IMG-LOGO

2023 දෙසැම්බර් මස 10 වන ඉරිදා


බාල ආහාර නිපදවීමට ඉඩක් තබනු එපා

බාල තත්ත්වයෙන් තක්කාලි සෝස් නිෂ්පාදනය කිරීම, විකිණීම ඇතුළු චෝදනා 40කට වරද පිළිගත් පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට මාලිගාකන්ද අධිකරණයේ දී රුපියල් 80,000ක දඩයක් නියම කළ බව පසුගියදා අපගේ ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයකින් හෙළිකර තිබිණි.

මෙම බාල සෝස් නිෂ්පාදනය කිරීමට කෘත්‍රිම වර්ණක යොදාගෙන තිබූ බවත් එය එක්තරා වෙළෙඳ නාමයක නමින් අලෙවි කර තිබූ බවත් සඳහන් විය. මේ පිළිබඳව තමන්ට ලැබුණු පැමිණිල්ලක් මත අදාළ වැටලීම සිදුකර තිබුණේ කෙසෙල්වත්ත, අලු‍ත්කඬේ සහ කොච්චිකඩේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසිනි.

එම සාම්පල් පිළිබඳ රස පරීක්ෂක වාර්තා කොළඹ නාගරික රස පරීක්ෂක රසායනාගාරයෙන් ලබාගෙන තිබූ බවද අධිකරණයේ දී ප්‍රකාශ වී තිබිණි.

මේ රටේ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ දී නිසි ප්‍රමිතියට නොමැතිව බාල තත්ත්වයෙන් පාරිභෝගිකයන් මුළා කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ දී දඬුවම් ලැබූ ප්‍රථම සමාගම අදාළ මෙම සමාගම නොවන බවත් එසේම එය මේ වරදට දඬුවම් ලබන අවසන් සමාගම නොවන බවත් අපි දනිමු.

එහෙත් මෙවැනි මහජනයාගේ ජීවිත දැඩි සෞඛ්‍ය අනතුරකට ඇද දමමින් සිදු කෙරුණු ජාවාරමක් පිළිබඳ ලැබුණු පැමිණිල්ල කුණු කූඩයට නොදමා ඒ පිළිබඳ නිසි ආකාරයට වැටලීම් කර වරදකරුවන් අධිකරණය ඉදිරියට පැමිණවීමට කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අපගේ ස්තූතිය හිමිවෙයි. ඇතැම් අවස්ථාවල දී මේ රටේ සිදුවන්නේ මහජනතාවගෙන් පැමිණිලි ලැබුණත් ඒවා පිළිබඳ නිසි සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීමය.

එසේ සිදුවීමට හේතුවද අලෙවිකරුවන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් ලැබෙන සන්තෝසම් වලට යටවෙන නිලධාරීන්ද සිටින බැවිනි. ඒ අනුව අදාළ වැටලීම සිදුකළ සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකර ඇත්තේ සිය රාජකාරිය අකුරටම ඉටු කිරීමය. එය පැසසුම් ලැබිය යුතු ක්‍රියාවකි.

මහජන සෞඛ්‍යයට අනතුරක් සිදුවිය හැකි ආකාරයට නිපදවන ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනට වඩා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතු බව අපගේ අදහසය. සෙසු බොහෝ රටවල මේ නීති දැඩිව ක්‍රියාත්මක වෙයි. බොහෝවිට වැරැද්ද ඔප්පු වුවහොත් එම වැරැද්දේ ස්වභාවය අනුව ඔවුන්ගේ ව්‍යාපාර පවා තහනම් කෙරෙන අවස්ථා ද තිබේ. එහෙත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස්ය. මීට කලකට ඉහත දී ප්‍රසිද්ධ රසකැවිලි ඇතුළු බේකරි ආහාර ද්‍රව්‍ය විකුණන ප්‍රධාන පෙළේ ආයතනයක කල් ඉකුත් වූ නිෂ්පාදන ද්‍රව්‍ය ගබඩාකර තිබී වැටලීමක දී සොයාගනු ලැබීය.

එයට මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ද ලැබිණි. එයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ද ගත් නමුත් එම ආයතනයට එරෙහිව දීර්ඝ කාලීන පියවරක් ගනු ලැබුවේ නැත. ටික දිනකින්ම එහි නිෂ්පාදන යළිත් අලෙවි කිරීම ඇරඹිණි. රටේ ජනතාවට ද එය ඉක්මනින්ම අමතක විය. එම සිදුවීම යට ගැසීමට දේශපාලන බලපෑමක් තිබූ බවද සමහරු ප්‍රකාශ කළහ.

තක්කාලි සෝස් සිද්ධියේ දී මේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 40ක් යටතේ චෝදනා ගොනුකර තිබූ බව සඳහන්ය. ඒ අර්ථයෙන් ගත් කල අදාළ ආයතනයේ නිෂ්පාදනවල තත්ත්වය කිසිසේත් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු තත්ත්වයක නොමැති බව තේරුම් ගැනීම අපහසු නැත.

බොහෝ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ බරපතළ දුෂ්කරතා මධ්‍යයේ බවද මෙහිදී පෙන්වා දිය යුතුය. අධික නිෂ්පාදන වියදම්, අලෙවිය අඩුවීම, විශාල වශයෙන් ගෙවිය යුතු බදු ඇතුළු විවිධ කාරණා හේතුවෙන් ඔවුන් මේ අපහසුතාවලට මුහුණ දෙන බව සත්‍යයකි. එහෙත් ඒ කිසිදු කරුණක් තත්ත්වයෙන් බාල නිෂ්පාදන වෙළෙඳපොළේ අලෙවි කිරීමට හේතුවක් නොවේ.

කෘත්‍රිම වර්ණක යෙදූ තක්කාලි සෝස් නිපදවූ සමාගමේ අධ්‍යක්ෂවරුන් ඒ සම්බන්ධයෙන් වරද පිළිගැනීම හේතුවෙන් මාලිගාකන්ද අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඔවුන්ට අවවාද කර දඩ මුදල් නියම කළ බවද සඳහන් වෙයි. මේ දඬුවම සහ අවවාදය මෙවැනි මගෝඩි වැඩකරන තමන්ගේ ලාභය පමණක් පරමාර්ථය කරගෙන ව්‍යාපාර කරන සියලු‍ ව්‍යාපාරිකයන්ට කදිම පාඩමක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

(***)



අදහස් (4)

බාල ආහාර නිපදවීමට ඉඩක් තබනු එපා

Ajith Thursday, 16 November 2023 07:41 AM

බාල ආහාර නිපදවීමට ඉඩක් තබනු එපා.. නම් කළයුතු වන්නේ බාල ආහාර නිපදවන ආයතන පරික්ෂාකර නිසි ප්‍රමිතියෙන් යුතු ආහාර අලෙවි කරන්නේ නම් හෝ නිෂ්පාදනය කරන්නේ නම් අධිකරණය හෝ පාරිභෝගික අධිකාරිය මගින් එවැනි ආයතන තහනමට ලක්කළ යුතුවේ..!

:       0       4

Shiranj Friday, 17 November 2023 07:08 AM

දඩය රුපියල් 80,000යි. මේක මොවුන්ගේ සතියක ආදායම වගේ ඇති. ඉතින් මොවුන් ආයෙම මේ වැඩේ කරලා දඩ කෑවත් අවුලක් නෑ. පාර්ලිමේන්තුවේ නීති සංශෝධනයට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මේ වගේ දේවල් වලට. හැබැයි අපේ උන්දැලා ඡන්දේ නීති වෙනස් කරලා බලය රැකගන්න විතරයි ප්‍රමුඛතාව දෙන්නේ....

:       0       7

j.s.pathirna Saturday, 18 November 2023 03:22 PM

කම්පැණියේ නම මොකක්ද?

:       0       6

GamageSunday, 19 November 2023 01:18 PM

නම කිව්වොත් හෙන ගහනවාද? නැත්නම් මිනිස්සුන්ට ඇත්ත හෙළි කළ යුතුයි...!

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 635 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


රට කරවන තැනින් ආදර්ශයක් ඕනෑ
2023 නොවැම්බර් මස 29 502 3

කිසියම් මන්ත්‍රීවරයකුට සොරකම්, දූෂණ සහ වංචා සම්බන්ධව චෝදනා එල්ලවන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසුව එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර පාර්ලිමේන්තුව ම


අයවැය හිඟයේ පරිමාව
2023 නොවැම්බර් මස 28 298 0

ඇස්තමේන්තු කරන රාජ්‍ය ආදායම එලෙසින් උපයා ගැනීමට නොහැකිවීම නිසා අයවැය හිඟය වාර්ෂිකව ඉහළ යයි. අය හා වැය අතර පවතින මේ ඉහළ පරතරය රාජ්‍ය මූල්‍යයේ පවතින ප්‍


ජාතියට අහිමි වූ පොලිස් විරුවා
2023 නොවැම්බර් මස 28 927 4

පොලිසිය සම්බන්ධයෙන් බොහෝවිට ලිවීමට සිදුවන්නේ ඉහළ – පහළ පොලිස් නිලධාරීන්ගේ අකටයුතුකම් සම්බන්ධයෙනි. පිහිටක්, පිළිසරණක් පතා පොලිසියට යන සාමාන්‍ය ජනයා


අයවැයට කෘෂි අංශය අමතකවීද ?
2023 නොවැම්බර් මස 27 395 2

වසර 2024 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය විශ්ලේෂණය කර බැලීමේදී පැහැදිලි වන කාරණා කිහිපයක් තිබේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂයට අදාළව අයවැය ලේඛනයක් ඉදිරිපත්


ඩොලර්වලින් අල බතල ගෙන්වන ශ්‍රී ලංකාව
2023 නොවැම්බර් මස 27 1007 4

‘‘ආසියාවේ ආශ්චර්ය, මාස 60න් අලුත් රටක්’’ වැනි සාඩම්බර වාගාලාපයන්ගෙන් වසා තිබූ රටෙහි ඇත්ත ඇතුළාන්තය එම වැකි මුද්‍රණය කළ කඩදාසිවල තීන්ත වේලෙන්නත් පෙර ඇස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 1032 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 779 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4810 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site