නිවාස අමාත්‍යාංශයේ ප්රචාරයට කෝටි 57 ක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය නිවාස ණය ආධාර ලබා දීමේ දී බරපතල අක්‍රමිකතා සිදුව ඇති බව විගණන පරීක්ෂණවලදී හෙළිවී ඇති බැවින්, ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා බවත් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ කළේය. 31 July 2020
හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනකුට මරණ දඩුවම් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්රීවරයෙකු සහ මෙවර මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකු මිනීමැරීමේ චෝදනාවට වරදකරු කළ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා ඔවුන්ට අද (31) මරණ දණ්ඩනය නියම කළේය. 31 July 2020
බදියුදීන්ට එරෙහි විල්පත්තු නඩුව 26 වැනිදාට කල්යයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචිකිරීම් හා අනවසර ඉදිකිරීම් කළේ යැයි කියන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම පිළිබඳ තීන්දුව අද (31 ) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනද එම නඩුව කැඳවූ අධිකරණ ශාලාවේ සියලුම නඩු අගෝස්තු 26 යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය දැන්වීමක් මඟින් දැනුම් දුන්නේය. 31 July 2020
මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කරන්න යයි දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වාම දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 31 July 2020
කෝටි 23 ක මත්කුඩු අල්ලයි වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කෝටි 23 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ ජාවාරම්කරුවෙකු විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ඒකක ii බට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 31 July 2020
මැතිවරණ දැන්වීම් ඉවත් කරන්නැයි ඉල්ලූ පෙත්සම සළකා බැලීම 4 දා මොරටුව ඇතුළු දිවයින පුරාම ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්රචාරක දැන්වීම් පුවරු, අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ දැන්වීම් පත්‍රිකා වහාම ඉවත් කිරීමට පියවර ගැනීමට මැතිවරණ කොමිසමට හා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ක්‍රිස්මාල් වර්ණසූරිය ගොනු කළ ‘රිට්’ පෙත්සම අගෝස්තු 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) නියම කළේය. 31 July 2020
කතරගම පූජාභූමියේදී අහඹු ලෙස තෝරාගත් 150කට පී.සී.ආර් පරීක්ෂණ කතරගම ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් කැඳවා ඇති පොලිසිය ඇතුළු ආරක්ෂක නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් අතරින් අහඹු ලෙස තෝරාගන්නා ලද 150 ක පමණ පිරිසක් අද (31) පූජා භූමියේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළහ. 31 July 2020
‘උකුස්සාගේ ‘ වැඩිදුර වාර්තාවක් කැඳවයි : ළඟ තබාගත් දෙදෙනාට ඇප මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ සත්ව ගොවිපලක් තුල ආරක්ෂිත පක්ෂියෙකු ලෙස සැලකෙන ‘කුස ඇලි මුහුදු උකුස්සෙකු” කූඩුවක සිර කර තබා ගැනීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය මගින් එම රාජාලියා සිරකර ගෙන සිටි බවට සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවෙකු සහ එම පක්ෂියා අද (31) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය නියෝග කළාය 31 July 2020
හොරණ නගරය මැද වෙළෙඳසැල් 3ක් ගිලා බහී හොරණ අඟුරුවාතොට මාර්ගය පුළුල් කර සංවර්ධනය කටයුතු සිදුකෙරෙමින් තිබියදී, හොරණ බෝගස අසළ එකිනෙකට යාබද පිහිටි ව්‍යාපාරික ස්ථාන තුනක් අද පොළොවට ගිලා බසිමින් කඩාවැටුණු බව හොරණ නගරාධිපති විතාරමගේ සිරිසෝම මහතා පවසයි. 31 July 2020
තවත් 37කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි පළාත් පාලන ආයතනවලට තේරී පත්වු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ. 31 July 2020
සුවය ලැබූ ආසාදිතයෝ 58ක් පිටව යති ශ්‍රී ලංකාවේ, කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි 58 දෙනෙකු අද(31) සුවය ලබා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 31 July 2020
දියතලාවේ නිරෝධායනය අවසන් කළ 44ක් පිටව යති විදෙස් රටවල සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කළ ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු අද (31) සිය ගම්බිම් බලා පිටත් වූ බව දියතලාව යුද හමුදාව කියයි. 31 July 2020
පාතාලය - කුඩු ජාවාරම් මර්දන පෙළගැස්ම අගයමු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය විකිණීමේ, බෙදා හැරීමේ සහ ඇසුරුම් කිරීමේ ජාවාරමක යෙදුණු විශේෂිත මත්ද්‍රව්‍ය ජාලයක් හඳුනා ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 31 July 2020
ඇවන්ට්ගාඩ් සභාපතිට - පාලිත ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩුව අත්හිටුවීමට නියෝග ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය. 31 July 2020
ඉන්දියාවෙන් ගෙනා ලක්ෂ 70ක බීඩී කොළ වෙරළේ දමා ගිහින් ඉන්දියාවේ සිට නීතිවිරෝධී අන්දමින් මුහුදු මගින් ප්‍රවාහනය කළ, රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා බීඩි කොළ තොගයක් කල්පිටිය පල්ලිවාසල්තුරේ රෙඩ්බානා ගම්මානය අසළ වෙරළ තීරයේ පාලු පෙදෙසක,තිබීය දී කල්පිටිය පොලිසිය අද(31) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. 31 July 2020
ලක්ෂ තුනක මත්කුඩු සමඟ එකම පවුලේ 3 ක් ඇතුළු 5 ක් අත්අඩංගුවට පානදුර ඇතුළු ප්‍රදේශය ගණනාවකට මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හැරීමේ ජාලයකට සම්බන්ධ වූ එකම පවුලේ තිදෙනෙක් ඇතුළු පස් දෙනෙක් රුපියල් ලක්ෂ 3 ක් වටිනා මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි . 31 July 2020
ශානි අබේසේකර අත්අඩංගුවට පීඩාකාරී ගිනි අවි සම්බන්ධ සිද්ධියක් පිළිබඳව සාක්ෂි වසන් කිරීමේ සිදුවීමකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත. 31 July 2020
වයිරසය සමාජගතවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා කොරෝනා පොකුරු වලින් රෝගීන් හමුවීමේ යම් සම්භාවිතාවක් තිබුණද එසේ හමුවන රෝගීන් හරහා රෝගය සමාජගතවීම වැළැක්වීමට අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අංශ එක්ව ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 30 July 2020
තවත් කොරෝනා ආසාදිතයින් 4 ක් තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2814 ක් දක්වා ඉහළ ගොස් ඇත. 30 July 2020
මැතිවරණ දූෂණ වැඩි ප්‍රදේශ නිරීක්ෂණයට ජාතික මට්ටමේ නිරීක්ෂකයන් මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතුවල දී පූර්ව මැතිවරණ සමයේ මෙන්ම මීට පෙර මැතිවරණවල දී ප්රචණ්ඩත්වය හා මැතිවරණ දූෂණ වැඩි යැයි හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් නිරීක්ෂණය කිරීම සඳහා ජාතික මට්ටමින් නිරීක්ෂකයන් යෙදවීමට පැෆරල් සංවිධානය පියවර ගෙන ඇත. 30 July 2020
2019 දී ලංවිමට කොටි 85,000 ක පාඩුවක් පසුගිය වසරේදී විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 85,000ක් පාඩු ලැබූ බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කොළඹදී අද (30) පැවසීය. 30 July 2020
ලක්ෂ 37ක අයිස් මත්ද්‍රව්‍ය අල්ලයි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් 3,750,000 අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් පෑලියගොඩ පට්ටිය හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස විමර්ශන අංශය කියයි. 30 July 2020
සංචාරක සහන පැකේජයට මැතිවරණ කොමිසමෙන් සීමා කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට සහ සංචාරක රියදුරන්ට දීමනාවක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට මැතිවරණ කොමිසම සීමා පනවා ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (30) පැවසීය. 30 July 2020
ශානි අබේසේකරගේ පෙත්සම ඉල්ලා අස්කරගනී ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පෙත්සම්කාර පාර්ශවය විසින්ම අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී . 30 July 2020
හෝර්ටන්තැන්නට බීමතින් ඇතුළු වී දඩකති හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට බීමතින් ඇතුළු වී සතුන්ට පීඩාකාරී ලෙස හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 80,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (30) නියෝග කළේය. 30 July 2020
ඡන්ද පත්‍රිකා ලක්ෂ හතරහමාරක් ආපසු තැපැල් කාර්යාලවලට ඡන්ද දායකයන්ගේ ලිපින සොයාගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 458,927ක් අදාළ තැපැල් කාර්යාල වෙත ආපසු බාරදී ඇතැයිද, සිය අනන්‍යතාවය හෙළිකර ඒවා ලබාගත හැකි යැයිද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 30 July 2020
මත්ද්‍රව්‍ය ගෙනයාමට පුහුණු කළ උකුස්සෙක් පොලිස් බාරයට ගනී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” නමැති පාතාලකරු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පුහුණුකර යොදා ගත් බවට සැක කරන ”උකුස්සෙකු” මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ “අංගොඩ ලොක්කා” නමැති පාතාලකරුගේ සමීපතමයකුට අයත් සත්ව ගොවිපලක සිර කර සිටියදී පොලිස් බාරයට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 30 July 2020
නිට්ටඹුවේ ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි කොළඹ මහනුවර මහා මාර්ගයට ආසන්නව නිට්ටඹුව නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් එහි ගබ්සා සිදුකළ පුද්ගලයා ඔහුගේ ආරක්ෂකයා සමඟ ගබ්සාවක් සිදු කර ගැනීමට පැමිණ සිටි 19 හැවිරිදි අවිවාහක තරුණියක හා ඇගේ පෙම්වතා අද (30) දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 30 July 2020
රිමාන්ඩ් බාරයේ සිටි මීගමුව බන්ධනාගාර ජේලර්වරයෙක් කරාපිටිය රෝහලට මීගමුව බන්ධනාගාරය තුළදී කළ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කළ එම බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරුන් තිදෙනාගෙන් එක් අයෙකු බූස්ස බන්ධනාගාරයේ සිරකුටියේ රඳවා සිටියදී හදිසියේ අසනීප වී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. 30 July 2020
සුවය ලැබුවෝ 16 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 16 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. 30 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026