(ටී.කේ.ජී.කපිල)

සිංගප්පූරුවේ පැවති විවෘත බර ඉසිලීමේ තරගාවලිය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිස අද අලුයම දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලියේදී රන් පදක්කම් 04 ක්,රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්හ.

පෙබරවාරි මස 25 දින සිට 27 දින දක්වා සිංගප්පූරුවේ පැවති අතර , මෙම තරගාවලිය එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සදහා අවසන් තේරීමේ තරගාවලියක් ලෙසද පවත්වා තිබුණි .