
(දයාරත්න ඇඹෝගම)
රාජාංගණය පොලිස් වසමේ තුඹුල්ලේගම වැවේ ඔරුවක නැග මසුන් අල්ලමින් සිටි 64 හැවිරිදි තිදරැ පියෙකු ඔරැව පෙරලි දියේ ගිලිමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි රාජාංගණය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රාජාංගණය,යාය 06,අංගමුවේ පදිංචිව සිටි ජීනාගේ ඥාණපාල(64)නැමති තිදරැ පියෙකි.
මෙම පුද්ගලයා පසුගිය 10 වැනිදා රාත්‍රි අටට පමණ සිය නිවසේ සිට මසුන් ඇල්ලිම සදහා තුඹුල්ලේගම වැවට ගියද ආපසු නොපැමිණිමේ හේතුවෙන් ඔහුගේ ඥාතින් විසින් ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කර තිබුණි.
එම පැමිණිල්ල මත පොලිස් නිලධාරින් හා ගම්වාසින් විසින් තුඹුල්ලේ වැවේ සිදුකළ සෝදිසියේදි මියගිය පුද්ගලයාගේ මළ සිරැර ඊයේ (11) දින පස්වරැවේදි සොයා ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගණය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.ඩබ්.එස්.ගජසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔරුව පෙරළී තිදරු පියෙක් මරුට