බලංගොඩ රෝහලේ පිරිමි ශල්‍ය වාට්ටුව හා එක්ස් කිරණ අංශය විවෘතවෙයි බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙමින් බලන්ගොඩ රෝහල් ගත වූ කුරුවිට බන්ධනාගාර සේවකයාට කෝවිඩ් ආසාදනය වී නොමැති බවට පී.සී.ආර්. පරීක්ෂණ තහවුරු වීමත් සමගම බලංගොඩ මූලික රෝහලේ පිරිමි ශල්‍ය වාට්ටුව සහ එක්ස් කිරණ අංශය විවෘත කළ බව එම රෝහල් ආරංචි ප්‍රකාශ කරයි. 14 November 2020
උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් අල්ලන්නට යළි අවසර කොරෝනා වසංගතය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් තහනම් කෙරුණු උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා ලබන සඳුදා සිට නැවත අවසර ලබා දීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ලංකාදීපයට පැවසීය. 14 November 2020
පෑලියගොඩ කොරොනා පොකුරේ තවත් 214ක් පෑලියගොඩ කෝවිඩ් පොකුරේ ආශ්‍රිතයන්ගෙන් අද (14) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 214කි. මේ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 12909 කි. 14 November 2020
බූස්සේ රැඳවියන් 44කට කොරෝනා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ F වාට්ටුවේ රදවා සිටි රැඳවියන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි 14 November 2020
අන්තර්ජාලයේ අසත්‍ය පුවත් පළකළ අයෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් මහමග කොරෝනා වෛරසය ආසාධිත වී මියගොස් ඇති බවට ඡායාරූප සමඟ අන්තර්ජාලයේ පළ කළ පුද්ගලයකු අද (14) කඩුගන්නාව හේන වල එගොඩවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 14 November 2020
ගතවූ පැය 24 දී ලොව කොරෝනා මරණ 11000 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවලට අනුව අවසන් පැය 24 දී ගෝලීයව නව කොරෝනා වයිරස ආසාදිතයන් 666,000ක් හඳුනාගෙන ඇති අතර අවසන් පැය 24 දී ලොව නන්දෙසින් වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 11,617කි. 14 November 2020
ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙරටදීම ප්රතිචක්රීයකරණය කිරීමේ යෝජනාවක් අපනයනය කෙරෙන විද්‍යුත් හා ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (E- Waste) අපනයනය කරනු වෙනුවට ඒවායේ වටිනා ලෝහ කොටස් ඉවත් කර ගැනීම සඳහා මෙරට දීම ප්රතිචක්රීයකරණයට වැඩ පිලිවෙළක් සැකසීමට තීරණය කළ බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 14 November 2020
ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදෙකලා කරයි පෑලියගොඩ මාලු වෙළඳ පොලේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ සංචරණයට ලක්වු ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී පුද්ගලයින් 6 දෙනෙකුට කොරෝනා ආසාධිත වී ඇති බවට තහවුරුවීම නිසා එම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 4ක් අද (14) සිට හුදකලා කිරීමට තිරණය කල බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.එච්.එන්. සුදසිංහ මහතා පවසයි. 14 November 2020
කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය වසාදමයි කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් 19 වයිරසය වැළඳී තිබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය හා වයඹ පළාත් නියෝජිත තැපැල් අධිකාරි කාර්යාලය වසා දමනු ලැබ ඇත. 14 November 2020
කාෂ්මීරයේ ඉන්දු - පාකිස්ථාන ගැටුම් වලින් 15 ක් මරුට උතුරු කාෂ්මීරයේ ඉන්දියානු හා පකිස්ථාන හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් 15 දෙනකු පමණ මියගොස් 27 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 13 November 2020
අද දිනයට කොරෝනා ආසාදිතයන් 468 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (13) පස්වරු 22.00 වනවිට තවත් ආසාදිතයන් 270 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 468 ක් දක්වා ඉහළ ගියේය. 13 November 2020
ගම්පහ නාගරික මන්ත්‍රී පවුලේ හතරකටත් කොරෝනා කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී, මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කොට සිටින ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු තුනක දරුවා ඇතුළු පවුලේ සිව් දෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කරයි. 13 November 2020
මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරට තවත් 198 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(13) ආසාදිතයන් 198දෙනෙකු එකතු වී තිබේ. 13 November 2020
අද දිනට කොරෝනා මරණ 5 ක් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අද (13) දින පුද්ගලයින් 5දෙනෙකු මිය ගොස් ඇති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික කියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. 13 November 2020
විශේෂඥ කමිටුවේ වාර්තාව අනුව භූමිදානය ගැන තීන්දුව ගන්නවා විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනූව භූමිදානය පිළිබදව තීන්දුව ගනු ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. 13 November 2020
කොරෝනා ආසාදිතයන් සොයාගැනීමට මළ අපද්‍රව්‍ය පරීක්ෂා කරයි කොරෝනා වයිරසය පැතිරෙන ස්ථාන පිළිබඳව සාක්ෂි සොයාගැනීම සඳහා මළ අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ ක්‍රමයක් ලොවපුරා රටවල් කිහිපයක ක්‍රියාත්මක කරන බව පර්යේෂකයෝ පවසති. 13 November 2020
බස්නාහිරින් පිටත ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමක බස්නාහිර පළාතෙන් බැහැර සෙසු දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමක පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. 13 November 2020
ආණ්ඩුව 20වන සංශෝධනයෙන් සිය දිවි නසා ගත්තා බලයට ඇති කෑදර කම මත පදනම්ව විසිවන සංශෝධනය සම්මත කරගැනීම මගින් වත්මන් ආණ්ඩුව සියදිවි නසාගත් බව හිටපු කථානායක සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. 13 November 2020
එල්.ටී.ටී.ඊ. තහනම දිගටම පවත්වාගෙන යන්න‘යි ඉන්දියාව එංගලන්තයෙන් ඉල්ලයි එල්.ටී.ටී.ඊ. සංවිධානය සදහා එක්සත් රාජධානිය තුළ පනවා ඇති තහනම තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉන්දීය රජය එක්සත් රාජධානියෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීයාවේ ඩී.එන්.ඒ පුවත් සේවය අද (13) වාර්තා කළේය. 13 November 2020
නිදන්ගත රෝග තිබේ නම් පොලිසියට - නාගරික සංවර්ධන අධිකාරියට කියන්න කොළඹ මහ නගර සභා සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාසවල පදිංචිකරුවන්ට දිගුකාලීන රෝග තිබේ නම්, ඒ බව එම මහල භාර පොලිස් නිලධාරියට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකාරවරයාට දැනුම් දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 13 November 2020
කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති කළුතර බන්ධනාගාරයේ වහලය මත නැගී රැඳවියන් කිහිපදෙනෙකු තමන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කර තමන්ට ඇප ලබා ද ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙන බව කළුතර උතුර පොලීසිය කියයි. 13 November 2020
සුවය ලැබූවන් ගණන 11,000 පනී කොරෝනා වයිරසය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 378 දෙනෙකු සුවය ලබා අද (13) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 13 November 2020
විදේශවල රැඳී සිටින අය ගෙන්වා ගැනීම ලබන සතියේ සිට මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා එකඟතාව පළ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා පැවැසීය. 13 November 2020
සේවක අඩුවෙන් වරාය කටයුතු පමාවෙයි කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ කටයුතු ප්‍රමාදවීමෙන් නෞකා 14ක් පමණ දින ගණනක් තිස්සේ වරායෙන් පිට නැංගුරම් ලා ඇතැයි වාර්තා වේ. 13 November 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයට උර දෙන්න චීනය සූදානම් ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහි ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරයට පහසුකම් සැලසීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණාත්මක නායකත්වයේ කාර්යභාරය සඳහා පූර්ණ දායකත්වය දිය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් පැරිස් සාම සංසදයේ තෙවැනි සමුළුවේ නිල උත්සවය අමතමින් පැවැසීය. 13 November 2020
’සර්කස් පෙන්වීම නවත්වලා පරාජය පිළිගන්න’ සර්කස් පෙන්වීම නවතා නව කොරෝනා වයිරස සහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්රටික් පක්ෂයේ නැන්සි පෙලොසි කැපිටල් හිල් හිදි ප්‍රකාශ කළාය. 13 November 2020
ගාල්ලේ වැඩිම ආසාදිතයින් බලපිටියෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 13 November 2020
හවුල කැඩි හලාවත නගර සභා අයවැය පරදී හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා අද (13) ඉදිරි පත් කරන ලද 2021 වාර් ෂික අයවැය වැඩි ජන්ද හතකින් පරාජයට පත්විය. 13 November 2020
පී.සී.ආර්. නොකිරිමෙන් මහජන සේවා සැපයීමේ අවදානමක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් පස්දෙනකු වාර් තා වුවද කාර් ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ නොකිරිමෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර් යාලයට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් අවදානමක් මැද අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි විය හැකි බවද සංවර්ධන නිලධාරි සේවා සංගමය කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. 13 November 2020
ඔබාමාගෙන් ජෝ බයිඩන් ගැන හෙළිදරව්වක් ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු මෙහෙයුම කිරීම මදක් ප්‍රමාද කරන්නැයි ජෝ බයිඩන් උපදෙස් දුන් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සඳහන් කරයි. 13 November 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026