ඊශ්‍රායලයට පරාජය හිමිවන බව ඉරානය කියයි ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයකදී ඇමෙරිකාව ඊශ්‍රායලයට අවශ්‍ය ආරක්ෂක සහාය ලබා දීමට තීරණය කර තිබුණත් එවැනි යුද්ධයකදී නිසැකවම ඊශ්‍රායලයට පරාජය අත්වන බව ඉරානය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූවේය. 23 June 2024
‘අභියෝග හමුවේ පැන යන්න එපා‘ අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 June 2024
රක්ෂිතයක අනවසරයෙන් මැණික් ගැරූ හයක් අල්ලයි බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හයදෙනෙකු මස්කෙලිය රිකාටන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද (23) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 23 June 2024
සැරයන්ට පහරදුන් පිය-පුතු ඇතුළු තුනක් අත්අඩංගුවට පොල්පිතිගම කළුගල්ල ප්‍රදේශයේ ඉඩමක ගෝඩා අලෙවි කරන බවට ලද තොරතුරට අනුව ඒ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් සැරයන් වරයෙකුට පොල්ලකින් පහර දුන් බව කියන කාන්තාවක සහ එකම පවුලේ තාත්තා සහ පුතා අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය පවසයි. 23 June 2024
අවියක් සමග පාතාලයෙක් මාට්ටු අධිකරණ වරෙන්තු ගණනාවක් ඇති දකුණේ පාතාල කල්ලි සාමාජිකයකු ඇමරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩ 10 ක් , හෙරෝයින් මිලි ග්‍රෑම් 2200 ක් ජංගම දුරකථනයක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් බඩෝවිට 2 අදියරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය. 23 June 2024
ගසක් වැටි බදුලු දුම්රිය ප්‍රමාදයි උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පෙන්රෝස් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (23) උදෑසන කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 23 June 2024
මාර්ග අනතුරුවලින් හතක් මරුට: 15ක් රෝහල්වලට පොසොන් දින පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස් තවත් 15දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 23 June 2024
තැනින් තැනට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 June 2024
අනියම් පෙමින් ජීවිතයක් ජීවිතයක් අහිමි වෙයි අනියම් පෙමක පැටළුනු 41 වැනි වියේ පසු වූ අයෙකුට අද අළුයම් කාලයේදී කටුවන අමුදමන ප්‍රදේශයේදී පිහියකින් ඇන ඝාතනය කොට ඇතැයි කටුවන පොලීසිය පවසයි. 23 June 2024
ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය. 23 June 2024
සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ බලන්න ජනපති යයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගියේය. 22 June 2024
’කෙසෙල්වත්තේ දෙනුවන්ගේ’ ගෝලයෙක් අත්අඩංගුවට ඩුබායි රාජ්‍ය තුල රැදි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල් වත්තේ දෙනුවන් චතුරංග නැමැත්තා ගේ ගෝලයෙක් ලක්ෂ පහක අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 June 2024
දෙවැනි දිනටත් ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලය ඒකාලෝක වෙයි විජය පුවත්පත් සමාගම 21 වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ දෙවන දිනය අදට (22දා) දිනට යෙදී තිබිණ. 22 June 2024
රාජිතගෙන් රනිල්ට චරිත සහතිකයක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාරගත් හෙයින් අද රට අර්බුදයෙන් මිදී ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය 22 June 2024
සිසුවියට හදි කළ සිද්ධියට තවත් තුනක් අල්ලයි හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 22 June 2024
සංවර්ධන ගමන ඉන්දියාව එක්ක හවුලේ යනවා ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 June 2024
පක්ෂයට නඩු දාපු ෆොන්සේකාට කතා දෙන්න බෑ පක්ෂයට නඩු දාපු කෙනෙකුට නායකත්වය විවේචනය කරන අයකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කරයි. 22 June 2024
ආයතන විස්සක දත්ත පද්ධති මැකිලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින බව විගණන වාර්තාවලින් හෙළිවී ඇත. 22 June 2024
බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදී රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති ඉදිරියේදීම දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ. 22 June 2024
වැස්සත් වැඩි වේ: මුහුදත් රළු වේ බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව කියයි. 22 June 2024
ආණ්ඩුවෙන් වරදාන ගත්තු මන්ත්‍රීලා දොට්ට පක්ෂවල තීරණයට පිටින් විමධ්‍යගත අරමුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කර ඇත. 22 June 2024
ජනතා කැමැත්ත හොයන්න අපේක්ෂකයෝ බරටම වැඩ ජනාධිපතිවරණය කර ළඟටම පැමිණ ඇති හෙයින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ ජනතාවගේ අදහස දැනගැනීම සඳහා සිය අවසාන ජන මත විමසුම් සමීක්ෂණ මේ දිනවල ප්‍රබල වටයකින් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. 22 June 2024
නීති පති සේවා දිගුව යළි ව්‍යවස්ථාදායක සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 22 June 2024
කෝටි ගණනක් වතුරේ යවා මෙත් සිරිපාය කැලෑවට ගිහින් පොළොන්නරුවේ සියලුම රාජ්‍ය ආයතන එකම ස්ථානයට ගෙනවිත් ජනතා සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිකෙරුණු මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය නිලධාරීන්ගේ කඹ ඇදීමක් හේතුවෙන් වසර පහකට වැඩි කාලයක් තිස්සේ කැලෑ වැදී විනාශ වෙමින් පවතින බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවූ බව එහි සභාපති මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 22 June 2024
හංසමාලිගේ වත්කම් ගැන විමර්ශන අරඹයි පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ. 21 June 2024
’’යළිත් වරක් වරදින්නැති ආණ්ඩුවක් පිහිටුවමු’’ යළිත් වරක් වරදින්නේ නැති පොදු ජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සියලු දෙනා එකමුතු වී කටයුතු කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දෙහිඅත්තකන්ඩියේදී පැවසිය 21 June 2024
කුරුළු උණ ගැන ලංකාවට හෙවිල්ලෙන් ඉන්න කියයි ඉන්දියාව වැනි අසල්වැසි රටවල කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇතැයි ඩේලි මිරර් පුවත්පතට වාර්තා විය. 21 June 2024
හිතුවාට කලින් ලංකාව බංකොලොත් බවින් නිදහස් හිතුවාටත් වඩා කලින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තන්තිරිමලයේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව විවෘත කරමින් අද (21)පැවසීය. 21 June 2024
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ඒකාලෝක වේ විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන අද (21) ආරම්භ කෙරිණි. 21 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025