(ඩයනා උදයංගනී)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අතර හමුවක් වතිකානයේ ශුද්ධ වූ ශාන්ත පේදුරු බැසිලිකාවේදී එරට වේලාවෙන් අද පෙරවරු 10.30 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට පමණ) පැවැත්විණි.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ එල්ල වී වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි වින්දිතයන්ට ශ්‍රී ලංකාව තුළදී සාධාරණය ඉටුකරගැනීමට හැකිවේද යන්න පිළිබඳව සැක සංකා මතුව ඇති බැවින් ඒ සඳහා ජාත්‍යන්තරයේ සහය පැතීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් මෙහිදී කාදිනල්තුමන් පාප් වහන්සේ වෙත කරුණු සැලකිරීමට නියමිතව තිබූ බව ජේ.ඩී ඇන්තනී කොළඹ සහායක රදගුරුතුමෝ පැවසූහ.
වසර තුනකට ආසන්න කාලයක් ගතවීත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරගැනීමට නොහැකිවීම, සාධාරණය ඉටුකරගැනීම සඳහා ශ්‍රී ලාංකික කතෝලික ජනතාව ගෙනයන අරගලය, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව මේ දක්වා ගෙන ඇති පියවරයන් ආදිය සම්බන්ධයෙන් මෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට ගෙනඒමට අදාළ පාර්ශව දක්වන උදාසීනත්වය පිළිබඳව ද කාදිනල්තුමන් පාප්වහන්සේ දැනුවත් කිරීමට නියමිතව සිටි බව ජේ.ඩී ඇන්තනී සහායක රදගුරුතුමෝ කීහ.
සහායක රදගුරුතුමන් මේ බව පැවසුවේ, කොළඹ අගරදගුරු මැදුරේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කාදිනල්තුමෝ පාප්වහන්සේ හමුවෙති
Bamunuarachchi Tuesday, 01 March 2022 09:39 AM
කාදිනල්තුමෝ මේ රටේ පවතින්නේ බයිබල් නීතිය නොවෙයි, රෝම, ලන්දේසි නීතිය. රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කිරීම පොලිස් හා නීතිපති දෙපාර්තමේන්තුවලට පවරලා තිබෙනවා. ඒ අනුව ඔවුන් ක්‍රියා කරනවා. ඒවා ඔබට ඕනෑ ආකාරයට වෙනස් කරන්න බැහැ. කළොත් රජය පොලිස් හා නීතිපති දෙපාර්තමේන්තුවල ඇඟිලි ගැසුවා වෙනවා. අවුරුදු දහස් ගණනක් පැරණි ඔබලාගේ පාරම්පරික ආගමික අරගල අපිට විසඳන්න පුළුවන් කමක් නැතිබව තේරුම් ගන්න. ඒ සඳහා බෞද්ධයින් බිලිදීමට අපිට පුළුවන් කමක් නැත. ඔබ ටාගට් කරන්නේ මෛත්‍රීපාලව නම් ඔබලාගේ අරගල නොනැවැත්තුවා කියලා ඔහුව බිලිදීමට අපි සුදානම් නැත. ඔබ හදන්නේ ප්‍රහාරය කරපු හම්බයින් බේරාගෙන බෞද්ධයින් බිලි දෙන්නයි...
uk ran Tuesday, 01 March 2022 09:51 AM
බොරු කේලම් කියලා රට පාවලා දීලා සල්ලි කුට්ටියක් අරන් යයි. එයාලගේ කට්ටියට බෙදන්න.
Pradeep Kumara Tuesday, 01 March 2022 10:46 AM
මම බෞද්ධයෙකු වුවත් ඔබ වහන්සේ මේ ගෙන යන අරගලයට සහාය පළකරමි. බෞද්ධයන් වන අප කිසිවෙකුට හෝ හිංසා පීඩා කිරීම අනුමත නොකරමු. පවතින නීතිය තුලින් සාධාරණයක් ඉටු නොවුණත් සොබාදම් නීතියෙන් මීට වගකිව යුත්තන්ට ගැලවීමක් නොලැබෙනු ඇත.
dickie bird Thursday, 03 March 2022 05:14 PM
කාදිනල්තුමා තම ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කළාද?