සෙනසුරාදා දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 212,326 දෙනකු හඳුනාගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසුව පැය 24ක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන එය යැයි ද පැවසේ.
එහිදි වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව යන රටවලිනි. මීට පෙර දිනක් ඇතුළත වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ජූනි 28 වැනිදා ය. එම ගණන 189,077ක් විය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ගෝලීය වසංගතය මේ වනවිට රටවල් 220කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් ඇත.
දිනකට වාර්තා වන නව කොරෝනා වයිරසය ආසාදිත මරණ ගණන තවමත් 5,000 අගයේ පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.
ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සිකුරාදා (5) මිලියන 11 ඉක්මවා ගියේ.ය වයිරසය හේතුවෙන් මේ වනවිට,මාස හතක් ඇතුළත ලක්ෂ හයකට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී ඇත.
රොයිටර්
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් දෙලක්ෂයක්