රටපුරා සේවයේ කරන චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් කොළඹ නගරයේ සහ රටපුරා ස්ථාන රැසක මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. 28 January 2020
බදුල්ලේ වෛද්‍යවරු නළල රැළි නංවති චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු කරන්නේද යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි බව බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (28) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 28 January 2020
චීන කත සැරිසැරූ තැන් ගැන තොරතුරු හෙළිවෙයි නව කොරෝනා වෛරසය ආසාධනය වී අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබන චීන කාන්තාව දින හයක කාලයක් මෙරට විවිධ ප්‍රදේශවල සංචාරය කර ප්‍රධාන පෙලේ හෝටල් පහක නවාතැන්ගෙන ඇති බවට මේ වනවිට අණාවරණය කරගෙන ඇතැයි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි. 28 January 2020
අපේක්ෂා රෝහලට රෝගීන් බලන්න පැමිණෙන අමුත්තන් ගණන සීමා කරන්න මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කරන ලෙසට එම රෝගීන්ගේ ඥාතීන්ගෙන් රෝහල් අධ්යක්ෂ විශේෂ්‍ය වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඉල්ලීමක් කරයි. 28 January 2020
චීන කත සිටි හෝටලයේ කාන්තාවක් අයි.ඩී.එච් රෝහලට ශ්වසන අපහසුතායක් හේතුවෙන් බලපිටිය රෝහලට අද (28) සවස ඇතුළත් කළ කාන්තාවක් කොළඹ අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවූ බව බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පී.එච් වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය. 28 January 2020
බම්බලපිටියේ ආයතනයකින් ලක්ෂ 10 ක් සොරාගත් සැකකරු අත්අඩංගුවට බම්බලපිටියේ පෞද්ගලික ආයතනයක කළමනාකරුගේ කාර්යාලයේ මේස ලාච්චුවේ දමා තිබූ රුපියල් ලක්ෂ 10 ක දේශීය සහ විදේශීය මුදල් සොරා ගත් පුද්ගලයා වව්නියාවේදී අද (28) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කීය. 28 January 2020
දික්කසාද නීතිය ප්‍රතිසංස්කරණයට රජය සැරසෙයි දික්කසාද සම්බන්ධ නඩු විභාග කිරීමේදි වඩාත් ලිහිල් ක්‍රමවේදයන් අනුගමනය කරමින් අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. 28 January 2020
කොළඹ ඇතුළු නගර කිහිපයක වායුගෝලීය දූලි අංශු ඉහළට කොළඹ නගරය ඇතුළු නගර කිහිපයක වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය මේ දිනවල යළිත් ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 28 January 2020
ලක්ෂ 10ක වල්ලපට්ටා රට පටවන්න හැදූ දෙදෙනෙකු දැලේ විදේශ රටකට නීතිවිරෝධී ලෙස රැගෙනයාම සඳහා සූදානම්කර තිබූ රුපියල් 1,000,000ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ 72 සමඟ දෙදෙනෙකු මන්නාරම, අඩම්පන්, සන්නා ප්‍රදේශයේදී අද(28) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි. 28 January 2020
ජනපති කොමිසමට නීතීපතිගෙන් ලිපියක් නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ. 28 January 2020
විග්නේෂ්වරන් ඇතුළු 4ට එරෙහි පැමිණිල්ල විභාගයට දින නියමවෙයි අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල ලබන මැයි 18 , 19 සහ 20 යන තෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය (28) දින නියම කළේය. 28 January 2020
විදුලි රැහැන නඩත්තු කරමින් සිටි කාර්මිකයා ලොරියේ ගැටී මරුට බෙලිඅත්ත ගල්වැව ප්‍රදේශයේ අපරීක්ෂාරී අන්දමින් පැමිණි ලොරි රථයක් නඩත්තු කරමින් තිබූ විදුලි රැහැනක පැටලීම හේතුවෙන්, ඉණිමගෙහි සිටි විදුලි කාර්මිකයෙකු බිම ඇද වැටී අද(28) මිය ගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 28 January 2020
‘වූහාන් හි සිසුන් 30 දෙනා ගෙන්වා ගැනීමට නොහැකියි’ කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයට ඇතුලූවීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන බැවින් එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබෙන බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (28) පැවසීය. 28 January 2020
කොරෝනා වෛරසය වැළඳුණ චීන කත සිටි හෝටල් පරීක්ෂාවට නව කොරෝනා වෛරසය වැළඳුණ චීන ජාතික කාන්තාව රැඳි සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ හෝටල් ඇතුළු අනෙකුත් ස්ථාන පිළිබඳව සොයා බැලිමට පියවර ගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ චන්දිම සිරිතුංග මහතා අද(28) පැවසිය. 28 January 2020
චීනයේ ලාංකික සිසු සිසුවියන් ලංකාවට ගෙන්වන්න සහන දෙන්නැයි ඉල්ලීමක් චීනයේ වූහාන් නගරයේ සිට පැතිරෙමින් පවතින නව කොරොනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් යළි දිවයිනට ගෙන්වා ගැනීම සදහා 100% නොමිලේ සහන ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(28) පැවසුවාය. 28 January 2020
“ලංකාවේ සතුන්ගෙන් ‘කොරෝනා’ බෝවෙන්නේ නෑ’’ චීනයේ කොරෝනා වෛරසය මුල් වරට සතුන්ගෙන් පැතිර ගියද ඉන් පසුව පැතිර ඇත්තේ මිනිසාගෙන් මිනිසාට බවත්, ලංකාවේ සතුන්ගෙන් මෙම වෛරසය බෝවීමට කිසිදු ඉඩක් නොමැති බවත් මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී. රාජනායක මහත්මිය සඳහන් කළාය. 28 January 2020
මුඛ ආවරණ මිල ඉහළ යයි රට පුරා ඔසුසල්වල සහ වෙළඳසැල්වල මුඛ හා නාස ආවරණ මිලදී ගැනීමට නොමැති බවත් ඒවා වැඩි මිල ගණන් යටතේ අලෙවි කරන බව ජනතාව පෙන්වා දෙති. 28 January 2020
‘කොරෝනා පාලනය කරන්න බැරිවුවහොත් කතෝලික පාසල් වහනවා’ කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. 28 January 2020
හිමිකරුවන් නැති හැඳුනුම්පත්-රියදුරු බලපත් ගැන චක්‍රලේඛයක් හිමිකරුවන් නොමැති ජාතික හැඳුනුම්පත් හා රියදුරු බලපත් ඇතුළු වෙනත් හැඳුනුම්පත් තැපැල් කාර්යාලවලින් බාහිර පුද්ගලයන් වෙත බාරදීම තහනම් කිරීමේ චක්‍රලේඛයක් තැපැල් මූලස්ථානය නිකුත් කර තිබේ. 28 January 2020
මත්ද්‍රව්‍ය-මිනිස් ජාවාරම් මැඩලීමට පකිස්ථානයෙන් සහය මෙරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට සහ මිනිස් ජාවාරම් මැඩලීම සඳහා පාකිස්ථානය ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට පොරොන්දු වු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 28 January 2020
රස්නායකපුර ඕඅයිසීගේ අභියාචන පෙත්සම 31 දා කැඳවයි රස්නායකපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අභියාචනාධිකරණයට ගොනු කළ අභියාචන පෙත්සම ජනවාරි 31 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 28 January 2020
චීනයෙන් එන සිසුන් දියතලාව කඳවුරට චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් සති දෙකක කාලයක් දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තබන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 28 January 2020
කොරෝනා ආසාධිතයින් බවට සැක කරන්නන් රැඳවීමට රෝහල් 11 නව කොරෝනා වෛරසය ආසාධිතයින් බවට සැකකරන්නන් රැඳවීමට තව රෝහල් 11ක් නම් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 28 January 2020
බස්-වෑන් අනතුරකින් 16 ක් රෝහලේ වැලිකන්ද ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි. 28 January 2020
චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුහු 204 ක් යළි පැමිණෙති කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ගතවු දෙදින චීනයේ රැදි සිටින ශ්‍රී ලාංකික සිසුන් 204 දෙනෙකු යළි මෙරටට පැමිණි බව විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි. 28 January 2020
රන්ජන්ගේ පැහැදිලි හඬපටය රස පරීක්ෂකට තාම ලැබී නෑ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬ සසැඳීම සඳහා අවශ්‍ය කෙරෙන හඬපටය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඊයේ (27) වනතුරුත් ලැබී නොතිබිණ. 28 January 2020
කොරෝනා 106ක් බිලිගනී - 4000කට ආසාධිතයි නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමෙන් මේවනවිට චීනයේ වූහාන් නගරය ඇතුළු ලොව පුරා පුද්ගලයන් 4,000ක් පමණ ආසාධිත තත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. 28 January 2020
හැටන් දික්ඔය නගර සභාවේ තානායම ගිනිගනී හැටන් දික්ඔය නගර සභාව සතු තානායම අද(28) අලුයම හටගත් ගින්නකින් විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය. 28 January 2020
කටුනායක පර්යන්තයට අමුත්තන් ඇතුළුකරගැනීම නවතයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අද(28) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු අත් හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබේ. 28 January 2020
හිටපු යුද හමුදාපති විදේශ ගතවීමෙන් පරීක්ෂණ අතරමග පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගෙන සිටි ත්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති පරීක්ෂණයට විශ්‍රාමික හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා විදේශගත වී සිටීම හේතුවෙන් බාධා එල්ලවී ඇතැයි පොලිසිය කියයි. 27 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026