පරණ ගැසට්ටුව වෙනස් කර ගැසට් දෙකක් එයි
කිරිපිටි, තිරිඟු පිටි, ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩ හතරේ පාලන මිල ඉවත්කිරීමට රජය ගත් තීරණයත් සමඟ එම භාණ්ඩ ‘නිෂ්චිත භාණ්ඩ’ ලෙස නම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදන බලරහිත කරමින් ඊයේ (8) රාත්රී අතිවිශේෂ ගැසට් පත්ර දෙකක් නිකුත් කළේය.