කොමියුනිස්ට් පක්ෂය නව දේශපාලන පෙළගැස්මක
සියලූ ජාතික සහ ජාත්‍යන්තර සාධක සැළැකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සියලු අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී, ප්රගතිශීලි වාමගාමී, බලවේගවලට නව දේශපාලන පෙළගැස්මකට අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.