ඉරාන ජනපති පාකිස්තානයට ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහාබාස් ෂරීෆ් ප්රමුඛ රජයෙන් ඉහළ පිළිගැනීමක් හිමිවිය. 22 April 2024
උලපනේ හිමි ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ් ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකු ලබන 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා අද (22)නියෝග කළේය. 22 April 2024
‘විජේදාස ගැන අද තීරණයක් ගන්නවා‘ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ව සිටියදී නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධූරයට පත්වීම බරපතල තත්වයක් බවත් ඒ මහතාගේ පක්ෂ සාමාජිකත්වය පිළිබඳව අද දිනයේ පක්ෂය තීරණයක් ගනු ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (22) පැවසීය. 22 April 2024
‘ෆොක්ස්හිල්‘ අනතුරේ ධාවකයින් රිමාන්ඩ් දියතලාව නරියාකන්ද ’’ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරඟයේ’’ මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ තරගකරුවන් දෙදෙනා මේ මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා අද (22) නියම කළේය. 22 April 2024
වැස්ස මහ කන්නයේ වගාවෙන් 70%ක් ගිලගනී 2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්ව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. 22 April 2024
‘පොහොට්ටුවේ’ මැයි රැළිය කැම්බල් පිටියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෝක කම්කරු දිනය වෙනුවෙන් සංවිධානය කරන මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී මැයි මස 1 වැනිදා පස්වරු 2.00 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්ෂය පැවසීය. 22 April 2024
පාස්කු විවාදය දින තුනක් පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයක් බදාදා (24) සිට දින තුනක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි එහි නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 22 April 2024
විදුලි ලේකම්ගෙන් කෝටි 50ක් වන්දි ඉල්ලයි විදුලිබල පනත් කෙටුම්ප සකස්කර කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාට ලබාදීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කර කර ඇතැයි සඳහන් කරන අල්ලස,දූෂණය,නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා ඒ වෙනුවෙන් විදුලි බල ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලීම සම්බන්ධ එන්තර වාසිය විදුලි බල අමාත්‍යංයේ අතිරේක ලේකම් එස් ජයසුන්දර මහතා ලබාදුන්නේය. 22 April 2024
ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 22 April 2024
හරිත සරසවි ඉදිකිරීම් භූමියේ මළ සිරුරක් හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ දෙවන අදියරෙහි ඉදි කිරීම් භූමියේ පොල් ගසක් යට තිබී මිය ගිය පුද්ගල මළ සිරුරක් අද (22) හමු වූ බව හෝමාගම පොලිසිය පවසයි. 22 April 2024
‘ෆොක්ස්හිල්‘ ධාවකයින් දෙදෙනකු අත්අඩංගුවට දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය අතරතුරේ හත්දෙනෙකුට මරු කැදවමින් , 21 දෙනෙකුට බරපතළ තුවාල සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ තරගකරුවන් දෙදෙනකු අද (22) සැකපිට අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පවසයි . 22 April 2024
රනිල් ඉන්න තුරු කාටවත් බඩගිනි වෙන්න දෙන්නෙ නෑ රනිල් පාලන බලයේ සිටින තුරු රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් එක් අයෙකුටවත් බඩගින්නේ ඉන්නට ඉඩ තබන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා ගාල්ලේ දී පැවසීය. 22 April 2024
රිය අනතුරින් සිසුවිය මරුට කන්තලේ , රජඇල ප්‍රදේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 22 April 2024
කොටි වැළලූ රන් ගොඩ ගන්න ගිය පී.සී සහ නාවික භටයකු මාට්ටු සිලාවතුර පොලිස් ස්ථානයට යාබද ස්ථානයක එල්ටීටීඊ සංවිධානය වලදමා ඇතැයි කියන මුදල් හා ස්වර්ණාභරණ ගොඩගැනීම සඳහා වළක් හාරමින් සිටි නාවික භටයකු, පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පිරිසක් සීලාවතුර නාවික හමුදාව පවසයි. 22 April 2024
හිටපු කොස්තාපල් හෙරොයින් සමඟ මාට්ටු හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු කතරගම නව නගරයේ හෝටලයක් තුල රැදී සිටියදී අත් අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි . 22 April 2024
රන්නගල ඇල්ලේ නාන්න ගිය අයෙක් මරුට මතුගම රන්නගල ඇල්ලේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි. 22 April 2024
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්පලත් ගාල්ල,මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 April 2024
උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය මේ අනුව 2022 වර්ෂයේදී එකොළොස් ලක්ෂ විසිහත් දහස් හත්සිය පනස් අට දෙනකු සහ පසුගිය වසරේදී දාහතර ලක්ෂ තිස් හත්දහස් හයසිය හත් දෙනකු විදේශගතව ඇති බව ඔහු කීවෙය. 22 April 2024
රට වටේ පයින් ගොස් වාර්තාවක් තබන්න යන සෙබළා ශ්‍රි ලංකා යුද හමුදාවේ විශ්‍රාමික සෙබළෙක් ලංකාව වටා පා ගමනින් ගොස් වාර්තාවක් තැබිමට සුදානම් වෙයි. 21 April 2024
ලොකුගේ ඥාති නිවෙසින් ඉස්සූ චෙක් පොත් සමග කුඩ්ඩෙක් මාට්ටු මත් කරල් තොගයක් සමග අත්අඩංගුවට ගත් ප්‍රබල අරගල ක්‍රියාකාරී සංගීත ශිල්පියකු බව කියන මඩපාත පොල්හේන නිවස තුළ තිබි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතාගේ ඥාති නිවස ගිනි තබා විනාශ කර කොල්ල කා තිබූ බැංකු පොත් සහ චෙක් පොත් තොගයක් සොයා ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 21 April 2024
අඩු ආදායම් ලාබීන්ට දුන් සහල් පරණයිලු අතිශය ආර්ථික දුෂ්කරතා හමුවේ බලපෑමට ලක් වූ අඩු ආදායම් ලාභී පවුල් ඒකක වෙත මසකට සහල් කිලෝ 10 බැගින් ලබාදෙන ජාතික වැඩසටහනේ දී වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැමි ගම්මානවලට කල් ඉකුත්වූ රතු කැකුළු සහල් ලබා දී ඇතැයි පුදේශවාසිහු චෝදනා කරති. 21 April 2024
අවුරුදු මැරතන් තරගයෙන් සිසුවා මරුට සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගම හරහා දිවීමේ (මැරතන්) ධාවන තරගයට සහභාගී වී සිටි දාහත් හැවිරිදි ක්‍රීඩකයකු අද 21 වැනිදා හදිසියේ රෝගාතුර වී ඇද වැටී මිය ගිය බව ගිරිඋල්ල පොලිසිය පවසයි. 21 April 2024
තැපෑල වගේ පෙනී සිටි වෙබ් අඩවි පහක් තහනම් තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. 21 April 2024
‘‘ආණ්ඩුවට අය වැයෙන් අපේක්ෂිත ආදායම නෑ‘‘ ආණ්ඩුව මෙම වසරේ (2024) අයවැයෙන් අපේක්ෂිත ආදායම සියයට 14 කින් අඩු වන බවත් ඒ අනුව අයවැයෙන් ඉලක්ක ආදායම අඛණ්ඩව අහිමිවන 33 වැනි වසර මෙය බවත් ‘ද ස්ටේට් ඔෆ් ද බජට් රිපෝට් 2024’ වාර්තාවෙන් හෙළි වූ බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි. 21 April 2024
ජනපති ගෝඨාගේ ඇමැතුමක් ගැන කාදිනල් තුමෝ හෙළි කරති ‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුදින දුරකථනයෙන් දැනුම් දුන් බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කළ හොත් හිතවත් සංවිධාන සහ නායකයන් විරසක වන්නේ යැයි පැවසූ බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියෝ අද (21) පැවසූහ. 21 April 2024
කුඩා කර්මාන්ත සමඟ සෙල්ලම් එපා මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රැකගැනීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක නොවන වර්තමානයේ එම කර්මාන්තකරුවන්ට නැවත ගොඩනැගීමට විශේෂ වැසටහනක් අත්‍යවශ්‍ය බවත් එම කර්මාන්ත පිළිබඳව දියුණු රටවලින් පාඩම් ඉගෙනගෙන ශ්‍රී ලංකාවට අන්‍යනය වූ ආකෘතියක් සහ වැඩපිළිවෙළක් සමඟ එම කර්මාන්ත වෙනුවෙන් අනිවාර්ය කටයුතු කිරීමට කාලවකවානු සහිතව සූදානමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පැවසීය. 21 April 2024
රට හදන විට කවුරුවත් අත්හරින්නේ නෑ රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 April 2024
‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතටපැනීමෙන් සිදුවූ අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 21 April 2024
‘විජයදාස පිළිගන්නේ නෑ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම පිළි නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 21 April 2024
බදුල්ලට කුඩු බෙදූ සිවිල් ඉංජිනේරුවා පොලිස් දැලේ කොළඹ ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයේ ගොස් බණ්ඩාරවෙල සංචාරක හෝටල්වලට බෙදාහැරීමේ නිරත සිවිල් ඉංජිනේරුවරයෙකු කැස්බෑව හෝටලයක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 21 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025