කොස්වත්තේ සිද්ධියට 31 ක් අත්අඩංගුවට කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන්ට සම්බන්ධව ප්‍රශ්නකිරීම පිණිස අද (15) උදෑසන වනවිට පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 May 2019
පුද්ගලයන් 22 ක් අත්අඩංගුවට ගැනීමත් සමඟ කොට්ටරාමුල්ල උණුසුම් වෙයි කොස්වත්ත කොට්ටරාමුල්ල මොරකැලේ ප්‍රදේශයේදී ඊයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සැකපිට පුද්ගලයන් 22 දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගැනීමත් සමඟ කොස්වත්ත ප්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ බව පොලිසිය කියයි. 14 May 2019
කුරුණෑගලට - හෙට්ටිපොළට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කුරුණෑගලට සහ හෙට්ටිපොළ යන ප්‍රදේශ වල සිටින පොලිස් නිලධාරීන්ට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පොලිස් මූලස්ථාන විසින් අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 14 May 2019
වයඹ - මිනුවන්ගොඩ ගැටුම් වලට සම්බන්ධ 76 ක් අත්අඩංගුවට වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක සහ ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ නොසන්සුන්කාරී සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් 76 දෙනෙකු අද (14) වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 14 May 2019
වැල්ලම්පිටිය පොලිස්ථානාධිපති සහරාන් කල්ලියට ඇප දීමේ ඇත්ත කතාව කියයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් නවදෙනකුට අලුත්කඩේ අංක දෙක උසාවියේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිස් විරෝධය නොතකා ඇප ලබා දුන් බවටත්, එය නඩු වාර්තාවේ සඳහන් කර නොමැති බවටත් චෝදනා කරමින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාන මහතා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කර ඇත. 14 May 2019
වීසා නැතිව සිටි බංගලාදේශ ජාතිකයෝ 12 ක් අත්අඩංගුවට ව්‍යාජ වීසා උපයෝගී කරගනිමින් මෙරට සපත්තු කම්හලක සේවය කළ බංගලාදේශ ජාතිකයන් 12 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (14) අත්අඩංගුවට ගන්නා ලදී. 14 May 2019
චීනයෙන් කෝටි 260 ක මුල්‍ය පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට චීන රජය එකඟතාව පළ කර ඇත. 14 May 2019
පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට නීතිවිරෝධි ලෙස පුපුරණ ද්‍රව්‍ය ලඟ තබාගත් හම්බන්තොට උඩමලල ප්‍රදේශයේ පුද්ගලයෙක් අද (14) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය කියයි. 14 May 2019
ත්‍රස්තවාදය වැළැක්වීමට ගෙන ආ යුතු නීති පිළිබඳව ශ්‍රීලනිපයෙන් යෝජනා 11ක් ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ගෙන ආ යුතු නීති රීති පිළිබඳ යෝජනා 11ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති මලිත් ජයතිලක මන්ත්‍රීවරයා වෙත අද (14) බාරදී තිබේ. 14 May 2019
මුස්ලිම් ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන කළ අයෙක් අත්අඩංගුවට මොරටුමුල්ල මෝල්පේ ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට මරණීය තර්ජන එල්ල කර වෙළඳ සැල වසා දමන ලෙස තර්ජනය කළ ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි. 14 May 2019
පහරදී ඇත්තේ ආරක්ෂක අංශ සිටියදී මිනුවන්ගොඩ ජුම්මා ප්‍රධාන දේවස්ථානය ඇතුළු කඩසාප්පු වලට කලබලකාරීන් පහරදී ඇත්තේ ආරක්ෂක අංශ රාජකාරීවල නිරතව සිටියදී යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා පැවැසීය. 14 May 2019
සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට පිං පැමිණවීමට ආ පූජකවරයෙකු අත්අඩංගුවට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී බෝම්බය පුපුරවාගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ හිමිකරු මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං පැමිණවීම සඳහා පැමිණි බවට සැකකරන පූජකවරයෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු කොල්ලුපිටියේ පිහිටි බෝම්බකරුගේ බිරිඳගේ නිවසේදී අත් අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 14 May 2019
කාත්තන්කුඩි පල්ලිය අසළ කලපුවෙන් ආයුධ මතුවෙයි මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට කලපුවේ තිබි ටි 56 ගිනි අවියක් ඇතුළු ආයුධ රැසක් අල්ලා ගැනීමට යුද හමුදාව සමත් වී තිබේ. 14 May 2019
දිවයින පුරා ඇඳීරිනීතිය අදත් 9 සිට අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 14 May 2019
‘මිනුවන්ගොඩින් බැස්සේ මාර්ග තදබදය ගැන බලන්න’ මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය දක්වා ගමන් කරද්දී පාරේ පැවැති මාර්ග තදබදය කුමක්දැයි බැලීමට වාහනයෙන් බැස ගිය බවත්, කලබලය පිටුපස තමන් සිටින බව දක්වමින් ඒ අතරතුර ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවිවල පළ කර ඇති බවත් පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා පැවැසීය. 14 May 2019
සියලු ආගම්වලට එක් අමාත්‍යංශයක් අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලති බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආදි වශයෙන් වෙන වෙනම අමාත්‍යාංශ පවත්වාගෙන යනවා වෙනුවට පෙර පැවති ආකාරයට සියලුම ආගම් සඳහා එක් අමාත්‍යාංශයක් පත් කරන ලෙසට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (14) රජයෙන් ඉල්ලීමක් කළහ. 14 May 2019
කොච්චිකඩේ බෝම්බකරුගේ - මව්පියන්ගේ ඩීඑන්ඒ සැසදෙයි කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුආත් නමැත්තාගේ ඩීඑන්ඒ වාර්තා ඔහුගේ දෙමාපියන්ගේ ඩීඑන්ඒ සමඟ සැසදෙන බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ වාර්තාවක් මගින් දැනුම් දී තිබේ. 14 May 2019
තැපැල් ඇමැතිගේ ප්‍රකාශයට පූජාපිටිය ප්‍රා. සබේ විරෝධය මුස්ලිම් පල්ලිවල කඩු සම්බන්ධයෙන් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතා කළ බව කියන ප්‍රකාශයකට පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු අද (14) මාසික මහ සභා රැස්වීමේදී විරෝධතාවයක් දැක්වූහ. 14 May 2019
නාත්තන්ඩියේ සිද්ධියට සම්බන්ධ 18දෙනා රිමාන්ඩ් නාත්තන්ඩිය නගරයේ ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි 18 දෙනා මේ මස 28 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මාරාවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා අද (14 ) නියම කළේය. 14 May 2019
නවසිංහලේ ජාතික සංවිධායක අත්අඩංගුවට නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්යක්ෂ ඩෑන් ප්‍රියසාද් මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 14 May 2019
ලංකාව - චීනය අතර ගිවිසුම් 3කට අත්සන් තැබේ චීන රජය හා ශ්‍රී ලංකාව අතර ඉතා වැදගත් ගිවිසුම් කිහිපයක් සඳහා ජනාධිපතිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(14) අත්සන් තැබීමට නියමිතය. 14 May 2019
එ.ජා කාර්යාලයෙන් නිවේදනයක් ශ්‍රී ලංකාව තුළ එකමුතුව සහ ප්‍රජාවන් අතර විශ්වාසය නැවත ගොඩ නැගීමට කාලය එළැඹ ඇතැයි ද ඒ සඳහා දේශපාලනඥයන්, ආරක්ෂක අංශ සහ ප්‍රජා නායකයන් ඇතුළු සෑම සියලු දෙනාම එක්සත්ව කටයුතු කළ යුතු යැයි ද මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 14 May 2019
වයඹට පැනවූ ඇඳිරිනීතිය 4ට තාවකාලිකව අවසන් වයඹ පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(14) සවස 4.00ට ඉවත්කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය. 14 May 2019
මධ්‍යම පළාතේ සියලු සුරාසැල් වසා දමයි මධ්‍යම පළාතේ සියලුම සුරාසැල් අද (14) සිට තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබේ. 14 May 2019
ඇඳිරිනීතිය කඩ කළ 15 ක් අත්අඩංගුවට පොලිස් ඇඳිරිනීතිය පැවැති අවස්ථාවේදී මාරවිල පොලිස් වසමේ ප්‍රසිද්ධ ස්ථානවල සිටි 15 දෙනෙකු අද (14) දහවල් අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය කියයි. 14 May 2019
ඉන්දියාව කොටි සංවිධානයට පනවා තිබූ තහනම පස් වසරකින් දිගු කරයි එල්.ටී.ටී.ඊ සංවිධානය මත පනවා තිබූ තහනම තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත. 14 May 2019
පොහොට්ටුවේ මන්ත්‍රිනී ප්‍රා. සභාවට කඩුවක් ගෙනෙයි ඉමදුව ප්‍රාදේශීය සභාව අද (14) රැස්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරියක් කඩුවක් ඇතැතිව සභාව ඇමතීමට උත්සාහ කළ අතර එයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියන් තිදෙනා සහ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රි ටී.ජී.අරුණ මහතා දැඩි විරෝධය දැක්වීමෙන් සභාව තුළ උණුසුම් වාතාවරණයක් ඇතිවිය. 14 May 2019
අගමැතිට එරෙහිව සංඝ සම්මේලනයෙන් පැමිණිල්ලක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය වගකීම පැහැර ඇති බව පවසමින් ඒ මහතාට එරෙහිව ජාතික සංඝ සම්මේලනය විසින් අද (14) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 14 May 2019
නාමල්-අමිත් අත්අඩංගුවට දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර සහ මහසොහොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ යන දෙදෙනා වරකාපොල සහ තෙල්දෙණිය ප්‍රදේශයන්හිදී අද ( 14 ) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 14 May 2019
‘තත්ත්වය පාලනය කරන්න උපරිම බලය යොදවනවා’ රටේ ඕනෑම පෙදෙසක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා උපරිම බලය යොදවන බවත්, අවශ්‍ය වුවහොත් හදිසි තත්ත්වය මත ඇති බලතල අනුව වෙඩි තැබීමට වුවද පියවර ගන්නා බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කියයි. 14 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026