(ඩයනා උදයංගනී)
ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී ඇත.
ගොඩවැලි කැණීම් මගින් දැවැන්ත පාරිසරික හානියක් සිදුවන වාර්තා වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අම්බලන්තොට වලේවත්ත නැමැති ගම්මානයම මේ වනවිට ගොඩ වැලි කැණීම් නිසා විනාශව ගොස් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම වගා කළ හැකි කුඹුරු ඉඩම් මෙන්ම පොල් ඉඩම් වැනි ආර්ථික වගාවන් සහිත ඉඩම් පවා වැලි කැණීම් නිසා විනාශව ගොස් ඇති බව නිරීක්ෂණය කර ඇති බව ඇමතිවරයා පැවසීය.
එම නිසා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් විශේෂ කණ්ඩාමක් යොදවා පුළුල් විමර්ශණයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීමටත් එම වාර්තාවේ නිර්දේශ අනුව ඉදිරි පියවර තීරණය කිරීමටත් නියමිත බව කී ඇමතිවරයා එතෙක් එතෙක් ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීමට තහනමක්
sharm warn Monday, 14 March 2022 01:09 PM
මහ අයගේ පුත්තු ඈත ගම්වල පස්, වැලි හොරකම් කරනවා.. හෙංචයියෝ දාගෙන. ඒ අයගේ තණ්හාවේ කෙළවරක් නෑ. මුළු රටම හැම පැත්තෙන්ම විනාශ කරනවා.