(සුජිත් හේවාජුලිගේ, නිමන්ති රණසිංහ සහ ඩයනා උදයංගනී)
රාජකාරි කටයුතු කරන අවස්ථාවේදී අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට ෆේස්බුක්, වට්ස් අප් වැනි සමාජ මාධ්‍යවල කාලය ගත කිරීමෙන් වලකින්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය.
රාජ්‍ය සේවකයාගේ කාර්යභාරය සේවයට වාර්තා කිරීම, වැඩ නිමකිරීම සහ වැටුප ගැනීම පමණක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.
හපුහින්න මහතා මෙසේ පැවැසුවේ එම අමාත්‍යාංශයේ අද (2) පෙරවරුවේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමිනි.
ගන්නා වැටුපට සාධාරණයක් ඉටුකරන ලෙස සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනතාවට රාජ්‍ය ආයතනවල රස්තියාදුවීමට කිසිසේත්ම ඉඩකඩ නොසැලසිය යුතු බවද ප්‍රකාශ කළේය.
පුද්ගලියක අංශයේ ඇතැම් ආයතනවල කාර්යාල වේලාව තුළ ජංගම දුරකථන තබාගැනීමට නොදෙන බවත්, අවශ්‍ය වුවහොත් එවැනි පියවරක් ගැනීමට නොහැකිකමක් නැති නිසා මෙය ඒ මට්ටමට ගෙනයාම නොකළ යුතු බවත් හෙතෙම කීවේය.
රාජ්‍ය සේවය යනු ජනතාවට උපරිමයෙන් සේවය සැලසීම බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝමයක් කාර්යාලවල දුරකථනය කනේ ගහනවට වඩා දෙයක් නැති තරම්ය. වැඩ කරගන්න එන අය අපරාධකාරයින් වගේ දකින්නේ...
රාජකාරි කටයුතු කරන අවස්ථාවේදී ෆේස්බුක්, වට්ස් අප් වැනි සමාජ මාධ්‍යවල කාලය ගතකිරීම සිදුවන්නේ රජයේ සේවකයින් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිවීම නිසායි. කොපමණ රාජ්‍ය සේවකයින් සිටියත් කාර්යක්ෂම සේවයක් සිදුවන්නේද නැත...!
දැන් ද මේක පරිපාලන නිලධාරීන්ට මතක් වෙලා තියෙන්නෙ. යකෝ ඉස්සෙල්ල ඔය සමහර රජයේ කාර්යාල වල ඉන්න සේවකයින්ට කරන්න තියෙන වැඩ සැලසුම් කරල ඉලක්ක ලබා දීල ප්‍රගතිය සොයල සඵලතාව බලල විශ්ලේෂණය කරල පසුවිපරම් කරන ක්‍රමයක් තියෙන්න ඕන. නිකම් ඩියුටි ලිස්ට් දුන්නට වැඩක් නෑ පවරන වැඩ කලට වේලාවට කරන්නෙ නැත්නම් ඒවට වග වෙන්නෙ නැත්නම් , නිසි අධීක්‍ෂණයක් ඇතිව ප්‍රගතිය සොයා බැලිය යුතුයි. ප්‍රාදේශීය ලේකම් ල ඇතුලු රාජ්‍ය පරිපාලන නිලධාරීන් ඉන්නෙ ඕකට තමා , නමුත් උන් නිකම් ඉන්නවා කිසිම වැඩ පිළිවෙලක් නැතුව, ආයතන එදාවේල ටුවර් වගේ නිසි ඉලක්ක නැතුව දුවනවා, කරන එකා කරනවා නැති එකා උගේ වැඩ ටික කරගෙන දවස ගෙවනවා, ඉලක්ක සහිත ව ඇති වෙන්න වැඩ දෙනවනම් කොහේද යකෝ පෝන් ඔබ ඔබ ඉන්න වෙලාවක් , ගොන් පාට් ටොක් මේව,
මම හිතන්නේ එය ඉතා හොඳ විකල්පයකි, මන්ද බොහෝ රජයේ සේවකයින් උදේ 9:00 ට කාර්යාලයට පැමිණ උදේ ආහාරය ගැනීමට කැන්ටිමට ගොස් උදේ 10:00 ට වැඩ ආරම්භ කරයි, පසුව 11:00 ට ඔවුන් කරන්නේ ඉතා අල්ප වශයෙනි. වැඩ, පසුව ඔවුන් එහි දිවා ආහාරයට ලෑස්ති වෙනවා, දිවා ආහාරයෙන් පසු සමහර කාර්ය මණ්ඩලය නිදි, 1:30 පමණ වන තුරු හෝ තවමත් කැන්ටිමේ ඔවුන් ඉතා සුළු කාර්යයක් කර තේ පානය කිරීමට සූදානම් වේ, 3:30 ට ඔවුන් මුහුණු සෝදා ගැනීමට පටන් ගනී. , සහ 4:30 ට ගෙදර යන්න පටන් ගත්තා.රජයේ ආයතන වල මේක තමයි වෙන්නේ, නමුත් පුද්ගලික ආයතන වලට එහෙම කරන්න බෑ මොකද කොම්පැනි ඩිරෙක්ටර්ලා හරිම සැරයි, හැම සේවකයෙක්ම උදේ 8:00 සිට 5 දක්වා වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි.
ඇත්තටම සුපිරියි. අපි රාජ්‍ය සේවකයෙක් ගෙන් වැඩක් කර ගන්න ගියාම අපි දිහා බලන්නෙත් නෑ වාඩි වෙන්න කියල අපි විස්තරේ කියල ටිකක් වෙලා ගියාම හීනෙන් බයවෙලා වගේ ඈ .... ගාගෙන නැඟිටින්නෙ . ඊට පස්සෙ තමයි මොකක්ද මට තේරුනේ නෑ කියල අපි ආයෙත් විස්තරේ කියල දෙන්න ඕන. ඩී එම් එන් පී කේ මායාදුන්නෙ බුලට් එක යනකොට පොඩි දුකක් දැනුනා. හැබැයි ආව කෙනත් එයාගෙම මල්ලි වගේ . ❤️
බොහෝ නිලධාරිනියන් උදෙන් ම කරන්නේ තමන්ගේ මේසය උඩ තියෙන පරිඝනකයෙන් ටෙලි නාට්‍ය බලන එක. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා ඒවා ගැන සමාලෝචනයක් කරනවා. " දෙව්මි පවු නේද අනේ.. ආනන්ද කවද අවන්තට කැමති වෙයිද .. පව් අනේ?. ඊට පස්සේ කට්ටියම තේ බොන්න යනවා. එකට පැය 1-1.5 ක් විතර යනවා. ලඟ සෙල් එකක් එහෙම තියෙනවා නම් ෂොපින් යනවා. ආපසු එනකොට දිවා ආහාර වෙලාව. කට්ටිය මේසය වටේ ලිඳ ලඟ සංගමය දාගෙන කනවා. ඉවර වෙනකොට 2.45 විතර ඇති. 3.00 ට තේ බොනවා. 3.45 - 4.00 වෙනකොට මාරු. රටක් ඉතිරි වෙයිද?
ලේකම්තුතුමා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තියෙන්නෙ ඔබේ අතේ.ඉතින් මේවායේ ඉන්න සමහරක් නිළධාරින් ප්‍රශ්නයක් වෙලා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වලට යන විශ්‍රාම ගත් අයට කතාකරන්නෙ හරියට මිනිහෙක් දැක්ක කුලු හරකෙක් වගෙයි විශ්‍රාම වැටුප් ප්‍රශ්නයක් කිවිවොත් ලිපියවත් ගන්නෙ මට අදාල නැහැ කියනවා කොළඹට යවන්න කියනවා දෙපාර්තමේන්තුවට සිදුවූ අකටයුතු දෙයක් ගැන කොළඹට කතා කලාම සියලු විස්තර දෙන්නෙ නැත්නම් අපිට ඕව කරන්න බැහැ කියනවා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මෙතරම් කුජීත වුනේ ඒකාබද්ධ සේවයේ නිළධාරින් විශ්‍රාම වැටුප් කටයුතු වලින් ඉවත්කර උපාධිධාරීන් පත්කිරීමෙන් පසුව තමයි එනිසා දැනට නැවතත් කරන්න බැරිනම් විශ්‍රාම වැටුප් නිළධාරින්ට මානුෂික හැහැගීම් ගැන පුහුණුවක් දෙන්න ජ්‍යේෂ්ඨ පුරවැසියන් ලෙසට වත් විශ්‍රාමිකයින් ගැන සලකා බලන්න හිටපු ජෙනරාල් තිලකරත්න මැතිතුමා වගේ නිළධාරින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පත්කරන්න අන්තර්ජාලය හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු ගන්න පහසුකම් සලසන්න
අලුතින් , රා.පරි.පා ස්ව..ලේ වශයෙන් පත්ව පැමිනි , නීල් බන්ඩාර මහතාට නව වසරට සුබ පතමි. ඔබතුමා වැඩ බාර ගනිමින් කල ප්‍රකාශය ඉතා වැදගත් ය. එහෙත් මෙම ආයතනයේ දූෂිත නිලදාරීන් සිටින බව මතක තබා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. මා රටට විශිෂ්ට සේවයක් කල හිටපු තානාපතිවරයෙක්මි. 2020 පෙබරවාරි මාසයේ දී,ජාඇල ප්‍රා.ලේ. කොට්ටාශයෙ ග්‍රාම නිලදාරිනියක එක්තරා කරුනක් සම්බන්දයෙන් සාවද්‍ය වාර්තවක්, ඉදිරිපත් කිරීම පිලිබදව ප්‍රා.ලේ.ට පැමිනිලි කල ද ඔහු දිගින් දිගටම පරීක්ෂනයක් කිරීම මග හරින ලදී. , ගම්පහ දිසාපතිගෙන් පරීක්ෂනයක් ඉල්ලා සිටියෙමි. වසර 2 මා.10 ක් ගතව ඇතත් මේ වන තෙක් ඔහුද පරීක්ෂනයක් . පැවැහ්වූයේ නැත.. රා.පරී.පා. අතිරේක ලේකම් (විමර්ෂන ) විසින්, දිසාපතිගේ සාවද්‍ය වාරතා පිලිගෙන, විමර්ෂනයක් නොකර මාගේ පැමිනිල්ල කුනු කූඩයට දමා ඇත. මේ පිලිබදව හිටපු ලේකම් වරයා,ට අබියාචනයක් ඉදිරිපත් කලෙමි. එය වත්මන් ලේකම් තුමාගේ අවදානය පිනිස නැවත ඉදිරිපත් කරමි. සාදාරනය ඉටු වෙනවා ඇත කියා විශ්වාශ කරමි.
ඒ වගේම මොන රාජ්‍ය ආයතනයේද එකපාරින් දුරකථනය උස්සන්නේ කියන්න , අඩුම ගානේ පැය බාගයක්වත් , උත්සහ කරන්න ඕනේ
රජයේ ආයතන වල තිබෙන පරිගණකවලට Fire Wall දමා ෆේස්බුක්, වට්ස්ඇප් අවහිර කරන්න. කාර්යාල තුල කෙරෙන වැඩවලට අන්තර්ජාලය මොකටද? කාර්යාල තුල වැඩ කරන්න් වෙනත් ක්‍රම තිබෙනවා.
සුදත් මහතාගේ අදහස මම්ද අනුමත කරමි. සෑම සේවකයෙකුටම කලයුතු රාජකාරියක් පවරන්න. එය නිම කිරීමට නොහැකි උනොත් සේවා කාලයෙන් පසුව හෝ සති අන්තයේදී හෝ නිම කිරීමට අවස්තාව ලබාදිය යුතුයි .ඒ සදහා අතීකාල නොගෙවිය යුතුය.
මෙය අත්‍යාවශ්‍ය ක්‍රියාවකි. එයට ස්තුතියි. වෙන රටවල, වැඩ කරන වෙලාවල් වල කාටවත් ඔය දේවල් පාවිච්චි කරන්න බෑ, අපේ රට හිටපු තත්ත්වයට ගෙන එන්න මේ වගේ නීති ගොඩක් ඕන. මගේ ආචාරය. ස්තුතියි .