(සුමිත් පොතුපිටිය)
බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා කාර්යාල දුම්රිය වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ අද පෙරවරුවේ පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
දුම්රිය පිලී ම නිසා දුම්රිය මාර්ග දෙකෙම ගමනා ගමනය අවහිර වි ඇතැයි ද වාර්තා වේ.


මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇත.
දුම්රිය මාර්ගයට මෙන්ම දුම්රිය ද දැඩි හානි සිදුව තිබේ. මෙම අනතුරින් දුම්රිය මගීන්ට ලොකු අනතුරක් සිදුව නොමැති අතර සුළු තුවාල සිදු වූ කීප දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
දුම්රිය පෙට්ටි මාර්ගයෙන් ඉවතට පැන ඇති අතර දුම්රිය මැදිරි වෙන්ව ඇති අයුරු ද දක්නට ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රිලියන ගානක් බදු සල්ලි එකතු කරගන්නවා. එත් දුම්රිය මාර්ගය ගැන බලන්න එකෙක් නැහැ. අවුරුද්දට කලින් උඩරට දුම්රිය මාර්ගය ව්වෘත කරනවා කිව්වා. එත් වැලි කොට්ට ගොඩ ගහල ඒවා ගොඩ දාන්න බෑ වගේද?