වන්නියේ අවතැන් වූ ඡන්ද දායකයින් 6275කට ඡන්ද මධ්‍යස්ථාන 12 ක් මෙවර 2020 මහමැතිවරණයේ දී ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් අතර අවතැන් වූ ඡන්ද දායකයින් 6275 දෙදෙනකු සිටින බවත් ඔවුන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර ඇති බවට වන්නි දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරී සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය. 30 July 2020
‘අභියෝගයක් නැති නිසා මැතිවරණය කම්මැලියි’ මෙවර මහ මැතිවරණයට කිසිදු අභියෝගයක් නොමැති බවත්, අභියෝග නොමැති නිසා මැතිවරණය කම්මැල් සහගත බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(30) පැවසීය. 30 July 2020
ඊටීඅයි සමාගමේ අධ්‍යක්ෂකවරු සිව්දෙනෙක් සීඅයිඩියට ඊටීඅයි සමාගමේ අධ්‍යක්ෂකවරු සිව් දෙනෙකු ප්‍රකාශයක් ලබාදීමට අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. 30 July 2020
වික්ටෝරියා ප්‍රාන්තයේ තත්ත්වය නරක අතට නව කොරෝනා වයිරස වසංගතය පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ නරකම දිනය ලෙස අද (30) දිනය සටහන් විය. 30 July 2020
ආසාදිතයකු හමුවීමෙන් ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලය වහයි පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහායකවරයකු කොරෝනා ආසාදිත බවට තහවුරු විමෙන් පසුව අද (30) දිනයේ සිට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය හේතූන් මත තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පවසයි. 30 July 2020
යාපනයේ අත්හැර දමා තිබූ ගොඩනැගිල්ලකින් ගංජා කිලෝ3ක් සොයාගනී යාපනය අයින්දු සංදි ප්‍රදේශයේ අත්හැර දමා තිබු ගොඩනැගිල්ලක් තුළ සඟවා තිබු ගංජා කිලෝ ග්‍රෑම් 33 ක් සමග සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 30 July 2020
කොරෝනා වයිරසයෙන් ඇමෙරිකාවේ මිය ගිය ගණන 150,000 ඉක්මවයි කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව අද (29) 150,000 පසු කර ගියේය. 30 July 2020
මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ තිදෙනෙකු හෙරොයින්- ගංජා සමඟ දැලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව බව කියන තරුණ අඹු සැමියන් යුවළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු හෙරොයින් මත්කුඩු සහ කේරළ ගංජා තොගයක් මෝටර් රථයෙකින් ප්‍රවාහනය කරමින් සිටියදී අද(30) අලුයම අරලගංවිලදී අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි. 30 July 2020
සෑම මිනිත්තුවකදීම ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත මරණයක් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් සෑම මිනිත්තුවකදීම ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 30 July 2020
මැතිවරණයේ ආරක්ෂාව පොලිසියේ 65,000 ක් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් හා සිවිල් ආරක්ෂක බලකායේ භටයින් 75,000 ක අධික පිරිසක් සේවයට යොදවා ඇති බව අපරාධ, සංවිධානාත්මක අපරාධ විමර්ශන බාර හා මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතා අද (29) පැවසීය. 29 July 2020
පොලිසියේ ක්‍රියාකලාපය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගේ දෝෂ දර්ශනයට මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට දින 07 ක කාලයක් ගතවුවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ පොලිසියේ ක්‍රියාකලාපය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා හමුවේ අද (29) දැඩිලෙස දෝෂ දර්ශනයට ලක් කළේය. 29 July 2020
රුපියල් 5000 ක අල්ලස් ගත් සංවර්ධන නිලධාරී පොලිස් දැලේ රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් හම්බන්තොට කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරීවරයෙකු අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසන් සභාවේ අධ්යක්ෂ (විමර්ශන) කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 29 July 2020
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට සහනයක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට සහනයක් ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 29 July 2020
සති අන්තයේ ගමේ යන අයට විශේෂ දුම්රිය සේවාවක් එළඹෙන සති අන්තයේ ලැබෙන දීර්ඝ නිවාඩුව හේතුවෙන් ගම් බිම් කරා යන සහ නිවාඩුවෙන් පසු යළි පැමිණෙන ජනතාව වෙනුවෙන් අනිද්දා (31) සිට විශේෂ දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 29 July 2020
පුත්තලමේ පොලිසිය අපේක්ෂකයන්ට බයයි පුත්තලම දිස්ත්‍රික්කයේ රාජකාරියේ යෙදෙන පොලිසිය අපේක්ෂකයන්ට බියේ කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇතැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අද (29) පැවසීය. 29 July 2020
මීගමු බන්ධනාගාරයේ හිටපු ජේලර්වරු තිදෙනා රිමාන්ඩ් මීගමුව බන්ධනාගාරය තුළ සිදුකළ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන සැකකරුවන් තිදෙනාව අගෝස්තු මස 04 වැනිදා දක්වා රක්ෂික බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා අද (29) නියෝග කළේය. 29 July 2020
ඡන්දය ඉල්ලා කෝටි 160 ක් විසි කරති මහ මැතිවරණයේ අපේක්ෂක වියදම් දෙස බලද්දී මේ වනවිට අපේක්ෂකයින් විසින් වියදම් කර ඇතැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය තහවුරු කර ගෙන ඇති මුදල රුපියල් මිලියන 1597 ඉක්මවා ඇතැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේය. 29 July 2020
පීඑච්අයි වර්ජනයෙන් පසු පීසීආර් පරීක්ෂණ යළි අරඹයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් නතර වී තිබූ පී.සී.ආර්. පරීක්ෂණ දින පහකට පසුව අද (29) යළි ආරම්භ කෙරිණි. 29 July 2020
මතිවානන් ක්‍රිකට් උප සභාපති ධූරයෙන් අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන කේ. මතිවාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාට අද (29 වැනිදා) ලිඛිතව දැනුම් දුන්නේය. 29 July 2020
පුදුකුඩිරිප්පු ඉඩමකින් පීඩන බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී මුලතිව්, පුදුකුඩිරිප්පු හයවැනි පියවර ප්‍රදේශයේ ඉඩමක් තුළ තිබී පීඩන බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි. 29 July 2020
‘ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සෙවිමේ කමිටු වාර්තාව සමගි ජනබලවේගය ප්‍රතික්ෂේප කරයි‘ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සහ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් අගමැතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද(29) පැවසීය. 29 July 2020
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව විරෝධතාවක් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අද (29) කොළඹ වරාය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. 29 July 2020
සුවය ලැබුවෝ 21 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 21 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. 29 July 2020
අගෝස්තු 4 වැනිදා සිට 7 දක්වා පාසල් නිවාඩු පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් අගොස්තු 4 වැනිදා සිට 7 වැනිදා දක්වා පාසල් වසා තැබීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද ( 29) පැවසීය. 29 July 2020
‘මැතිවරණ නිවාඩුවට ගම්බිම් යන්න ප්‍රවාහන කටයුතු සූදානම්’ අගෝස්තු මස 5 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී ජනතාවට කොළඹ සිට සිය ගම්බිම් බලා යාමට මෙම මස 31 වැනිදා සිට සියලු ප්‍රවාහන කටයුතු මේ වන විටත් සූදානම් කර ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 29 July 2020
මීගමුව බන්ධනාගාරයේ රැඳවියකු මෙහෙය වූ කුඩු ජාවාරමක් හෙළි වෙයි රුපියල් ලක්ෂ 10 කට ආසන්න හොරොයින් තොගයක් සමඟ සැකකරුවකු පුත්තලම ජේපි පටුමග ප්‍රදේශයේ දී පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් විසින් අද (29) අත්අඩංගුවට ගනු ලැබීය. 29 July 2020
යල කන්නයේදී පොලොන්නරුවෙන් වී මෙ:ටොන් 30,000ක් මිලට ගන්න යයි මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මෙට්‍රික් ටොන් 30,000ක් මිළදී ගැනීමට රජය බලාපොරොත්තුවන බව වී අලෙවි මණ්ඩලය කියයි. 29 July 2020
බන්ධනාගාර කොමසාරිස් පහර දුන්නැයි නියාමකවරයෙක් රෝහල්ගත වෙයි වැලිකඩ බන්ධනාගාරයේ මෙහෙයුම් කොමසාරිස්වරයා පහර දුන්නැයි පවසා බන්ධනාගාර නියාමකවරයකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 29 July 2020
’මුන්නේශ්වරන් දේවාලයේ නිකිණි පූජාව සෞඛ්යාරක්ෂිත නීතිරීතිවලට අනුවයි’ කොරෝනා වසංගත තත්ත්වය යටතේ සෙඛ්‍ය අංශ මගින් පනවා ඇති නීති රිති යටතේ හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහා දේවාලයේ වාර්ෂික නිකිණි පුජා මහෝත්සවය චාරිත්‍රානුකූලව චාම් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව එම දේවාලයේ ප්‍රධන පුජක බ්රාහ්මසාරි එස්. පත්මනාභ කුරුක්කල්වරයා එම දේවාලයේ දි පැවැති මාධ්‍ය හමුවක දි ප්‍රකාශ කළේය. 29 July 2020
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තාවෙයි තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව2810 දක්වා ඉහළ ගොස් තිබේ. 28 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026