18 -19 දරුවන්ට ෆයිසර් 21 සිට
වයස අවුරුදු 18 , 19 සිසුන් සඳහා ෆයිසර් එන්නත පාසල්වලදීම ලබන 21 වෙනිදා සිට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.