IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව රෝහලට ලක්‍ෂ 55 ක උපකරණ පරිත්‍යාග කරයි

(නිමල් ජයරත්න)

වැලිකන්දේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබන සියලුම රෝගීන් වෙනුවෙන් රජය දරන සියලුම වියදම් තමා අද සිට දැරීමේ වගකිම භාර ගන්නා බව අරලිය සමුහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

කොරෝනා වයිරසය බවට තහවුරු වී පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය රුපියල් ලක්‍ෂ 55 ක වියදමකින් යුත් භාණ්ඩ හා උපකරණ පොළොන්නරුව මහ රෝහල වෙත අද  (26) භාර දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත අදාල උපකරණ භාර දීමෙන් අනතුරුව ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

පොළොන්නරුව වැලිකන්ද ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ ප‍්‍රතිකාර ගෙන සුවය ලබා නිවෙස්කරා යන අවසන් රෝගියා දක්වාම යන සියලු වියදම් තමන් දරනා බවත් ඒ මහතා පැවසීය.

මෙහිදි පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළේ රටත් රටේ ජනතාවත් පත්ව ඇති ජාතික උවදුරකදි ඔවුන් වෙනුවෙන් සහන ලබා දීමට සහ අවශ්‍ය උපකාර ඩඩ්ලි සිරිසේන මහතා සිදුකළ මෙම පරිත්‍යාගය ව්‍යාපාරිකයන්ට පුර්වාදර්ශයක් බවයි.

 



අදහස් (12)

ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව රෝහලට ලක්‍ෂ 55 ක උපකරණ පරිත්‍යාග කරයි

මොඩ් ගොවියා Thursday, 26 March 2020 12:35 PM

සහල් මාෆියාවෙන් මොනතරම් ගසා කෑවද? කොහොම දෙන්න බැරිද?.

:       80       215

අභීත එදිරිසිංහ Thursday, 26 March 2020 12:41 PM

මෙතුමා නම් උතුම් බෝධිසත්වයන් කෙනෙක්. තෙරුවන් සරණයි ඔබතුමාට.

:       255       104

BamunuarachchiThursday, 26 March 2020 01:26 PM

ඇලඩින්ගේ පුදුම පහනින් ලැබුනා නොවෙයිනේ. රටේ ජනතාවගේ අනුග්‍රහය ලැබුනා නේද? එහෙමනම් ඩඩ්ලි සිරිසේන ජනතාවගේ අනුග්‍රහය ඇතිව පොළොන්නරුව රෝහලට ලක්‍ෂ 55 ක උපකරණ පරිත්‍යාග කරයි කියලා කියන්න. මාධ්‍යයේ කොහොම ලියවුනත් දෙවියන්ගේ පොතේ නියම විදිහට ලියවිලා ඇති. අනික් ලක්ෂ 55 කියන්නේ මහා ගණනක්ද?

:       1       77

චමින්දFriday, 27 March 2020 02:01 AM

බමුණු ආරච්චි මහත්මයා හරියටම හරි.

:       1       0

MalliThursday, 26 March 2020 01:42 PM

ලැජ්ජයි හලෝ දුප්පත් මිනිසුන්ගේ බඩට ගහලා ලක්ෂ 55 දුන්නට තමුන්ගේ පව් හෙදෙන්නේ නැහැ... මේ යෝධයා හරියට කෝටි ගානක් දෙනවා වගේනේ ඉන්නේ...

:       1       23

Hassanda Thursday, 26 March 2020 12:57 PM

හාල් මාෆියා ගාපු කප්පන් එලියට දැම්මා....

:       109       152

Nandalal DE SILVA - France Thursday, 26 March 2020 01:40 PM

ඕක මොකද්ද? එයාට නම් ඕක සිල්ලර කාසි ටිකක් වගේ ඇති ! අඬබෙර ගහල, කැමරා ඉස්සර ඉඳගෙන දානපතියෙක් වගේ දෙන දේවල් පිටුපස තිබෙන්නේ අසරණ ජනතාවගේ දාඩිය මහන්සියෙන් උපයා ගෙන ගෝනි ගණන් පුරවපු රුපියල් නොවේද කියා එයාට තේරෙන දිනයකුත් එනවා ඇත !

:       1       75

BamunuarachchiThursday, 26 March 2020 03:55 PM

එයාට තේරෙන්න?...! මරණ මන්චකයෙදීවත් මතක් වෙන එකක් නැහැ.

:       0       0

jayath Thursday, 26 March 2020 03:00 PM

මෙයත් අර අනිත් කෙනා වගේම තමයි බයිලා ඔස්තාඩ් . මරු ඩබල . හැබැයි ඔය කරපු දේවල් මේකෙන් අරින්න බැහැ

:       0       0

විජේ Thursday, 26 March 2020 03:53 PM

ඉතාමත් වටින වැඩක් මහත්තයො, පිං. ඒත් ඉතින් මේකෙ තියන කමෙන්ට් බැලුවහමනං ඔබතුමාලට පිං චුට්ටක් ගන්න තව සෑහෙන්න වියදම් කරන්න වෙනවා. පුදුම හම්බකිරිල්ලක් කියනවනෙ පහුගිය ටිකේ හම්බකරල තියෙන්නෙ. අනේ මන්ද ඉතිං, ඔබතුමාගෙ ගෙදර ලයිට් බිලටම යනව ඇති ලක්ශ 55ට වඩා මගෙ හිතේ. ඔන්න ඔහෙ මිනිස්සු කොරවෙලා යන්ඩත් එක්ක දෙන්ඩකො ලොක්ක ටිකක් දැනෙන ගානක්.

:       1       89

assanga Friday, 27 March 2020 02:02 AM

මෙය අනෙකුත් කට්ටියටත් හොඳ ආදර්ශයක්.

:       0       1

Prasanna jayasekara Friday, 27 March 2020 04:30 AM

සර්, ඔබගේ පරිත්‍යාගයන් ඉතා අගය කරනවා...

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31414 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13682 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site