ස්විස් පූජකයාගේ දේවමෙහෙයට පැමිණි 40 ක් හඳුනාගනී-10 ක් රෝහල්වල ස්විස්ටර්ලන්තයේ කොරෝනා වැළඳුනු පූජකවරයකු විසින් යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පැවත්වූ පූජාවට සහභාගී වූවන්ගෙන් 40 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර තවත් 10 දෙනෙකු යාපනය හා වව්නියාවේ රෝහල් වෙතට ඇතුලත් වී ඇති බවට ආරක්ෂක අංශ පවසයි. 22 March 2020
ආර්ථික මධ්‍යස්ථාන හෙට විවෘතයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට (23) අලුයම 4.00 සිට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (22) පැවසීය. 22 March 2020
කොලොම්බියාවේ ජනතාවත් දින 19 ක් නිවෙස්වල කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් කොලොම්බියාවේ ජනතාවට දින 19 කාලයක් සිය නිවෙස් තුළ රැදී සිටින ලෙස එරට රජය දැනුම්දී ඇත. 22 March 2020
ඇමෙරිකා උප ජනපති කාර්ය මණ්ඩලයේ අයෙකුටත් කොරෝනා ඇමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යය මණ්ඩල සාමාජිකයකු හට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට එන්.බී.සී පුවත් සේවය වාර්තා කළේය. 22 March 2020
වැඩිහිටි දීමනා ගෙදරටම වැඩිහිටියන් හා රෝගී සඳහා තැපැල් කාර්යාලවලින් මෙතෙක් නිකුත් කරන ලද වැඩිහිටි දීමනා හා රෝගාබාධ දීමනා ග්‍රාමසේවා නිලධාරින් මාර්ගයෙන් එකී වැඩිහිටියන්ගේ නිවෙස්වලටම ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. 22 March 2020
මැතිවරණය පැත්තකින් තියා කෝවිඩ් 19 පරදවන්න මැතිවරණය සඳහා දිනයක් තීරණනය කරනතුරු අපේක්ෂකයන්ගේ මනාප අංක ලබා නොදෙන බවත් පක්ෂ සහ අපේක්ෂකයන් සියලුම ආකාරයේ ප්රචාරක කටයුතු නවතා කොවිඩ් - 19 සතුරා පැරදවීම සඳහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 22 March 2020
පාන් -බනිස් රැගෙන ගෙදරටම එති බේකිරි අශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළෙඳුන් සඳහා නිවසටම ගොස් පාරිභෝගියින්ට බෙිකිරි නිෂ්පාදන අලෙවි කිරීමට දැඩි කොන්දේසි මත අවසර ලබා දී තිබේ. 22 March 2020
බ්‍රිතාන්‍යයේ කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට බ්‍රිතාන්‍යයේ කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට 22 March 2020
රෝහල් අධ්යක්ෂවරු 24ක් කොළඹට කැඳවති දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වයිරසය මර්දනය කිරීමට සෘජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්යක්ෂවරු 24 දෙනෙකු සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹට කැඳවා තිබේ. 22 March 2020
ඉන්දියාවේ පැය 14 ක ඇඳිරි නීතියක් ජනතා ඇඳිරි නීතියක් හෙවත් ස්වයංව ඇඳිරි නීතිය ආරක්ෂා කරන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනතාවගෙන් කළ ඉල්ලීම අනුව අද පෙරවරු 7.00 සිට රාත්‍රී 9.00 දක්වා එය ක්‍රියාවට නැංවේ. 22 March 2020
සියලුම මගීන්ට ශ්‍රී ලංකාවේ දොරටු වැසේ සියලු මගී ගුවන් යානා සහ මගී නෞකා ශ්‍රී ලංකාවට පැමිණිම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. 22 March 2020
ලොව පුරා ලක්ෂ 3කට කොරෝනා - ඉතාලියේ තත්ත්වය බරපතළයි කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් මේ වනවිට ලොව පුරා පුද්ගලයන් 300,000ක් පමණ ආසාදිතයන් බවට පත්ව ඇත. අද (22 - ඉරිදා) ග්‍රිනිජ් වේලාවෙන් පෙරවරු 6.00 (ශ්‍රී ලංකාවේ වේලාව දහවල් 11.30) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පිරිස 13,069 කි. 22 March 2020
විදුලි බිල ගෙවන්න මාර්තු 31 තෙක් කල් දෙයි මේ මාසයට නියමිත විදුලි බිල ගෙවීම සඳහා මාර්තු 31 දක්වා පාරිභෝගිකයින්ට කල් ලබා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. 22 March 2020
සමූපකාර අලෙවිසැල්වලට හිඟයක් නැතිව භාණ්ඩ සපයයි කිසිදු හිඟයක් නැතිව ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ සමුපකාර අලෙවි සැල්වෙත බෙදා දෙමින් සිටින බව සමූපකාර සංවර්ධන කොමසාරිස් සුමින්ද එස් සිංගප්පුලි මහතා ලංකාදීපයට පැවැසීය. 22 March 2020
ඉන්දියාවේ කොරෝනා මරණ 6 දක්වා ඉහළට කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ අද වනවිට පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. 22 March 2020
කරාපිටිය රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් තාවකාලිකව නවතී කොරෝනා වයිරසය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් තාවකාලිකව නතර කිරිමට පියවරගෙන ඇති බව එම ඒකකයේ ප්‍රධානි වකුගඩු හා නහර බද්ධ කිරිම පිළිබද විශේෂඥ වෛද්‍ය රංජුක උඹේසිරි මහතා පවසයි. 22 March 2020
කෝටි දෙකක කේරළ ගංජා තලෙයිමන්නාරම මුහුදු තීරයෙන් හමුවෙයි රුපියල් කෝටි 2 කට අධික කේරල ගංජා කිලෝ 147 ක් තලෙයි මන්නාරම් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් බවට නාවික හමුදාව පවසයි. 22 March 2020
නුවරඑළියේ වසන්ත සැණකෙළිය අවලංගු කෙරේ නුවරඑළියේ වාර්ෂික වසන්ත උත්සව සැණකෙළිය නොපැවැත්වීමට තීරණය කර තිබේ. 22 March 2020
එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය එල් සැල්වදෝර් රාජ්‍යයට දින 30 ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා ඇත. 22 March 2020
සාපෙළ විභාග ප්‍රතිඵල ප්රමාදවෙයි මාර්තු අවසන් සතියේ නිකුත්වීමට නියමිතව තිබු 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුව කියයි. 22 March 2020
කොරෝනා යැයි සැක කුරුණෑගල රෝහලේ 20 දෙනාගෙන් 16ක් ආසාදිතයින් නොවේ කොරෝනා වයිරසය ආසාදිතයන් බවට සැකකරන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 20 දෙනාගෙන් 16 දෙනෙකුම කොරෝනා ආසාදිතයන් නොවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වීමෙන් පසුව සුවය ලැබ මේවනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය . 22 March 2020
දඹදිව ගිය වන්දනාකරුවෝ 49 ක් එති තවත් ශ්‍රී ලාංකික දඹදිව වන්දනාකරුවන් පිරිසක් ඉන්දියාවේ සිට අද (22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 22 March 2020
දියතලාව මූලික රෝහලට ප්‍රතිකාර ගන්න ආ 19 ක් ස්වයං නිරෝධායනයට දියතලාව මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් මාර්තු 18 දින පෙරවරු 9.00 හා 11.30 අතර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි 19 දෙනෙකු හඳුනාගත් බවත් ඔවුහු සිය නිවෙස් වලම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බවත් හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා පැවසීය. 22 March 2020
බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් තුවාල ලත් 6 ක් රෝහලේ අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ රැඳවියන් 6 දෙනා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් , මිය ගිය රැඳවියන් දෙදෙනාගේ සිරුරු රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 22 March 2020
හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පති අනිවාර්ය විශ්‍රාම යවයි : ගුරුවරු 4 දෙනාගේ වැඩ තහනම් අධ්‍යාපන චාරිකාවක් අතරවාරයේදී ත්‍රීකුණාමලය ගෝමරංකඩවල වැවෙහි දිය නෑමට ගිය සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල විද්‍යා විද්‍යාලයේ ගුරුවරුන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙන බව ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නීතිඥ රාජා කොල්ලුරේ මහතා පැවසීය. 22 March 2020
විදේශිකයන් 18 ක් ගාලු වරාය පොලිස් බල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට විවිධ රටවලින් මෙරට සංචාරය කිරිම සදහා පැමිණි විදේශිකයින් 18 දෙනෙකු ගාලු වරාය පොලිස් බල ප්‍රදේශය තුලදි ස්වයං නිරෝධායනයට ලක්කර ඇතිබව ගාල්ල වරාය පොලිසිය පවසයි. 22 March 2020
අනුරාධපුරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවූවේ යැයි කීම අසත්‍යක් අනුරාධපුරයෙන් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇතැයි පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසයි. 22 March 2020
ඇඳිරි නීතිය කඩ කළ 338 ක් අත්අඩංගුවට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබිය දි එය කඩ කළ පුද්ගලයන් 338දෙනකු අද (22) පෙරවරුව වනවිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සේනාරත්න මහතා පැවසී ය. 22 March 2020
වවුනියාවේ සිවිල් ආරක්ෂක බලකාය ලේ දන්දෙයි රට පුරා පවතින තත්වය හමුවේ රුධිරය ප්රදානය කිරීමේ වැඩසටහනක් වවුනියාව සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් විසින් ආරම්භ කර තිබේ. 22 March 2020
ජර්මනියෙන් යූරෝ බිලියන 150ක පරිපූරක ඇස්තමේන්තුවක් කොරෝනා ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම පාලනය කරගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ යූරෝ බිලියන 150 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බව ජර්මනියේ මුදල් අමාත්‍ය ඔලාෆ් ස්කොල්ස් මහතා පැවැසීය. 22 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026