'ශාඛ්‍ය ජනපදය' ජාත්‍යන්තර බෞද්ධ සංචාරක කලාපයක් කරන්න යයි
පිළියන්දල කහපොළ ප්‍රදේශයේ අක්කර 78ක භූමියක ඉදිකිරීම් ආරම්භ කර මේ වන විට වල් වැදී විනාශ වෙමින් පවතින ‘ශාඛ්‍ය ජනපදය’ ව්‍යාපෘතියේ ගොඩනැගිලි ද භාවිතා කරමින් එහි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර පිරිවෙන් මධ්‍යස්ථානයක් ඇතුළත් බෞද්ධ සංචාරක කලාපයක් ඉදිකිරීමට පියවර ගන්නා බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පැවසීය.