම අහලා නැහැ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුත් කියනවා මේක සිංහල බෞද්ධ රටක් එහෙම රටක ජීවත්වීමත් වාසනාවක් කියලා. එවැනි තත්වයක් තුළ කවුරුහරි කියනවා නම් මේ රට සිංහල බෞද්ධයින්ගේ රටක් නෙමේය කියලා එම පුද්ගලයා මේ රටේ සිටිය යුතු පුද්ගලයකු නොවේ” 13 May 2019
කුඩාඔය ඉඩමකින් ආයුධ තොගයක් වැල්ලවාය කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලට යන මාර්ගයේ මුස්ලිම් ජාතිකයකුට අයත් ඉඩමක තිබී අද (13) විශාල අවි ආයුධ තොගයක් සොයා ගෙන ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි. 13 May 2019
ඕස්ට්‍රේලියාවට පලායාමට තැත් කළ 3ක් අත්අඩංගුවට නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට තැත්කළ පිරිසකින් තිදෙනෙකු අද (13) අත්අඩංගුවට ගත් බව මඩකලපුව මූලස්ථාන පොලිසිය කියයි. 13 May 2019
වියළි දින ගණන 65 කින් වැඩිවෙයි රට තුළ පැවති වාර්ෂික වර්ෂාපතනය වූ මිලිමීටර් 2005 මේ වන විට මිලිමීටර් 1061 කට අඩුවී ඇතැයි ග්‍රැෆික් ශ්‍රී ලංකා පදනම පවසයි. 13 May 2019
ඇමෙරිකානු හමුදා ප්‍රහාරවලින් අයි.එස් 17ක් මරුට අප්‍රිකාවේ සිටින ඇමෙරිකානු හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් අයි.එස්. සංවිධානයේ යැයි සැක කෙරෙන සටන්කාමීන් 17 දෙනකු මියගිය බව ආරක්ෂක අංශ පැවැසීය. 13 May 2019
ජනපති චීනයට යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සදහා අද (13) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය. 13 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026