මුහුදු කාදනයෙන් අඩුවන ශ්‍රී ලාංකීය භූමි ප්‍රමාණය

ශ්‍රී ලංකාව කියන්නේ දූපත් රාජ්‍යයක්.අපේ දේශසීමාව පිහිටලා තියෙන්නෙ මුහුදේ.මේ රටේ සියලුම දූපත් එකතුව එකසිය දාසයක් වෙනවා. මේ ඔක්කොම පිහිටලා තියෙන්නේ නිවර්තන කලාපීය සාගරයක. ඉන්දියන් සාගරයෙ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන පෝක් සමුද්‍ර සන්ධිය මුහුදු සීමාව හරියටම දෙකට බෙදල තියෙනව. මුහුදේ ඉතිරි කොටස මුහුදුබිමේ ඉඳලා නාවික සැතපුම් මීටර් දෙසීයක් පමණ  මුහුදු කලාපය ශ්‍රී ලංකාවට අනන්‍ය ආර්ථික මුහුදු කලාපය ලෙස හඳුන්වනවා. ශ්‍රී ලංකා දේශසීමාව සම්පූර්ණයෙන්ම වැටී තිබෙන්නේ  මුහුද මත. මෙය වර්ග කිලෝමීටර් පන් ලක්ෂ දාහක්දාහක් තිබෙනවා.  ඒ වගේම ගොඩබිමට අයිති දූපත් එකසිය දාහතේම එකතුව ගත්තොත් වර්ග කිලෝමීටර් හැට පන්දාස් හයසිය දහයක භූමි ප්‍රමාණයක් තියෙනවා. මේකෙන් සීයට තුනකට ආසන්න ප්‍රමාණයක් අභ්‍යන්තර ජලාශ.අනෙකුත් දූපත් සියල්ලේම  ප්‍රමාණය  වර්ග කිලෝමීටර්  400ටත් අඩුයි. මේකෙන් විශාලම දූපත තමයි මැද පිහිටලා තියෙන දූපත, දිගින් කිලෝමීටර්  1680ක් විතර වෙනවා. අපි නිවර්තන කලාපීය රටක් හැටියට ලංකා භූමි තලය මීට අවුරුදු මිලියන 270 කට පෙර සාගරයෙන් ඉහළට එසවිලා භූමියක් හැටියට නිර්මාණය වෙලා තිබෙනවා. එදා ඉඳන් අද දක්වාම මේ භූමිය දිගින් දිගටම මුහුදු කාධනය වෙනවා. මේ කාධනය වීම තමයි දූපතක් හැටියට රට ඇතුලේ නාය යාමක්, ගංවතුර, භූමි හායනයක්, මොකක් සිද්ධ වුනත් ඒකෙදි භූමියේ වෙනසක් සිද්ධ වෙන්නේ නැත්තේ.නමුත් අපේ ගොඩබිමේ භූමි ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙමින් යනවා.මේ නිවර්තන කලාපීය සාගරය කවදාවත් අයිස් බවට පත්වෙන්නේ නැහැ. ඒ නිසා මේ භූමියට වෙරළ තීරය දිගින් දිගටම පහර දෙනවා.

 ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව සාගර තරංග දිවයිනට දකුණින් පිහිටා තිබෙන උණුසුම් සමක දියවැල, ඒ වගේම උදම් රළ , දෛනිකව පහර දෙන වඩදිය හා බාදිය ක්‍රියාවලිය මෝසම් කාලෙදී ක්‍රියාත්මක වන මාස හයෙන් හතරෙන් ක්‍රියාත්මක වන ඊසාන දිග මෝසම් සුළඟ නිසා මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශය වෙරළ කාදනයට ලක්වෙනව.  නිරිත දිග මෝසම් නිසා දකුණු නිරිතය දිග සහ බස්නාහිර මුහුදුබඩ කාදනයට ලක්වෙනව. දෛනිකව මුහුදු සුළං හා ගොඩ සුළං ඇතිවෙනවා. ඒනිසා ඇතිවන රළ නිසා මුහුදු කාදනය වෙනවා. මේ නිසා ලංකාව වටේම කඩ තොලු වෙරළක් දකින්න ලැබෙනවා. මේ වෙරළ අපිට ඉතාම වාසිදායක වෙන්නේ  ස්වභාවික මුහුදු කෑම නිසා ඇති වී තිබෙන ගාල්ල, මන්නාරම , ත්‍රිකුණාමලය වැනි ස්වභාවික වරායන් රාශියක් පිහිටා තිබීම නිසයි. නමුත් රට වටේම සිදුවන මේ විශාල මුහුදු කාදනය නිසා අපේ රටේ ප්‍රමාණය කෙට්ටුවීමක් එහෙම නැත්නම් භූමි ප්‍රමාණයේ අඩුවීමක් දක්නට ලැබෙනවා.

1963 දී ආරම්භ කළ වෙරළාරක්ෂණ දෙපාර්තමේන්තුව 2011 දී වෙරළ සංරක්ෂණ පනත මගින්  සංශෝධනය කරලා ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබුවා. වෙරළ ආරක්ෂා කර ගැනීමට මෙම ආයතනය විශාල වශයෙන් කටයුතු කරනවා. අපේ රටේ වෙරළ තීරයේ ප්‍රමාණය ගත්තොත් ඒ ප්‍රමාණය මනින්නේ , මුහුදු මට්ටම එහෙමත් නැත්නම් වෙරළ බිඳෙන බිමේ මැද ඒ කියන්නේ බින්දුව,මේක තවත් විදිහකට කියනවනම්  රළක් ගොඩට ඇවිත් රළක් පසුපසට යන විට ඒ දෙක අතර මැද දුර අන්න එතන ඉඳලා මුහුද දෙසට කිලෝමීටර් දෙකක් භූමි කලාපයත් ගොඩබිම දෙසට මීටර් තුන්සීයකුත් වෙරළ සංරක්ෂණ පනතට අනුව වෙරළා කියලා හඳුන්වනවා.මුහුදට විවෘත වුනු යම්කිසි ජලාශයක්  සහිත මෝය කටත්, වරායක් වගේ දෙයක් තිබුණොත් එතන ඉඳලා කිලෝමීටර් දෙකක් නැවත ගොඩබිම දෙසට අයිති වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් කිලෝමීටර් හතරක් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් කිලෝමීටර් හතරක් වෙනවා.

ඒ ගංගාවේ ,ඒ බොක්කේ හෝ  විලේ, ජලාශයේ  දෙපැත්තටම මායිමේ ඉඳලා ගං ඉවුර ඇතුලට හා පිටතට මීටර් 100ක් කිලෝ මීටර් දෙකක් යනකම් යනකං වෙරළ හැටියට හඳුන්වනවා.  මේ විදිහට තමයි ලංකාවේ වෙරළ පැහැදිලි කරන්න පුළුවන්.

ලංකාවට අයිති වෙරළ කලාපයේ වර්ග මීටර් ප්‍රමාණය තවම ගණනය කරලා නෑ

ලංකාවට අයිති වෙරළ කලාපයේ වර්ග මීටර් ප්‍රමාණය තවම ගණනය කරලා නෑ, මේක බරපතළ ප්‍රශ්නයක්. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව website එකේ ලංකාවට අයිති රල කලාපයේ වර්ග කිලෝමීටර් ප්‍රමාණය තවම ගණනය කරලා නැහැ.මේ දෙපාර්තමේන්තුවටවත් ශ්‍රී ලංකාවේ භූමියේ තියෙන වටිනාකම  අවබෝධ වෙලා තියෙනවද කියන එක ගැටලුවක්. මේ ප්‍රශ්නය බරපතල වෙන්නේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහක් තියෙනවා.  මේ දිස්ත්‍රික්ක විසිපහෙන් දිස්ත්‍රික්ක 14 කට මුහුද තියෙනවා. මේ මුළු වෙරළ  කලාපයේ සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝමීටර්  1980ක්. මේකෙන්  1950 ක්ම ලංකාවේ වෙරළ කලාපයේ.  කාදනයට ලක් වෙන වෙරළ තීරයක් හැටියටයි අපි අඳුනගෙන තියෙන්නේ.කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කරනකොට කොම්පඤ්ඤවීදිය කොල්ලූපිටිය, මොරටුව, දෙහිවල මුහුදු තීරයන් රේල් පාර අසලටම ඇවිත් තියෙනවා. කෙනෙකුට දකින්න පුළුවන් ඉදුරුව,බේරුවල ප්‍රධාන  ගොඩබිම් මාර්ගයෙ  යන විට මුහුද ළංවෙලා තියෙනවා. මේක බරපතළ ප්‍රශ්නයක්.ඉඳුරුව වෙරළ  ප්‍රදේශයේ මීටර් සීයක දෙසීයක ප්‍රදේශයක් ආරක්ෂා කරගන්න බැමි යොදල තියෙනවා.ඒ ආරක්ෂාවත් ප්‍රමාණවත් නැහැ. ඒ බැමි කඩාගෙන ගොඩබිමට ආවොත් මුහුදු මට්ටමට වඩා පහළ බිම් කොටස් විශාල ප්‍රමාණයක් මුහුදු ජලයෙන් යටවෙන්නට ඉදිරියේදී ඉඩකඩ තියෙනවා.මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍යයි.

ලංකාවේ වැඩියෙන්ම කාදනය වෙන බටහිර,නිරිතදිග සහ දකුණු වෙරළ තීරය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන  වෙරළ කාදනය පිළිබඳව කළමනාකරණ වැඩසටහනක් හැදුවා. 2012 දී මේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ කොටස් වලට කඩල තියෙන වෙරළ තීරු අනුව ලංකාවේ වැඩියෙන්ම කාදනය වෙන්නේ බටහිර සහ  නිරිත දිග සහ දකුණු වෙරළ තීරය.  ලංකාවෙ දිස්ත්‍රික්ක දාහතරෙ ප්‍රධාන නගර ඒ කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය, මාතර මාතර නගරය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නගරය, අම්පාර දිස්ත්‍රික්කයේ   අම්පාර හැර අනෙකුත්  ප්‍රධාන නගර මුතූර් ත්‍රිකුණාමලයේ ත්‍රිකුණාමල නගරය ,මඩකලපුව, යාපනය, මන්නාරම,  පුත්තලම ,හලාවත,ගම්පහ දිස්ත්‍රික්කයේ  මීගමුව, කොළඹ නගරයේ සිට  කළුතර  දක්වා පිහිටලා තියෙන වෙරළ තීරය යනාදී මේ ප්‍රධාන දිස්ත්‍රික් අග නගර පිහිටා තිබීම බැලුවොත්  ගාල්ල නගරය මුහුදු මට්ටමේ සිට මීටර් හතරක උසකින් පිහිටලා තියෙනවා. මාතරත් එහෙමයි. අපේ රටේ ගංගා 103ක් තියෙනවා මේ සියලු ගංගා මුහුද කරා ගලා බසිනවා.  ඒ ගලා යනකොටත් වෙරළ කාදනය වෙනවා. කළමනාකරණය වීම සඳහා මේ ගංගා හරහා  ප්‍රවාහනය කරන  වැලි  මේ මුහුදු තීරයට ඉතාම වැදගත් වනවා.ඒ අනුව තමයි මුහුදු තීරයක් කාදනය වෙන්නේ.

2012 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඉදිරිපත් කළ  වෙරළ කාදන කළමනාකරණ වාර්තාවේ දෙවැනි පරච්ඡේදයේ සඳහන් වෙන දෙයක් තමයි කොයි තරම් තීව්‍රතාවයකින් වෙරල කාදනය වෙනවද කියන එක. අපේ රටේ වෙරළ කාදනය වෙන්ඩ විශාල හේතුවක් තමයි ඊසාන දිග සහ නිරිත දිග මෝසම් මෙහිදී ඊසාන දිග කාලෙදි වෙරළ කාදනය වෙලා වෙර⁣ලෙ පැත්තක් අයින් වෙනවා. නිරිත දිග මොසම් සුළං කාල වලදී ඒ පැත්තෙ වැලි ගොඩගැහෙනවා.  නිරිතදිග ප්‍රදේශයේ සහ දකුණු දිග බටහිර ප්‍රදේශවල වෙරළ කාදනය වෙනවා. මේ නිසා එක අවුරුද්දක දත්ත අරගෙන  බලලා වැඩිපුරම වෙරළ කාදනය වෙන්නේ කොයි පැත්තද කියලා  ගණනය කරන්න බැහැ. ඒ නිසා අවුරුදු විස්සක් වගේ දීර්ඝ කාලයක් අරගෙන විශ්ලේෂණය කරලා බැලුවොත් කොයි කොයි පැති වලද වැඩිපුර වෙරළ කාදනය වෙන්නේ කියලා කියන්න පුළුවන්. වර්ධනය වෙන වෙරළක් සහිත සහ  කාදනය වෙන වෙරළක් සහිත ප්‍රදේශ කියල කොටස් දෙකක් ලංකාවෙ තියෙනවා.  ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රමාණය එහෙමත් නැත්නම් වර්ග කිලෝමීටර් එක්දාස් 1680න් තුනෙන් එකක් දැඩි කාදනයකට ලක්වෙනව.  අනෙකුත් ප්‍රදේශ සමාන්‍යයෙන් වර්ධනය වෙන වෙරළක් සහිත ප්‍රදේශ.නමුත් තැනින් තැන  වෙරළ කාදනය වෙන බව අවුරුදු විස්සක විසිපහක කාලයක් අරගෙන බැලුවොත් කියන්න පුළුවන්.එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලංකාවේ කරල තියෙනන පර්යේෂණත් බැලුවාම ලංකාවේ වැඩියෙන්ම වෙරළ කාධනය වෙන්නේ බටහිර වෙරළ තීරයත් දකුණු දිග සහ නිරිත දිග වෙරළ තීරයයි.ඒකෙත් මාඔයේ සිට මීගමුවට කිට්ටුව පිහිටි ලන්සිගම කියන  ප්‍රදේශයත් අතර මේ දේ සිද්ධ වෙනවා. .

අවුරුදු පහක් හයක් ඇතුලත ලංකාවේ වර්ග කිලෝමීටරයක් පමණ මුහුදු කාදනයෙන්  අයින් වෙනවා

පසුගිය වසර විස්සක කාලය හා සසඳා බැලීමේදී  සාමාන්‍යයෙන් වර්ෂයකට මීටර් 12 බැගින් වූ ප්‍රමාණයක් දැඩි ලෙස මෙ ප්‍රදේශ⁣යෙ කාදනයට ලක්වෙලා තියෙනවා. මේක බරපතල තත්වයක්. වර්ෂයකට කියුබික් මීටර් ලක්ෂ දෙකක් ලක්ෂ තුනත් අතර සෝදායාමක් සිද්ධ වෙනවා.  සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටරයක් කියන්නේ කියුබික් මීටර් ලක්ෂයක්. වර්ෂයකට ලක්ෂ දෙකක් තුනක් අතර යනවා කියලා කියන්නේ.  අවුරුදු පහක් හයක් ඇතුළත වර්ග කිලෝමීටරයක් පමණ ප්‍රදේශයක් අයින් වෙනවා.  එතකොට ලංකාවේ වෙරළ කාදනයේ බරපතලකම කෙනෙකුට හිතාගන්න පුළුවන්.

දකුණු වෙරළ තීරයේ හික්කඩුව, ඉඳුරුව , බේරුවල දක්වා වූ ප්‍රදේශයේ සිදුවන කාදනය වර්ෂයකට ගණ මීටර් එක් ලක්ෂ පනස් දාහයේ සිට  ලක්‍ෂ දෙක දක්වා වැලි ඉවත් වෙනවා.  ඒත් අවුරුදු හයක් හතක් යනකොට වර්ගකිලෝමීටරයක ප්‍රදේශයක් වෙරළ තීරයෙන් අයින් වෙනවා.මේ විදිහට ලංකාව දූපතක් ලෙස අපේ වෙරළ තීරය අපිට අහිමි වී යාමක් දකින්නට පුළුවන්.

ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටම වර්ෂයකට මිලිමීටර් තුනයි දශම පහක වේගයෙන් ඉහළ යනවා

එමෙන්ම ඉඳුරුව ප්‍රදේශයේ මුහුදු මට්ටමට වඩා පහත් බිම් කීපයක් දක්නට ලැබෙනවා.මේ ප්‍රදේශයට වෙරළ තීරය කඩාගෙන මුහුද ආවොත් ඒ ප්‍රදේශය ජලයෙන් යටවෙලා යන තත්ත්වයක් පේන්න තියෙනවා.පර්යේෂණ වලට අනුව ඉදිරියේදී මේ තත්ත්වයේ වැඩිවීමක් තමයි දක්නට ලැබෙන්නේ. මෙයට හේතුවක් පැත්තකින් සාගරයේ නිවර්තන කලාපය උෂ්ණත්වය නිසා එන්න එන්නම සාගර ජල මට්ටම ඉහළ යාම. සාගරයේ ජල මට්ටමේ උෂ්ණත්වය අනෙකුත් සාගර වලට සාපේක්ෂව ඉන්දියන් සාගරයේදි සිදුවන උෂ්ණත්වය තරමක් වැඩියි.

 ඒ වර්ධනය වන උෂ්ණත්වය නිසා සාගරයේ ජල මට්ටම ප්‍රසාරණය වෙනවා.  එමෙන්ම උතුරු අර්ධගෝලය සහ දකුණු අර්ධගෝලයේ අයිස් එහෙම නැත්නම් ග්ලැසියර් දියවීම නිසා සාගරයේ ජල මට්ටම නිවර්තන කලාපයේ ඉහළ යාම සිද්ධ වෙනවා. වර්ෂයකට සාමාන්‍යයෙන් මිලිමීටර්  තුනයි දශම පහක වේගයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමමේ නිසා ඉහළ යනවා.  මේ තත්ත්වය දේශගුණ විපර්යාස පිළිබඳව අන්තර්වාර්ෂික කමිටු වාර්තා අනුව තහවුරු කරල තියෙනවා.ඒ අනුව කාධනය ඉහළ ගිහින් මුහුදු මට්ටම ඉහළ යනවා.

දේශගුණික විපර්යාස නිසා අපිට වැඩි වර්ෂාපතනයක් සහ දැඩි උෂ්ණත්වයක්

දේශගුණ විපර්යාස නිසා අපිට වැඩි වර්ෂාපතනයක් හා දැඩි උෂ්ණත්වයකට නැවත නැවත  අනෙකුත් සාගර වලට සාපේක්ෂව පතිත වෙනවා. ගංගා එකසිය තුනක් තිබුනත් ප්‍රධාන වශයෙන් වෙරල තීරයට අපද්‍රව්‍ය ගලා එන ගංගා තිබෙනවා.  උදාහරණයක් ලෙස මහවැලි ගඟෙන් තමයි වැඩිම වැලි ප්‍රමාණයක් කාදනය වෙලා මුහුදට අරන් එන්නේ. කැලණි ගඟ, නිල්වලා ගඟ වගේ අපේ රටේ තිබෙන ප්‍රධාන ගංගා ජලාශ ඉදි කරලා තියෙන නිසා ඒවා හරහා එන වැලි එනම් වෙරළට අවශ්‍ය අමුද්‍රව්‍ය ගොඩබිමෙන් ලැබෙන්නේ නැහැ. මේකට හේතුවක් තමයි ගංගාවල  පතුලෙ මට්ටම පහත යාම. මේකට ප්‍රධාන හේතුවක් තමයි ලංකාවේ ගංගාවල විශාල වශයෙන් මැණික් ගැරීම. මැණික් ගරන විට ගංගාවේ පතුල හේදි  තවත් ගැඹුරට යාම. එක්තරා පර්යේෂණයකදී හෙළි වූ කාරණයක් තමයි සීතාවක ගගේ මැණික් ගැරීම නිසා කලින් පැවතියාට වඩා අඩි විස්සක් පමණ ගඟේ පතුල ගැඹුරට ගිහිල්ලා.  මේ කාරණාව කැළණි ගංගාවෙත් කැලණි ගංගාවට සම්බන්ධ අතු ගංගාවලත් සිද්ධවෙන කාරණයක්. මේ විදිහට පතුල පහළට යන්න යන්න එක පැත්තකින් ගොඩබිම තියෙන භූගත ජල මට්ටම පහත බහිනවා.  අනිත් කාරණය තමයි සාගර ජලය එළියට යනකොට ගොඩබිමට ඇවිත් මුහුදු ලවණ  ජලය මේ ගංගාවලට එකතුවීම. නියං කාල වලදී කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන කැලණි ගඟට ලවණ ජලය මුසු වෙනවා. මාදු ගඟෙත් මේ දේම සිද්ධ වෙනවා. මේකත් බරපතල ප්‍රශ්නයක්.

ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂණ කඩලාන ඇත්තේ සීයට එකයි 

ශ්‍රී ලංකාවේ සියයට එකක් වගේ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි කඩොලාන වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කරන්නේ.නමුත් කියුබාව කියන්නෙත් දූපත් රාජ්‍යයක් උනත්  කියුබාවෙ මුළු වෙරළම.  ආරක්ෂා කරන්නේ කඩොලාන  මගින්.  අපේ රටේ කඩොලාන පද්ධතිය ආරක්ෂා කරගන්න උනන්දුව පසුගිය කාලය පුරාවටම අඩු වෙලා තිබෙනවා. සංචාරක කර්මාන්තයේ ඉස්සන් වගාව විශේෂයෙන්ම මීගමු කලපුව අවට කඩොලාන වර්ධනය වීම ගැටලු සහගත තත්වයක් බවට පත්වෙලා තිබෙනවා. මෙවැනි ගැටලු රාශියක් වෙරළ තීරය ආශ්‍රිතව දකින්න තියෙනවා. අපේ රට දූපත් රාජ්‍යයක් ලෙස ගත්තොත් වෙරළ තීරය සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම වෙනුවෙන් යොමු වී ඇති අවධානය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපිට තවදුරටත් මේ පිළිබඳව පර්යේෂණ කළ යුතු වෙනවා.  ඊළඟ අවුරුදු පනහක හැටක සියයක විතර පුරෝකතන එක්ක වෙරළ  සංරක්ෂණ ප්‍රතිපත්තියක්   ගොඩනැගීමේ අවශ්‍යතාවය අපිට තියෙනවා.

 

මහාචාර්ය නිශාන් සකලසූරිය
භූගෝල විද්‍යා අංශාධිපති කැලණිය විශ්වවිද්‍යාලය

D.N. අභයවර්ධන.