IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උතුරු මැද සංචාරක ව්‍යාපාරයට දුන් කෝටියකට වැඩි මුදලක් පිල්ලි ගහලා

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා වාර්තාමය විඩීයෝ වැඩ සටහනක් නිෂ්පාදනය කිරිම ඇතුළු කාර්යන් කිහිපයකට පුද්ගලික සැපයුම් කරුවෙකුට 2016 වසරේදි පළාත් සභාවෙන් රුපියල් එක්කෝටි විසිඑක් ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබුනද එකී කාර්ය වසර ගනනාවක් ගතව ගියත් මෙතෙක් ඉටුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ.

මෙම මුදල පුද්ගලික සැපයුම් කරුවා ගෙන් ආපසු අයකර ගැනිමට උතුරු මැද පළාත් සභාව විසින් මෙතෙක් නිතීමය ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබු බවත්  එකී විගණන වාර්තාවේ සදහන්ය.

උතුරැ මැද පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරිම උදෙසා තාක්ෂණික ප්‍රමිතියෙන් යුක්ත වාර්තාමය විඩීයෝ වැඩ සටහනක් සකස් කිරිම,ආකාර්ෂණිය පින්තුර සහිත ප්‍රමිතියෙන් යුක්ත පොතක් නිර්මාණය කිරිම සහ විධිමත් තොරතුරැ සහිත වෙබ් අඩවියක් නිර්මාණය කිරිම වෙනුවෙන් උතුරැ මැද ප්‍රධාන ලේකම්වරයා විසින් පුද්ගලික සැපයුම් කරැවෙකු සමග රැපියල් එක්කෝටි පනස් හත්ලක්ෂ අනුහත්දාස් පන්සීයක(රැ.15,797,500) මුදලකට 2016 මාර්තු 23 වැනි දින ගිවිසුම් ගතව තිබුණි.

මෙම ගිවිසුම ගත මුදලින් රැපියල් එක්කෝටි විසිඑක් ලක්ෂ හතළිස් හතර දහස් පන්සීයක මුදලක් 2016 දෙසැම්බර් මස 26 වැනි දින වැඩය නිම කිරිමට පෙර ගෙවා තිබු බව විගණන වාර්තාවේ සදහන්ය.

 



අදහස් (2)

උතුරු මැද සංචාරක ව්‍යාපාරයට දුන් කෝටියකට වැඩි මුදලක් පිල්ලි ගහලා

Kamal Koyrala Monday, 09 December 2024 03:32 PM

මේ ගෙවීම සඳහා අනුමැතිය දුන් සියල්ලම වගකිව යුතු අතර ලංකාවේ සංචාරක මණ්ඩලයෙන් වියයුතු දේවල් පළාත් සභාවලට දුන්නේ කවුද?

:       0       8

Upali Tuesday, 10 December 2024 04:51 AM

ශුවර් එකට හිටපු ආණ්ඩුකාරයාට ලොකු පගාවක් ගිහින් ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site