’’මැති ඇමති පනස්හයක් ගෙවල් කුලියට පොලු තියලා’’ මැති ඇමතිවරුන් පනස් හය දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තිස් හතක පමණ මුදලක් (හිඟකුලි) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 25 June 2024
වරප්‍රසාදවලට මුවාවී ඇමැති උසාවිය හෑල්ලු කරනවා පාර්ලිමේන්තුවේ පසුගිය 19 වැනිදා පැවැති විවාදයක් අතරතුරදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණ පද්ධතිය විවේචනයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද වගකීම් විරහිත ප්‍රකාශවලින් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 24 June 2024
පූජා නගරයට කුඩු බෙදූ ගුරුවරිය සහ සුපවේදී සැමියා මාට්ටු පොසොන් සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන්ට මත්කුඩු බෙදා හැරීමට සූදානම්ව සිටි, අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ප්‍රධාන පාසලක පුහුණු ගුරුවරියක සහ ඇගේ සැමියා රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සහ එය ප්‍රවාහනය කළ යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 24 June 2024
ගෑනු හුටපටයකට හොල්මන් මන්දිරයේ යක්කු ගහ ගනිති සිය අනියම් පෙම්වතා සමඟ නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනී පෙට්ටියේ වැතිර සිටි තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගෙන පහරදීමට තැත් කිරීම නිසාවෙන් ඇතිවූ ගැටුමකදී අත්අඩංගුවට ගත් දොළොස් දෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය අද නියෝග කළාය. 24 June 2024
දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය ඉල්ලා නඩු දමයි එල් .පී.එල්. ක්‍රිකට් තරඟාවලියට ඉදිරිපත්වන දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අවලංගු කිරීමේ තීරණය නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කර එහි හිමිකාරීත්වය තමන් වෙත පවරන තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සමාගමක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (24) නඩු පැවරීය. 24 June 2024
කෝටි 20ක අයිස් මධ්‍යම තැපැලෙදී මාට්ටු පාකිස්තානයේ සිට එවා තිබූ පාර්සලයක තිබී රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමරුවේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය අද (24) අත්අඩංගුවට ගත්තේය. 24 June 2024
පොහොට්ටුවෙන් අද ගත් තීරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පත්කෙරෙන හෝ එම පෙරමුණ සහය දෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම මහින්ද චින්තනය සමඟ එකඟ වී ඒ ප්‍රතිපත්ති උඩ ගමන් කරන අයකු විය යුතු බවට එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවේදී අද (24) තීරණය කර ඇත. 24 June 2024
තාබුගලගෙන් පැය තුනක රහස් ප්‍රකාශයක් රහස් පොලිසිය කප්පම් ඉල්ලුවේ යැයි කියමින් රහස් ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරු පැය තුනක ප්‍රකාශයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියගේ නිලමැදිරියේදී අද (24) ලබා දුන්නේය. 24 June 2024
ලංගම රක්ෂණය ගැටළුවක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ 4,000 කට පමණ තෙවැනි පාර්ශවයේ රක්ෂණ ගෙන තිබීම නිසා රියදුරකුගේ අතපසුවීමකින් බස් රථයක් අනතුරකට පත්වුවහොත් අලාභය රියදුරුගෙන් අයකර ගන්නා බව ලංගම රියදුරෝ පවසති. 24 June 2024
දැරියකට හදි කළාට වසර 35ක් සිපිරිගෙට අවුරුදු 16 දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයකු වරදකරු කරමින් පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා ඔහුට වසර 35 ක සිරදඬුවම් නියම කළේය. 24 June 2024
බිරිය සැමියාගේ පැරණි පෙම්වතියගෙන් ලක්ෂ 50ක කප්පම් ඉල්ලලා ඇමති ආරක්ෂක අංශයේ සේවය කරන සිය සැමියාගේ පාසැල් ප්‍රේමයේ නිරුවත් දර්ශන පැරණි පෙම්වතියගේ සැමියාට මුදා හරිමින් අන්තර්ජාලයට මුදා නොහැරීමට ලක්ෂ පනහක කප්පම් ඉල්ලුවේ යැයි කියන විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය ඇප මත මුදා හැරී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා පොලිස් කොස්තාපල් වරයාට ලබන 27 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට අද (24) නියෝග කළේය. 24 June 2024
’’ක්‍රිකට් කණ්ඩායම වැරදි නම් මං ඉල්ලා අස්වෙනවා’’ 2024 T 20 ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු සිදු කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. 24 June 2024
මහින්ද රනිල්ට හේත්තු වෙයිද? ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් විය යුතුද යන්න පසුවට තීරණය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය 24 June 2024
අල්ලස් ඉල්ලූ එස්.අයිගේ වැඩ තහනම් වැටලීමක් කරන මුවාවෙන් බම්බලපිටිය ක්‍රෙස්ටර් පෙදෙසේ ඉන්දියන් පුද්ගලික සමාගමක් වෙත ගොස්. රුපියල් ලක්ෂ 50 ක අල්ලස් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනමට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කියයි. 24 June 2024
කන්න දෙකක් සියලු වී ගොවීන්ට ’’බන්ඩි’’ නොමිලේ 2024/25 මහ කන්නය හා 2025/26 මහ කන්නයේ සියලුම වී ගොවීන්ට නොමිලයේ MOP හෙවත් බන්ඩි පොහොර ලබා දීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 June 2024
දරුවන් අතරේ ඉන්ෆ්ලුවන්සා උණ පාචනය වැඩි වෙලා දරුවන් අතරේ ඉන්ෆ්ලුවන්සා උණ සහ පාචනය පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය. 24 June 2024
රන් මිල පහළට රත්තරන් මිල පසුගිය දිනවලට සාපේක්ෂව තරමක පහළ අගයක් වාර්තා වන බව වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි. 24 June 2024
උද්දිකගේ රංගනයෙන් ලාංකිකයෝ අමාරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සම්මානනීය රංග ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය රඟපෑමක් යැයි ප්‍රසිද්ධවීමත් සමඟ යුරෝපා රටවල් රැසක් සහ ඇමෙරිකාව මෙරට පුරවැසියන්ට වීසා නිකුත් කිරීමේදී දැඩි පිලිවෙතක් අනුගමනය කරන බව වාර්තා වේ. 24 June 2024
ලොව ලාබාල මහාචාර්යවරයා ඉන්දියාවේ ලොව ළාබාලතම මහාචාර්යවරයාවීමට ඉන්දියානු සම්භවයක් සහිත 12 හැවිරිදි සිසුවකු වන සුබෝනෝ බාරිට හැකියාව ලැබී ඇත. 24 June 2024
හංවැල්ලේ සමූහ දූෂණ සිද්ධියේ අට දෙනා රිමාන්ඩ් හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා බව කියන අයෙකු ඇතුළු තරුණයින් 08 දෙනා අද (24) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කලේය. 24 June 2024
වැඩි කළ පෙර පාසල් ගුරු දීමනාව මේ සතියේ සිට මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම සහ ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඉදිරි වසර කිහිපයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 June 2024
රුවන් සමඟ වෙරළ පිරිසිදු කරන්න ඊජිප්තුවත් එයි ප්‍රකට සංචාරක වෙරළ තීරයක් වන ගල්කිස්ස වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව පැවැත්විණි. 24 June 2024
මහල් නිවාස 8000 කට සින්නක්කර ඔප්පු කොළඹ මහල් නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ලබන මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 8000කට සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු යොදා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 24 June 2024
නාන්න ගිය සිසුවා අත්තනගලු ඔයේ සැඟවෙයි අත්තනගලු ඔයේ කොටුගොඩ බෝලන්ද නාගස්මැන්ඩිය වාන අසල දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි ගම්පහ පොලිසිය කියයි. 24 June 2024
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි මීටර් 27 ක් පළල දැවැන්ත ග්රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියේ හැපුණොත්, මහා විනාශයක් වීමට ඉඩ ඇති බවත් ඇමෙරිකාව් නාසා ආයතනය පවසා ඇත. 24 June 2024
අණ නොතැකූ කැබ් රියට වෙඩි වවුනියාව, ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේදී නීති විරෝධිව කපන ලද බුරුත දැව කඳන් තොගයක් රැගෙන පොලිස් අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට අද (24) වෙඩිතැබූ බව වවුනියාව පොලිසිය කියයි. 24 June 2024
කෝන්තරයක් පිරිමහන්න පීසීට ගහලා කුලී ත්‍රීරෝද රථ ගාලක ඇතිව තිබූ පරණ අමනාපයක් මත පොලිස්පති අණදෙන කොට්ඨාසයට අනුයුක්ත කොස්තාපල්වරයකුට බදුල්ල දුනුඅංගේ පාලම උඩදී ත්‍රිරෝද රථ 4 කින් පැමිණි දස දෙනකු පහරදී ඇති බව බදුල්ල පොලිසිය පවසයි. 24 June 2024
ජනපතිගෙන් රට හොල්ලන ප්‍රකාශයක් අනිද්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ කාරණය ජනපති අනිද්දා (26) රටට ප්‍රකාශ කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 24 June 2024
රටේ හතරෙන් එකක් ක්ෂුද්‍ර මූල්යට ගොදුරු වෙලා අපරාධ වලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 24 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025