
(ප්‍රසන්න පත්මසිරි)
මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ. ඔළුවේ ප්‍රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. අද මේ රට ආහාර ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙනවා. පසුගිය වසර දෙකේදි රජය තීන්දු තීරණ ගද්දී අපි සම්බන්ධ කර ගත්තේ නෑ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බදුල්ලේදි පැවැසීය.
තෙල් මිල වැඩිවීමත් සමග මහ ජනතාව දේශපාලකයන් ප්‍රතික්ෂේප කර ජනතා උද්ඝෝණවලට පෙළඹෙනවා .
මේ ආණ්ඩුව පක්ෂ 13කින් හදද්දී මමත් සභාපතිවරයෙක් විදියට පත් කරගත්තත් ඉන්පසුව කිසිම දෙයකට මා සම්බන්ධ කර ගත්තේ නෑ.
සිරිමාවෝ බණ්ඩාරනායක යුගයෙන් පසු මේ රටට හරි ප්‍රතිපත්තියක් ගෙනාවේ මගේ ආණ්ඩුව විතරයි. මම ප්‍රජාත්‍රන්ත්‍රවාදීව රට ගෙන ගියා ලෝකයේ සියලුම රටවල් මට උදව් කළා මම 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝදනය ගෙනත් රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇති කළා.නමුත් මම දුෂයෙන් තොර රටක් හදන්න බලාපොරොත්තු වුණත් ඒක මට කරන්න බැරි වුනා.
විදුලිය,ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්,ගෑස්,විදුලිය නැතිව ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා.ජනතා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනවා මුළු රටම අද කදුලින් ඉන්නේ අයට ඒවා තේරෙන්නේ නෑ
බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සමුළුව අමතමින් ඒ මහතා ඒ බව පැවැසීය. දින බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදි පැවැති මෙම උත්සවය කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහත්වරු සංවිධානය කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කලත් සිරා සර් කන්න දුන්නු අත හැපුවා රිදෙන්නම. දවස් 52 ආණ්ඩුව බලයට ගෙන ආවා. එජාප සහ නිර්පාක්ෂික ඡන්දයෙන් බලයට ඇවිත් ශ්‍රීලනිප නායකත්වය ගෙන පක්‍ෂග්‍රාහී කැත දේශපාලනයක් කළා. ඒකේ ප්‍රතිඵලය නැවත කිසිම පක්‍ෂ සන්ධානයක් ජාතික රජයක් කෙරේ විශ්වාසය නොතබන තත්ත්වයට රට ගෙනාවා.
ජනතාව පාරට බැස්සොත් ඔහේට පුළුවන්ද ජනතාවට උදව් කරන්න,නායකත්වය දෙන්න? නිකන් බොරු බයිලා ගහන්න එපා.ජනතාව අන්දවන්න ලෑස්ති වෙන්න එපා.බහුතර ජනතාව දැන් බුද්ධිමත්.
ඔව් ඔව් ඒක ඇත්ත මොකද දැන් දැන් කන්න නැතුව යනවා තුනයි පනහට කාපූ පාන් ගෙඩියක් එකසිය විස්සක් වෙනවා. ණයට අරගෙන හදපු පාරවල් තමයි කන්න තියෙන්නේ.. ඒ නිසා පාරට බැහැලා පාරෙ තියෙන මඩ සෝදාගෙන පාරවල් කකා ඉඳිමු...
මහින්ද මහතාගෙන් උදව් අරන් දේශපාලනයේ උඩට ඇවිත් එකට ආප්ප කාලා පැදුරටත් හොරෙන් පැන්නා. ශ්‍රීලනිප ඡන්ද ටිකකුත් එජාප ඡන්ද සියල්ලත්, අනෙකුත් පාවෙන ඡන්දත් අරන් බලයට ඇවිත් එම ඡන්ද දායකයින්ට ද්‍රෝහී වුණා. සරත් ෆොන්සේකා වැනි අවංක කෙනෙකු සිටියදී මෙවන් කෙනෙකු කෙරෙහි විශ්වාසය තැබූ එජාපයට වැරදුණා. කලකදී වහලු කලකදී රස වෙනවාලු කිව්වා වගේ නැවත මහින්ද කණ්ඩායමට හිරිකිත අයුරින් උදව්කොට තම බලයද ආරක්ෂා කරගත්තා. මෙතෙක් කල් රජයේ සියලු දේ ලබමින් සිට දැන් සියලු වැරැදි රජය පිට පමණක් පටවා තමන් නිදොස් බව පවසනවා. රජය දාලා යන්නෙත් නැහැ. වෙලාවකට රජයට ගහනවා. වෙලාවකට වඳිනවා. මේ දෙබිඩි පිළිවෙත ගැන ජනතාව හොඳින් දන්නවා. ලැජ්ජාවක් කියා දෙයක් ඇත්තේම නැහැ...
නැවත කවදාවත් මේ මෛත්‍රිට බලයට එන්න බැහැ. මෙයා බොරුවට ආණ්ඩුවට එරෙහිව එළියේ කතා කරනවා. නමුත් ජනාධිපති සහ අගමැති ඉදිරියේ මෙයා පඹයෙක්. උදයට විමල් එක්ක පක්ෂ 11ක සාකච්ඡා, සවසට ජනාධිපති සහ අගමැති එක්ක විනෝද, රෑට ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ පාක්ෂිකයින් රවට්ටනවා, පසුව රැස්වීම්වලදී ආණ්ඩුව විචේචනය කරනවා.
සුපුරුදු විදිහට මෙයා බොර දියේ මාලු බාන්න දඟළනවා. ඒවාට අහුවෙන මාලු ඕනෑ තරම් අපේ රටේ ඉන්නවා...
අපිව පාරට බස්සලා පරයින් ටික රජ වෙන්නයි හදන්නේ...!
මගේ මතය අනුව නම් මැතිණියගේ සමයෙන් පසුව කිසිම දේශපාලකයෙකු හෝ පක්ෂයක් රටට හිතැති, රට ගොඩනැගිය හැකි ප්‍රතිපත්තියක් ගෙනාවේ නෑ. සිරිමා මැතිණියගේ ප්‍රත්පත්තිවලත් යම්යම් අඩුපාඩු නොතිබුණාම නොවේ. සියළු දෙනාම සැකසුවේ තම තමන් සහ තම පවුල් ගොඩ යන ප්‍රතිපත්ති විනා රට ගොඩයන ප්‍රතිපත්ති නම් නොවේ...
පාරට බහින්නේ මේ කාලකන්නි 225 වෙනුවෙන්ද? අනේ යන්න සිරෝ. පුළුවන් නම් ඔය 225 ඉන්න වෙලාවක දියවන්නාවට බෝම්බයක් ගහන්න ඕනේ...!
යහපාලනය කෑවේ සිරා තමයි. පරණ හොරු ටික ආයේ ලංකර ගන්න මිනිස්සුන්ට කිසිම වුවමනාවක් නැත...
මේ මාන බලන්නේ බොරදියේ මාළු බාන්න...
ඔය ඉදිරිපෙළ ඉඳගෙන ඉන්න අයව ආපහු ගෙනැල්ලා මේ රටේ ප්‍රශ්න විසඳලා දියුණු කරන්න හදන්නේ...?
සමහර කතා තියෙනවාකතාවට වඩා, කියන කෙනා දැක්කාම හිනා යන... මේකත් ඒ වගේ එකක්... ජනතාව පාරට බහින්න කළින් ඔයාලගේ කට්ටිය අරන් ආණ්ඩුවෙන් එළියට බහින්නකෝ...
ජනතාවට පාරට බහින්න කියලා තමුන්නැහැලා තාමත් සාටකයේ එල්ලිලා ඉන්නවා. අපි බැස්සොත් සුදු වෑන් එවාවි.. ඉස්සෙල්ලා තමුන්නැහැ බැහැලා පෙරමුණට එන්න අපි පස්සෙන් එන්නම්, එහෙම නැතුව අපි එක එකාට කොස් ඇට බාන්න සූදානම් නැහැ.
කතාව බලපුවම තේරෙනව තමන්ට නොසලකා හැරිම මත ඇතිවුනු කලකිරිම ජනතාවගේ කරමතින් ගොස් වාඩුව පිරිමසාගැනීමකට දරන තැතක් කියලා. රටක් විනාශකළ දේශපාලනයට කඩේයාමට තවදුරටත් අමනයින් සුලුතරයක් පමණක් මෙහි ඇත. දේශපාලන රදළයින් වේදිකාවන් මත සිට, වහල් මෝඩයින් දෙසබලනා ආකාරය මොනවට පැහැදිලි වේ. දැන් වේදිකාවෙන් බැසීමට කාලය පැමිණ ඇත. පරණ මුහුණු හා දැවැන්ත වේදිකා දේශපාලන අඳ බාල ජනතාවත් සමගම වියැකී යනු ඇත...
ඔව්, නමුත් ඔයාලටත් එක්ක නොවේ...
ඔහේ නැවත ආවොත් නම් අනිවාර්යයෙන් පාරට බහින්න වෙනවා...
මොට්ට, කපටි ඇත්තවුන් කියලා අපේ බබාත් කිව්වා...
ඔයා බහින්න පොලොන්නරුවේ හරක් එක්ක. රෝයල් පාර්ක් එපාර්ට්මන්ට් එකේ මිනීමරුවන් ඉස්සරහින් තියාගෙන එන්න.
සිරාගේ ගේ වටලන්න ඕනෑ මුලින්ම...
ජනතාව පාරට බස්සලා ඉවරයි. ඔයාලා තමයි ආණ්ඩුවේ එල්ලිලා ඉන්නේ... තොලොන්චි වෙලා යන්නේ නැතිව...
ඔයා බබෙක්ද.. සිරිසේන...?
දැන් ඉන්න අයගෙන් අපිට තියෙන එකම බලාපොරොත්තුව ඔබතුමා පමණයි. රටට වැඩක් කරයි කියලා හිතෙනවා. පොළොවේ පයගහලා මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා බලන්න, දකින්න පුළුවන් කෙනෙක් විදිහට. සුරංගනා ලෝකවල ඉන්න අයට මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න තේරෙන්නේ නෑ. කතාව විතරයි. මීළඟට ඔබතුමා හොරුන්ගෙන් තොර රජයක් පිහිටුවන්න.. අපි සූදානම්...!
මෙයා තමයි මේ ආර්ථික අර්බුදය ඇතිකළේ... රුපියල අවප්‍රමාණය වුණේ මෙයාගේ කාලේ ඉඳලා ආර්ථික වර්ධනය අඩුවුණ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරක කර්මාන්තය යටටම වැටුණා. ඩොලර් නැති වුණා. රටේ සම්පත් චීනයට දුන්නා.
අපොයි මෙයත් එක්ක පාරට බැස්සොත් බැස්ස අයව පාරේ තියලා මෙයා පස්ස දොරෙන් ආයේ රිංගයි..
ඉතින් පළමු වෙඩිමුරය තියන්න ඔබතුමා පාරට බහින්නකෝ... ඔබගේ ආසනයේ කට්ටියත් එක්ක...
ජනතාව පාරට බස්සවලා දැන් මෙතන සුදු ඇඳගෙන සුදනෝ වෙන්න එනවද? අවුරුදු 5 ක් තිස්සේ හොරුන්ව රැක්කා. එදා හරියට නීතියට වැඩ කළා නම් මේ චෞර වළල්ලම අද හිරේ. ඒක කරන්නේ නැතිව කළවලා දැන් කිඹුල් කඳුළු හෙළන්න ඇවිල්ලා. මේ ව්‍යායාමය වෙන මුකුත් නෙවෙයි... සල්ලාලයින්ට පාර හදන්න. මේ ඔක්කොම කරන්නේ තමන්ගේ පරපුරට. කැමැති නම් ආයෙමත් රැවටෙන්න..
වඩා හොඳ විකල්පයක් නොමැතිව කතා කිරීම පමණි !!!