සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,000 පසු කරයි
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනයේ ඒකක 10,000 සීමාව ඉක්වමින් ඒකක 10,072.38 ක් බවට පත්වූ බවත් ඒ අනුව සියලුම කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 158.27 කින් ඉහළ ගිය බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි.