රාජකීය විදුහල්පතිගේ පෙත්සම ඉවතට
කොළඹ රාජකීය විදුහල්පති ධූරයේ කටයුතු කළ තමා දේශපාලන බලපෑම් මත,නීතියට පටහැනිල ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්යක්ෂ ධූරයකට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගත් තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සදහන් කරමින් ,එම තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති බී.ඒ.අබේරත්න මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01)තීන්දු කළේය.