පාසල් සිසුවෙක් සැකකටයුතු ලෙස මියයයි මව සහ පියා නිවසින් බැහැරව සිටි අතරතුර දී නිවසේ රැඳී සිටි 13හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ මිය යාමේ පුවතක් කටුවන වල්ගම්මුල්ල පුවක්ගස් ආර ප්‍රදේශයන් වාර්තා වේ. 19 October 2019
නිල තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාල මගින් වෙන්කරයි ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන මගින් අයදුම් කල තැපැල් ඡන්ද පත්‍රිකා අද (19) අලුයම තැපැල් කාර්යාල වෙත ලැබී ඇත. 19 October 2019
දිස්ත්‍රික්ක 4 කට නාය යෑමේ අවදානමක් දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 18 October 2019
යුද්ධය වෙනුවෙන් ගෝඨාභය තමන්ට උපදෙස් නොදුන් බව ෆොන්සේකා කියයි ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක යුද බිමට නොගිය බවත් ඔහු කිසිදිනක තමන්ට යුද්ධය වෙනුවෙන් උපදෙස් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. 18 October 2019
ඉසුර ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ. 18 October 2019
නෙදර්ලන්ත විදේශ ඇමැති දිවයිනට නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙපාන් ඒබ්‍රහම් බ්ලොක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද (18) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 18 October 2019
මැතිවරණ පැමිණිලි 24 කට 11 ක් අත්අඩංගුවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි හා මැතිවරණ උල්ලංඝණය කිරීම වලට අදාළව පැමිණිලි 24 ක් වෙනුවෙන් ප්‍රාදේශීය සභා මන්ති‍්‍රවරුන් දෙදෙනකු, හා හිටපු ප්‍රාදේශීය සභා මන්ති‍්‍රවරයකු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 18 October 2019
අයුතු ක්‍රියාවකින් මියයාමකට අලාභ ගන්න නව පනත් කෙටුම්පතක් කිසියම් පුද්ගලයකුගේ අයුතු ක්‍රියාවක් හෝ අතපසු වීමක් වැනි කරුණු හේතුවෙන් තවත් පුද්ගලයකුගේ මරණය සිදුවුවහොත් මියගිය පුද්ගලයාගේ යැපෙන්නන්ට අලාභ අයකර ගැනීම සඳහා නීති ඇතුළත් නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට රජය පියවර ගෙන තිබේ. 18 October 2019
‘දෙමළ සන්ධාන යෝජනා වලට කිසිම අපේක්ෂකයෙක්ට එකඟ වෙන්න බෑ’ දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනා සඳහා රටේ ව්‍යවස්ථාවට ගරු කරන කිසිවෙකුටත් එකඟ විය නොහැකි බැවින් කිසිඳු ජනාධිපති අපේක්ෂකයකුට එය පිළිගත නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. 18 October 2019
ජල සම්පාදන සාමාන්‍යාධිකාරීට දුන් සේවා දිගුව ගැන කොමිසමට පැමිණිල්ලක් ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාට හදිසියේ වසරක සේවා දිගුවක් ලබාදී මැතිවරණ නීති - රීති උල්ලංඝණය කළ බව සඳහන් කරමින් එම මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ. 18 October 2019
පුත්තලම-මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව නවත්වයි කලාඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු නවත්වා ඇතැයි පුත්තලම ආපදා කළමණාකරන ඒකකය කියයි. 18 October 2019
මැතිවරණ නඩු විභාගයට විශේෂ අධිකරණයක් ඉල්ලයි මැතිවරණ ආශ්‍රීත නඩු විභාග කිරිම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම අවශ්‍ය බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය යෝජනා කරයි. 18 October 2019
මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා ඇතුළු 6 දෙනාට ඇප අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත මුදා හැරීමට වවුනියාව මහේස්ත්‍රාත් අද (18) නියෝග කළේය. 18 October 2019
ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය තායි කතුන් තිදෙනකු අත්අඩංගුවට අන්තර් ජාලයෙන් දැන්වීම් පලකර ඒ ඔස්සේ ඇනවුම් ලබාගනිමින් මෝටර් රථ උපයෝගි කරගෙන ජංගම ගණිකා නිවාස පවත්වාගෙන යන තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුලූ තිදෙනකු අද (18) අලූයම වැල්ලවත්ත දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 18 October 2019
ළිදේ සිරවී සිටි තිදෙනාගෙන් අයෙක් මිය යයි කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ ගැඹුරු ළිඳක සිරවී සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් එක් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිගොස් ඇති බව පොලීසිය කියයි. 18 October 2019
කෝටි 30 ක හෙරොයින් සමඟ තිදෙනකු දිවුලපිටියේදී අත්අඩංගුවට දිවුලපිටිය, උල්ඇළපල , මිල්කාසිවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබී කිලෝ 30 කට අධික හෙරෙයින් ප්‍රමාණයක් සමඟ තිදෙනකු අද ( 18) දිවුලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 18 October 2019
මංජු ශ්‍රී අරංගල සමුගනී බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප්‍රධාන සංවිධායක මංජු ශී‍්‍ර අරංගල මහතා (63) අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. 18 October 2019
වැඩිහිටි කාර්යාල අධ්යක්ෂ ඉවත් කිරීම මැතිවරණ කොමිසමෙන් නවත්වයි වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ සමන් උඩවත්ත මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති නම් එය වහාම නතර කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියට මැතිවරණ කොමිසම ඊයේ (17) නියෝග කර ඇත. 18 October 2019
ළිදේ සිර වූ තිදෙනා ගොඩ ගනිති කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ අඩි 50 ක් පමණ ගැඹුරු ළිඳක සිරවී සිටි පුද්ගලයින් තිදෙනකු පැය දෙකක පමණ කාලයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් යොදෙ ගොඩ ගෙන රෝහල් ගත කළ බව කන්දකැටිය පොලීසිය පවසයි. 18 October 2019
එජාපයේ ප්‍රබලයෙක් ගෝඨාභයගේ සහයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම සඳහා අද (18) හෝ හෙට(19) එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. 18 October 2019
කොස්ලන්ද මහ කන්ද නාය යාමේ අවදානමක - පවුල් 23 ක් ඉවත් කරයි පවතින අධික වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් අද (17) රාත්‍රී කොස්ලන්ද මහකන්ද ග්‍රාම නිලධාරී වසමේ පවුල් 23 ක් ඉවත්කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 17 October 2019
වාහන මිලදී ගැනීම් - නව ව්‍යාපෘති ආරම්භ කිරීම් නතර කෙරේ රාජ්‍ය ආයතනවලට වාහන මිලදී ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමටත් මේ වසරේ ඉදිරි මාස දෙක තුළ අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීම නතර කිරීමට සහ අත්‍යාවශ්‍ය නොවන කාර්යාල උපකරණ ආදීය මිලදී ගැනීම ලබන වසර තෙක් කල්දැමීමටත් මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. 17 October 2019
ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අත්අඩංගුවට තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 55 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාලව ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 17 October 2019
නිශ්ශංක සේනාධිපති රිමාන්ඩ් ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබා ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘‘ඇවන්ට් ගාඩ්‘‘සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන නොවැම්බර් මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) නියම කළේය. 17 October 2019
මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ හෙරොයින් කිලෝ 65 ක් අල්ලයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලින් හොරොයින් කිලෝ 67 යි ග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවන් 4322 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි. 17 October 2019
ජනපති අපේක්ෂක සජිත්ට මාධ්‍ය ප්‍රකාශකවරු තිදෙනෙක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර යන මහත්වරුන් පත් කර තිබේ. 17 October 2019
රට බෙදන ඉල්ලීම් 13 කට වරදරාජා පෙරුමාල්ගෙන් තල්ලුවක් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ස්වයං නිර්ණ අයිතිය ඇතුළු ඉල්ලීම් 13 කට බලකරමින් අත්සන් කළ ගිවිසුම පිළිගත හැකි එකම ජනාධිපති අපේක්ෂකයා එම්.කේ.සිවාජිලිංගම් යැයි උතුරු නැගෙනහිර ප්‍රථම ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්රජාතන්ත්ර පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් මහතා අද(17) සදහන් කළේය. 17 October 2019
වෙල්ගම ඉල්ලා මතුගම සත්‍යග්‍රහයක් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී මෙවර ජනාධිපතිවරණයට සහයෝගය දක්වන ලෙස ඉල්ලා භික්ෂුන්වහන්සේලා දෙනමක් සහ තවත් ආධාරකරුවෝ තිදෙනෙක් අද(17) මතුගම නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. 17 October 2019
පානදුර වැල්ලේ සැඟවූ කෝටියක හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට පානදුර නල්ලුරුව මුහුදු වෙරළේ වැල්ලේ සඟවා තිබූ රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්කුඩු සමග නීතිවිරෝධී ව මත්පැන් ජාවාරම්කරන පුද්ගලයකු අද(17) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 17 October 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026