ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු, තමන් හට කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (13) ප්‍රකාශ කළේය.
"කෝවිඩ් රෝගය තිබේදැයි පරික්ෂා කිරීමට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණය පොසිටිව් දවස් කිහිපයක සිට උගුරේ අසාත්මිකතාවයක් තිබුණා වෙන අමාරු මොනවත් නැහැ. මගේ බිරිඳටත් පී.සී.ආර් පරීක්ෂණයක් කළා එකේ ප්‍රථිපලය නෙගටිව්" තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනපති ඔබාමා පැවසීය.
බැරැක් සහ මිෂෙල් ඔබාමා දේපල කෝවිඩ් මර්දන එන්නත් දෙක සහ බූස්ටර් එන්නතද ලබාගෙන ඇති අතර ඒ හේතුවෙන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා හට උගුරේ ආසාත්මිකතාවයක් හැර වෙනත් කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති සේම දරුණු කෝවිඩ් තත්ත්වයක් නොමැති බව වෛද්‍යවරු පවසති.
(034)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබාමාටත් කොරෝනා