
(රෝෂන් තුෂාර)
සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(11) නියෝග කළේය.
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වන චූදිතයන්ට සිරදඬුවම් පැමිණ විය යුතු වුවත්, චූදිතයින් විසින් සිය වරද මුල් අවස්ථාවේදීම අධිකරණය හමුවේදී පිළිගැනීම සහ වීසා සකස් කර ගැනීම යන කරුණු සලකා බැලීමෙන් පසුව මෙම පිටුවහල් කිරීමේ නියෝගය නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය .
චුදිතයන්ගේ නම් අසාදු ලේඛනයට ඇතුළත් කරන ලෙසට ආගමන හා විගමන නිලධාරීවරයාට නියෝගයක් ද නිකුත් කළේය.
එක් එක් සැකකරුවන්ට රුපියල් පනස් දහස බැගින් ලක්ෂ 650 දඩයක්,එම දඩය නොගෙවන්නේ නම් එක් චූදිතයෙකුට අනිවාර්යයෙන් මාස හයක සිර දඬුවමක් නියම කරන බවද නියෝග කළේය. එක් එක් චූදිතීන්ට වසරක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් වූ කරුණු අනුව එම සිර දඬුවම වසර පහකට අත්හිටවන බව දන්වා සිටියේය.
දඩය ගෙවීම අනිවාර්ය බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීසා නැති 13ක් පිටුවහල් කරයි
samson Wednesday, 12 February 2025 09:20 AM
රු: හය ලක්ශ පනස් දහසද? නැත්නම් රු: කෝටි 6.5 ද?
prabash Wednesday, 12 February 2025 11:25 AM
පහුගිය කාලේ බෝට්ටුවලින් ආපු අයව හොයලා අල්ලන්න. ඒ අය හැංගිලා ඇති. වහාම යවන්න.
බකල ජයාWednesday, 12 February 2025 11:41 AM
නැවෙන් ආව විජයවත් අල්ලලා යවමු.
රුවන් Thursday, 13 February 2025 12:16 PM
මහාවංශයට අනුව ලංකාවේ පළවෙනි රජතුමාත් හොරෙක්, සල්ලාලයෙක් වගේ දුෂිත චරිතයක්, රටිනුත් පන්නපු. ලංකාව නිකං හොරුන්ට කාන්දම් වගේ.