මෙන්ඩිස් සහ සමාගම් අධ්යක්ෂවරු 3කට වරෙන්තු
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා (01)අද නියෝග කළේය.