IMG-LOGO

සභාපති ධූර නොදුන්නොත් විපක්ෂය ගන්න යන අලුත්ම තීරණය

 

(සුජිත් හේවාජුලිගේ)

කෝප් සහ  කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට දෙන බවට දුන් පොරොන්දුව  මෙතෙක් ඉටු කර නැති හෙයින් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වෙන අනෙකුත් කමිටු රැස්වීම්වලට සහභාගිවීමේදී දෙවරක් සිතීමට සිදුවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ  සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

කතානායකවරයා   ඒ පොරොන්දුව ඉටු නොකරන්නේ ඔහු අද පොහොට්ටුවේ හිරකාරයකුවී සිටින නිසා යැයි පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කතානායකවරයා ආණ්ඩුවේ කතානායකවරයා  නොව පාර්ලිමේන්තුවේ කතානායකවරයා විය යුතු බවද  ප්‍රකාශ කළේය.

කතානායකවරයා අද දේශපාලනය කරන බවටද ඔහු චෝදනා කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය ජුනි මස හත් වැනි දා රැස්වූ අවස්ථාවේදී  කළ ඉල්ලීමක් අනුව කෝප් සහ කෝපා  කාරක සභාවල සභාපතිධූර විපක්ෂයට ලබාදීමට කතානායකවරයා පොරොන්දුවූ නමුත් එම ඉල්ලීම ඉටු කිරීමට ඔහු මේ දක්වා සමත්වී  නැතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඉන් අනතුරුව තමා මේ සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස 12 වැනිදා පාර්ලිමේන්තුවේිදී  කතා කළ නමුත් කතානායකවරයා  ඒ අවස්ථාවේදීද  ඊට පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් බව  ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේදීද මේ පිළිබඳව තමා කතා කළ බව පැවසූ මන්ත්‍රීවරයා ප්‍රශ්නයට තවමත් විසඳුමක් ලැබී නැතැයි ප්‍රකාශ කළේය.

එම කමිටු දෙකේ සභාපති ධූර විපක්ෂයට ලබා නොදෙන්නේ නම් ඊට දැඩි ලෙස විරෝධය පළ කරන බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

සභාපති ධූර නොදුන්නොත් විපක්ෂය ගන්න යන අලුත්ම තීරණය

සුද්දා Wednesday, 28 September 2022 09:11 PM

ඒ ගමන බ්ලැක්මේල් ක්‍රමයෙන් තැන ගන්න බලනවා. කරු ජයසූරිය ඔයාලා බලයේ සිටි කාලයේත් කරේ ඔහොම තමයි. පක්ෂයේ ඕනෑ එපා කම් වලට හරියන්නයි කතා නායක කම කරේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 51 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1600 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1715 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site