IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රජයේ නිලධාරීන් කරපටි ඇඳීමේ පසුබිමක ඛේදාන්තය

(විනිතා එම්. ගමගේ)

රජයේ සේවයේ විධායක නිලධාරින්ට ටයි පටිය සහිත ඇඳුම අනිවාර්ය වී අදට වසර 29 කි. එදිනම සිදුවූ තවත් සිද්ධියක් ලෙස දුම්රිය හරස් මාර්ගවලට බම්බු ගේට්ටු සවි කිරීමට රජය ගත් තීරණය ද පෙන්වා දිය හැක.


මේ තීන්දු දෙකම ගන්නට රජයට සිදුවූයේ මීට  වසර 29 කට පෙර සිදුවූ ඉතිහාසයේ ඛේදජනකම දුම්රිය අනතුර අද වැනි දිනෙක සිදුවූ බැවිනි.

අළුත්ගම සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ පාසැල් දරුවන් රැගත් වෑන් රථයක් හැපීමෙන් දරුවෝ 51 දෙනෙක් මිය ගියහ. එම අනතුරෙන් තවත් දරුවෝ 61 දෙනෙක් තුවාල ලැබූ අතර සිවිල් වැසියෝ 14 දෙනෙක් ද තුවාල ලැබූහ. මේ ඛේදාන්තය සිදුවූයේ 1989 ජවාරි මස 17 වැනිදාය.

එවකට දුම්රිය බම්බු ගේට්ටු තිබුනේ නැත. අනාරක්ෂිත දුම්රියහරස් මාර්ගය හරහා දැමු වෑන් රථයේ පිරී සිටි පුංචි දරුවෝ 38 දෙනෙක් එතැනදීද තවත් 23 දෙනෙක් රෝහල් වල දීද මිය ගියහ.

රටක් හැඬවූ මේ අනතුර සිදුවූ දා මහනුවර තවත් සුවිශේෂී සිදුවීමක් සිදුවෙමින් තිබිණි. ඒ රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති පදවියේ දිවුරුම් දීමය. ඔහු දිවුරුම් දීමෙන්  පසු පැවැති විවිධ ආගමික වැඩසටහන් වලට සහභාගි වෙමින් සිටින අතර මේ ඛේදාන්තය සවන් වැකිණි.

වහා දුම්රිය සාමාන්‍යධිකාරිවරයා කැඳවන ලෙස ජනාධිපතිවරයා නියෝග කළේය. එවකට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වූයේ ඩී. සී. ලේල්වල මහතාය. කොළඹ සිටි ඔහු වහා නුවර ගියේය. ඇඳුම ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ ලේල්වල මහතා කාර්යාලයේ සිටි අන්දමින්ම ජනාධිපතිවරයා ඉදිරියට ගියේය.

අභිනව ජනාධිපතිවරයාගේ පළමු රාජකාරිය වූ මේ හමුවට දුම්රිය ලොක්කා පැමිණි අන්දම ජනාධිපතිවරයාගේ සිත් ගත්තේ නැත. ඒ ගැන ලේල්වල මහතාට දොස් කී ජනාධිපතිවරයා සිය පළමු නියෝගය ලෙස රජයේ විධායක නිලධාරින්ට ටයි පටිය සහිතව සිය ඇඳුම ඇඳීමට නියෝග කළේය.

එහි දී ගත් අනෙක් තීරණය වූයේ සියලුම දුම්රිය හරස් මාර්ගවලට උණ බම්බුවකින් ගේට්ටුවක් බැගින් දැමීමටත් ජනසවි ලාභි්න් එහි රාජකාරි සඳහා යොදවා දීමනාවක් ගෙවීමටත් නියම කිරීමයි.

 



අදහස් (18)

රජයේ නිලධාරීන් කරපටි ඇඳීමේ පසුබිමක ඛේදාන්තය

abaran Thursday, 18 January 2018 05:04 AM

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවක් සහ අතීසාරයට අමුඩ ගැහීම...

:       170       59

indika Thursday, 18 January 2018 05:22 AM

තීරණ ඉක්මනින් ගත් නායකයෙක්. මෙහෙම අය තමා උවමනා අපිට.

:       459       645

නන්දාවතී Thursday, 18 January 2018 07:16 AM

මම මහින්ද මහතාට වගේම ප්‍රේමදාස මහතාටත් එකසේ ගව්රවකරමි. අපරටේ දේශගුනය අනුව නම් ප්‍රේමදාස මහතාගේ මෙම තීරනය අගේ කොට සැලකිය නොහැක.

:       5       26

සාරාසී Tuesday, 23 January 2018 01:28 PM

එහෙනම් නන්දා ඉස්සෙල්ලාම ඉස්කෝලේ ළමයි ගැන හිතන්න ඕන.

:       2       5

de silva Thursday, 18 January 2018 08:06 AM

ප්‍රේමදාස මහත්මය උදේ 3-4 ට නැගිටලා වැඩ පටන් ගන්න , නිලධාරීන්ට කියන්න ඕනදේ මුනටම කියන , හොදින් හෝ නරකින් නිලධාරිගෙන් ඇමතිවරුන්ගෙන් වැඩ ගන්න දන්නා මනුස්සයෙක් , ප්‍රේමදාස මහත්මය හදපු උදාගම් වල ගෙවල් තවම තිබෙනවා , ක්ෂණිකව ගත්ත තීරණයක් වුන උන්බම්බු ගේට්ටු නිසා ජිවිත දහස් ගණනක් මේ වෙනකොට අාරක්ෂවෙලා තිබෙනවා , එතුමාදුන් චන්ද පොරොන්දුවක් වුන ජනසවිය සමුර්ධිය නමින් අදත් ක්‍රියාත්මක වෙනවා ,එ්කට කොහෙද දැන් ඉන්න ලොක්කෝ රැස්වීම් වලට ගිහින් උඩබලාගෙන ඉඳල , පසුවදා පත්තරේ බලල කුලප්පු වෙලා , මළගෙවල් , මගුල් ගෙවල් , විවුර්ත්කිරීමේ උත්සව වල කතාපවත්වන කොට නිලධාරීන්ට ඇමතිවරුන්ට බනින එක නේ කරන්නේ ,

:       98       81

Deepal Nirosh Thursday, 18 January 2018 09:24 AM

පක්ෂය කුමක් වුව.් රටකට අවශ්‍ය මේ වගේ ඵලදායී තීරණ කඩිනමින් ගත හැකි නායකයෙක්.

:       0       48

bandula Thursday, 18 January 2018 01:10 PM

ඔය කියන කාලයේ මමත් රජයේ නිලදාරියෙක් . කරපටි අනිවාර්ය කලේ නැහැ . පිළිගත් ජාතික ඇඳුමක් නියම කලා පමණි .

:       0       46

de silva Friday, 19 January 2018 10:21 AM

දැන් මේ වැඩේ වුණානම් මළගෙදර ගිහිල්ලා නිලධාරීන්ට බැනලා කතාවක් කරලා නිකන් ඉඳීවි..

:       0       137

Sampath Friday, 19 January 2018 02:11 PM

අපේ රට මෙහෙම හරි තියෙනවා ඇති දුම්රියේ සාමාන්‍ය අධිකාරිගේ පටිය බලබලා ඉන්න වෙලාවක්ද ඒක? ඕනෙ තරම් තාක්ෂණික උපකරණ හදලා තියෙනවා.. තාම පටියක් එල්ලන් අමාරුවෙන් තමයි වැඩේ කරන්නේ...

:       20       51

Dharme Saturday, 20 January 2018 05:02 AM

ඇතැම් මෝඩ දේශපාලකයන් රට කෑවා. කරපු තරමක් කලේ ගොන් වැඩම තමයි.

:       40       11

ජහමනයාMonday, 22 January 2018 03:11 PM

කොළඹ වාට්ටු පෙදෙසෙහි (හදිසි අනතුරු වාට්ටුව අසළ) හදිසි අනතුරුවලට ලක්වී ගෙනෙන ලෙඩුන් ඉතා ඉක්මනින් ප්‍රථිකාර සදහා යොමුකිරීමට ලෙඩුන්ව ඇදක තබා ගෙන යා හැකි පරිදි පාරට ඉහලින් ගුවන් පාලමක් ඉදිකර තිබුනා මතකයි.

:       0       0

සිරියාවතී Wednesday, 24 January 2018 12:05 AM

ලෙඩාව ප්‍රධාන ගේට්ටුවෙන් වාහනයෙන්ම ඇතුලට ගන්න. ගුවන් පාලම උඩින් අරන් යන්නේ මොකටද?

:       0       0

RANJI Sunday, 21 January 2018 02:17 AM

ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉතා ප්‍රායෝගික පුද්ගලයෙක් ! එතුමා වැන්නන් අවශ්‍යයි අදටයි.

:       44       172

lal Sunday, 21 January 2018 06:13 PM

ටයි දාන එක බොරු වැඩක්.

:       0       9

nimal Monday, 22 January 2018 03:59 AM

ප්‍රේමදාස අගමැති, ජනාධිපතිතුමා ඉක්මන් තීරණ ගත් දක්ෂ පාලකයෙක්.

:       0       38

Ruwan Monday, 22 January 2018 12:35 PM

ආත්ම විස්වාසය සඳහා නිසි ඇදුම ලොකු පිටුවහලකි.

:       0       10

Chamara Tuesday, 23 January 2018 09:39 AM

මම වැඩ කරන්නේ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ලංකාව වගේ රස්නෙයි. අප ආයතනයේ CEO පවා රස්නෙ කාලෙට ටයි පළඳින්නේ නැහැ .අත් කොට කමිසය අඳිනවා. ලංකාව වගේ බොරු සෝබන නැහැ

:       0       74

Ivan UK Wednesday, 24 January 2018 05:05 PM

සුද්දෝ ටයි පටියක් දාන්නේ සීතලට පිලියමක් ලෙස හා පිළිවෙල නිසා. ලංකාවේ අය ඒක දාන්නේ රැකියාවේ තත්වය පෙන්වීමට. ලිප්ටන් වටරවුමේ හා කොටුවේ පිකටින්වලට එන්නේ ගිනි අව්වේ දාඩිය පෙරාගෙන ඒත් ටයි එක ගෙන. සුද්දෝ මේවට හිනා වෙනවා ඇති.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site