(රන්ජන් කටුගම්පොල සහ  නිමන්ති රණසිංහ) 

බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා පිළියන්දල පදිංචි වෛද්‍ය ශර්ලි දයානන්ද හේරත් මහතා ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන මැයි මස 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන එල්. ටී. ඩී. දෙහිදෙණිය, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් හමුවේ මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම අද (28) සලකා බැලිණි.

ජනාධිපති නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය මහතා මගින් ගොනු කරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ කොළඹ අපරාධ කොට්ඨාශය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය .