IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සිතුල්පව්වේ ඇතා විනිසුරුගෙනුත් කප්පම් ඉල්ලයි

(කාංචන කුමාර ආරියදාස )

සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා එන බැතිමතුන්ගෙන් ආහාර කප්පම් ගන්නා ඇතකු දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා  ඇතුළු පවුලේ පිරිස ග්‍රහණයට ගෙන ඇත.

එම බිහිසුණු මොහොත බස් රථයේ සිටි අයකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගෙන තිබිණි. පිරිස සුඛෝපභෝගී බස් රථයකින් පැමිණ කතරගම වැඳපුදා‍ගෙන පසුව සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීමට යද්දී මේ අනතුරට මුහුණ පා ඇත.

ඇතා ආහාර ඉල්ලා බස් රථය අසලට පැමිණ ආහාර ලබා නොදීම නිසා උරණවී සිය දළයෙන් බස් රථයේ දොරේ වීදුරුව කඩා දමා හොඬය බස් රථය තුළට දමා ආහාර සොයා නොලැබුණු විට බස් රථයට හිස තබා බියගැන්වීම සිදු කරන ආකාරය අදාළ වීඩියෝවේ පටිගත වී තිබේ. පසුව කෙසේ හෝ පිරිස බස් රථයේ තබූ ආහාර මල්ලක් ලබාදී ඇතා ගෙන් බේරී ඇත.



අදහස් (14)

සිතුල්පව්වේ ඇතා විනිසුරුගෙනුත් කප්පම් ඉල්ලයි

Ajith Monday, 30 October 2017 05:25 AM

ඇතා කියලා වෙනසක් නෑ. මේ ශ්‍රී ලංකාවනේ...

:       7       191

kanthi Monday, 30 October 2017 06:28 AM

ඇතා වුණාට නැතා කියන එක දන්නේ නැහැනේ.

:       0       81

!anura Monday, 30 October 2017 06:42 AM

මට පෙනෙන්නේ රියදුරොයි මෙම මෝඩ ක්‍රියාවට වග කිව යුත්තේ කියායි.

:       0       518

kasun Monday, 30 October 2017 07:20 AM

සත්තු කරන්නේ රටේ පේන්න තියෙන අපේ මිනිස්සු කරන දේම තමයි

:       0       42

roshan Monday, 30 October 2017 07:52 AM

මෝඩයෝ ටිකක්නේ කන්න දුන්නේ... පොලිතීන් නිසා මැරෙයි.

:       0       343

sljTuesday, 31 October 2017 05:29 AM

බලාගන්න හරක්ගෙන් අලින්ට කෑම දීමක් ....!

:       0       4

සුනිල් ගීකියනගේ Monday, 30 October 2017 07:58 AM

මිනිහෙක් අලියාගෙන් පහර කා මැරුණුවිට තමයි වනජීවියේ හා වගකිවයුතු අයගේ අවධානය යොමු වන්නේ....

:       1       40

Nalin Monday, 30 October 2017 08:03 AM

මැරුණත් කමක් නෑ රෙකොර්ඩ් කරගෙන...

:       8       92

ප්‍රේම කුමාර Monday, 30 October 2017 08:43 AM

ෂුවර් එකටම සරණ ගේ ගෝලයෙක්...

:       23       52

indika Monday, 30 October 2017 08:52 AM

මේ මෝඩ මිනිස්සු පොලිතීන් මල්ල පිටින් අාහාර දුන්නේ. මේ සතාත් වැඩිකල් ජීවත් වන්නේ නැතිවෙයි.

:       0       7

siri Monday, 30 October 2017 09:22 AM

අලි කවද්ද වැලි පිට්ටු කෑවේ? වනාන්තර අසල ඇති මාර්ග සියල්ලම විදුලි වැටවල් මඟින් ආවරණය කර ඒවා නිසි පරිදි නඩත්තු කිරීමට කටයුතු කරන්නේනම් මේවගේ සහ වෙනත් එවැනි ප්‍රශ්න ඇති නොවනු ඇත. සතුන්ට ප්ලාස්ටික් මලු සමඟ ආහාර වර්ග දෙන එකෙන් කරන්නේ එම සතුන්ගේ ජීවිත වලට විශාල අපදාවකි. මේවා දෙන මිනිස්සුන්ට දොස් කීමෙන් පලක් නැත. සතුන් මහපාරේ කෑම බලාපොරොත්තුවෙන් ගැවසීමට පුරුදුවෙන එක නැවත්වීමට කටයුතු කල යුතුය.

:       0       4

sampath Monday, 30 October 2017 10:02 AM

ෂොපින් බෑගුත් කවනවනේ...

:       0       3

මංගල Wednesday, 01 November 2017 07:46 AM

මේ වගේ වෙලාවක පුලුවන් තරම් සද්දෙ අඩුකරගන්න ඕනෙ කියලා මේ මොල වලට තේරෙන්නෙ නැති හැටි

:       1       0

ගයාන් Monday, 06 November 2017 12:56 AM

අලියාට කෑම දීලා පුරුදු වෙලා තියෙන්නේ. මෙයා හිරිහැර කරන්නේ නම් නැහැ සාමාන්‍යයෙන්. සංයමයෙන් කෙසෙල් ඇවරියක් වගේ දෙයක් දීලා යන්න. මොනම හේතුවක් නිසා වත් සිලි කවර එක්ක දෙන්න එපා. මේ කට්ටිය උගත් අය වෙලත් සිලි කවරෙත් එක්ක දුන්නේ සිලි කවරෙන් අරන් තෙල් කඩදාසි අහක් කරලා කන්න අලි දැන් නැහැ. පලතුරු විතරක් දෙන්න. එ්ත් අලින්ට කන්න දෙන එක නරක දෙයක්, අලි ලෙඩවෙනවා මිනිස්සු කන කෑම කාපුවම, විශේෂයෙන් දියවැඩියාව වගේ තත්වයන්ට ලක් වෙලා තුවාල හදාගෙන ඉක්මනින් මියපරලොව යනවා. ඉතින් අලුතෙන් අලින්ට කන්න දීලා පුරුදු කරන්න එපා. සිලි කවර නිසා අලි කීප දෙනෙක්ම මැරුණා පහුගිය මාස කීපයට...

:       0       92

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site