
(සුජිත් හේවාජුලිගේ )
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සහ යුරෝපයේ ශ්‍රී ලාංකික සංවිධානයේ නියෝජිතයන් පිරිසක් සමග ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මුණ ගැසී අද (28) සාකච්ඡා පවත්වා ඇත.
ජිනීවා මානව හිමිකම් කවුන්සල රැස්වීමට පූර්වගාමීව මෙම රැස්වීම පැවැත්වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට අදාළ කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුද ජිනීවා නුවරට ගොස් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd