IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුතාගෙන් පලි ගන්න මව මරූ තිදෙනා මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඇඹිලිපිටියේ හෝටල් හිමියකු සහ ඔහුගේ සගයන් දෙදෙනකු  අත්අඩංගුවට ගන්නා ලදැයි සුරියවැව පොලිසිය පවසයි.

මොවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අතරවාරයේ නීතීඥයකු සමඟ පෙරේදා රාත්‍රියේ සූරියවැව පොලිස් ස්ථානයට පැමිණ බාරවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පොලිස් ස්ථානයට පැමිණ භාර වූ මෙම තිදෙනාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගෙන ඔවුන්  අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ ඝාතනය කර තිබුණේ සූරියවැව වීරියගම වටරවුම් පාරේ පදිංචිව සිටි දෙමටගොඩ ගමගේ මල්කාන්ති නැමැති පනස් 58 හැවිරිදි කාන්තාවකි.

හෝටල් හිමියා ගේ බිරිඳ ඝාතනයට ලක් වූ මවගේ පුතකු සමග හොර රහසේ පලා යෑම මෙම ඝාතනයට හේතු වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය හෝටලය හිමි ව්‍යාපාරිකයා ඔහුගේ බිරිඳ සිටින තැන දැන ගැනීමට යැයි කියා මල්කාන්ති නැමැත්තිය පැහැරගෙන මෝටර් රථයක දමා ගෙන පලාගොස් පසුව ඇය ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

 



අදහස් (0)

පුතාගෙන් පලි ගන්න මව මරූ තිදෙනා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site