
(කේ. බුද්ධික කුමාරසිරි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අයත් හවුල් බැංකු ගිණුමක තිබූ රුපියල් මිලියන 59 ක පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඩේසි ෆොරස්ට් යන අය සැකකාරියක ලෙසට නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් අද (11) දින ප්‍රතික්ෂේප කලාය.
එම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ මෙම කාන්තාව සැකකාරියක කරන ලෙස නීතිපතිවරයා සිදුකළ දැනුම් දීම මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදු කරන ලදී.
මෙහිදී අදාළ නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවද ඒ අනුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
අදාල නඩුව සම්බන්ධයෙන් පෙර දිනකදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා අධිකරණයෙහි මෙම නඩුව බහා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත ජනාධිපති තුමාව මුන ගැහලා සාකච්ඡා වාරයක් දාන්න වෙයි වගේ
පිලිවෙලක් නොමැතිව කරැණු කාරණා නොදැන ගැලරිය පිනවීමට ම තමන් අකමැති පාර්ශවයනට විරැද්ධව නඩු පවරීමෙන් සිදුවනුයේ ක්‍රමවත් සාක්ෂි පද්ධතියක් නොමැතිවීමෙන් වැරදි කර ඇතිබව සැකයකින් තොරව සනාථ කිරීමට අපොහොසත් වී විත්ති පාර්ශවය නිදොස්කොට නිදහස් වීම ම පමණකි.....
රම්බොඩත් පී ජේ ත් මේ කියපු දෙය තේරිලා නෙවෙයි අදහස් දෙන්නේ. තමන්ගේ හාම්පුතුන්ට වැඩ වරදින නිසා ඇතිවෙච්චි හිතේ අමාරුවට මොනවා හරි කියන එක. නඩුකාර තුමිය නරක පැත්තට යමක් කියලා නැහැ.
රන්බොඩා, පීජිට අනුව තමන්ගේ වකුගඩු හොරකම් කරත් රාජපක්ෂලා ඒ අය දෙවිවරුන් ලු.