(ඩයනා උදයන්ගනී,මහින්ද නිශ්ශංක, සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින්ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 76කින්ද, ඔටෝ ඩීසල් ලිටරයක මිල රුපියල් 55කින්ද සුපර් ඩිසල් මිල රුපියල් 95කින් ද වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254ක් ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 283ක් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 176ක් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රපියල් 254ක් වනු ඇතැයි එම සංස්ථාව කියයි.
භූමිතෙල් මිලෙහි වෙසනක් සිදු නොවන බව ද ඛනිජ තෙල් සංස්ථාව කියයි.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට
Soma dubayi Saturday, 12 March 2022 01:39 AM
ලෝකයේ රටවල් ගණනාවක් ඉන්ධන මිල ලංකාවට වඩා වැඩියි. මෙවර වැඩි උනෙත් සුළු ප්‍රමාණයකින්, ජනතාවට ලොකු බලපෑමක් මේකෙන් නෑ.
Dewa Saturday, 12 March 2022 06:02 AM
සෞභාග්‍යයේ දැක්ම... එයාලාට සුබ අනාගතයක්ම වේවා...!
Ikram Saturday, 12 March 2022 06:05 AM
අහන්නත් සතූටුයි. සන්තොසෙ බැරුවා...!
මහසෙන් Saturday, 12 March 2022 06:36 AM
ඔහොම්ම ගිනිපෙට්ටියකුත් දෙනවලා. තෙල් ටික ඇඟට හලන් ගිනි තියාගන්න. පහුගිය දශක කීපයේ රට පාලනය කළ අයගේ කෙරුවාවේ ප්‍රතිඵලයි මේ එන්නේ...!
Bandula lansakara Saturday, 12 March 2022 07:43 AM
අපි තමයි හොඳටම කළේ..!
Jagath Saturday, 12 March 2022 08:05 AM
රාජපක්ෂලාගේ කාලේ ඉවරයි. එයාලට මේ රට කරන්න බෑ. අදක්ෂයි. තවදුරටත් පව් නොදී ඇමරිකාවටම යන්න.
Soma dubayi Saturday, 12 March 2022 10:30 AM
ලෝක වෙළඳපළේ මිල ඉහළ ගියාම රජයට මිල වැඩි කරන්න වෙනවා. ඒකට රජයට දොස් කියලා වැඩක් නෑ...
AsankaSaturday, 12 March 2022 03:04 PM
මේ සෝමා වගේ නූගත්, අඩුම ගානේ තමන් ඉන්න රටේ නම හරියට ලියාගන්න බැරි අය හිතන්නේ ලෝක වෙළෙඳපලක් ගැන.. ලංකාවේ වෙන දේ දන්නේ නැහැ.
BamunuarachchiSaturday, 12 March 2022 04:27 PM
සෝම කිව්ව කතාවේ වැරැද්ද මොකක්ද? ඒක පැහැදිලි කරන්න. ලෝක වෙළඳ පලේ මිල නැග්ගාම ආනයන බදුවල මිල වැඩිවෙනවා. ඒක වැරැදිද? ඔබ හිතුවාද කැනඩාව වගේ රටවලට ගන්නවා වගේ මිනිසුන්ගේ උගත්කම බලලා ඩුබායි වලට ගන්නවා කියලා ඩුබායි වල ඉන්නේ.. මෑතක පොහොසත් වුණු මිනිස්සු... එළුවන් පස්සේ ගිය මිනිස්සු. මෙතන පෙන්නුවේ ඔබේ නුගත් කමයි. ඔබ ලංකාවේ නිසා ප්‍රශ්නයක් නැහැ.
AnuraSunday, 13 March 2022 09:09 AM
අනේ බමුණෝ, ආනයන භාණ්ඩ සීමා කරපු වෙලාවේ ඔහොම නේද කිව්වේ? අපි රට ඇතුලේ රුපියල්වලින් ගෙවන ඒවා පිටරටින් ඩොලර් වලින් බඩු ගේන එකට කිසිම අදාලත්වයක් නැහැ කියලා... එහෙනං මේ පිටරටින් ඩොලර් වලට තෙල් ගෙන්වන එකට මොකද අපේ රුපියල් වලින් ගාන වැඩි කරන්නේ්?
BamunuarachchiMonday, 14 March 2022 09:53 AM
අපි රට ඇතුලේ රුපියල් වලින් ගෙවන ඒවා පිටරටින් ඩොලර් වලින් බඩු ගේන එකට කිසිම අදාලත්වයක් නැතිනම් අපිට වාද කරන්න දෙයක් නැත. පිටරටින් ඩොලර් වලට ගෙන්වන බඩු රටතුළ මිලට ගන්න රුපියල් වලින් ගෙවන්න වුණාම තමයි ප්‍රශ්නය. 1. තිබෙන ඩොලර් ප්‍රමානයට පිටරටින් බඩු ගෙනත් රුපියල්වලට වික්කාම ඊළඟ බඩු තොගය ගෙන්වන්නේ මොනවා වලින්ද? 2. රුපියල බාල්දුවෙන්න වෙන්න ආනයනය කරන බඩුවල මිල වැඩිවෙනවා. බොහොම කෙටියෙන් සිම්පල් ඈස් දැට්. ඕක තමයි ඇත්ත....!
Shantha - Qatar Saturday, 12 March 2022 11:02 AM
කියන්න කිසිම දෙයක් නැහැ.., අපිට හරි සැපයි/ සනීපයි දෙකම තියෙනවා දැන්...
BamunuarachchiSaturday, 12 March 2022 03:15 PM
හලෝ 1970 කාලේ අපි පැට්‍රල් ගැලුම ගත්තේ රුපියල් 5 ට අවුරුදු දෙකක රටේ ඉතිහාසය දන්නා ජෙප්පන් හිතන්නේ මේ අවුරුදු 2 දී තමයි බඩුමිල පැට්‍රල් මිල වැඩි වුණේ කියලා. ආණඩුවට දොස් කියන්න එපා..
JagathSaturday, 12 March 2022 07:51 PM
බමුණෝ,එල්ලෙන්න කඹයක් එහෙම ලෑස්ති කරගෙන ඉන්න. ඊළඟ මැතිවරණයේදී බලයට එන්නේ ජෙප්පෝ තමයි. දැනටමත් ජෙප්පන්ට සියයට 65කට වඩා ජනතා කැමැත්තක් තියෙනවා...
Bamunuarachchi Saturday, 12 March 2022 12:19 PM
බමුණුආරච්චි කිව්ව විදිහට කැනඩාවේ මිලටම ලංකාවේ පැට්‍රල් ලීටරයක මිල නැග්ගා... හැබැයි කැනඩාවේ දෙන්නේ ඔක්ටේන් 91, ඔක්ටේන් 95 හොයන්න රට පුරාම දුවන්න ඕනේ. ඒ අතින් අපි කැනඩාවට තවත් ඉදිරියෙන් ඉන්නේ..
Rohana Saturday, 12 March 2022 06:21 PM
දැන්නම් ඇඟට පුදුම සනීපයක් දැනෙනවා. මැතිවරණ වේදිකාවල ගිරිය පුප්පාගෙන කෑගහන දේශපාලුවන්ට නොරැවටෙන්න. මේ කියන මැතිවරණ පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකළ හැකිදැයි සිතාබලා තමන්ගේ වටිනා ඡන්දය බුදධිමත්ව පාවිච්චි කරන්න.
Rohana Sunday, 13 March 2022 12:06 AM
ලංකා ඉතිහාසයේ ඉහලම තෙල්මිල වැඩිකලේ රාජපක්ෂලාගේ ආණ්ඩුව කියල කවුරුත් මතක තබාගන්නේනම් මැනවි. කොයි ආණ්ඩුව ආවත් තෙල්මිල වැඩිකරන්ක වෙනවා. ඒත් මෙතරම් මිල ඉහල ගියේ රාජපක්ෂලාගේ වැරදි ආර්ථික කලමණාකරණය නිසා කිව හැකියි.