( ප්‍රසන්න පද්මසිරි)
ඇතිමලේ ඉසුරුපාසලේ පැවැති රැස්වීමක් අතරතුර බඹර කූඩුවක් විදුහල්පතිවයාගේ ඇගට කඩා වැටී බඹරු ඇනීමෙන් සිසු සිසුවියන් හා ගුරුවරුන් ඇතුලු 65 දෙනෙකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි,
පාසල ආරම්භවීමත් සමග අද (14) උදෑසන රැස්වීම පවත්වන අතරතුර පාසල් ගොඩනැගිල්ලක කොරිඩෝවක තිබු විශාල බඹරයක් එක්වරම විදුහල්පතිවරයාගේ ඇග මතට කඩා වැටීමත් සමග සිසු සිසුවියන් හිස් ලූ අත දිවයාමේදී සිසුන්ටද බඹරු ඇන තිබෙන බව පොලිසිය කියයි.
තුවාල ලැබු විදුහල්පතිවරයා සමඟ ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසු සිසුවියන් 62ක් ඇතිමලේ රෝහලට ඇතුලත්
කිරීමෙන් පසු අසාධ්‍ය වු සිසුන් දෙදෙනෙකු සියඹලාණ්ඩුව රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය කියයි.
ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බඹර කූඩුව විදුහල්පතිගේ ඇගට වැටෙයි