(ඩයනා උදයංගනී)
ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ තරග කළත් ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණ හා එක්ව පුටුව ලකුණින් තරග කරන බවද ඔහු පැවසීය.
මෙම තීරණය ගත්තේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශීර්වාදයෙන් බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට ඉදිරියේදී අත්සන් කරන බව හෙතෙම පැවසීය.
පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට එක්ව සිටිති.
(ඡායාරූප සහ වීඩියෝ- ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කියන්නත් දෙයක්ද? ශ්‍රීලනිප පොහොට්ටු කියන්නෙ එකම පක්ෂේ කෑලි දෙකනේ. මේ රටේ තියෙන්නෙ එජාප සහ ශ්‍රීලනිප. හැබැයි ජනතාව සදා අනාතයි.
ජයවේවා……..
ඉනිමගට පයින් ගැහුවා. යු ඇන් පියට ඕනවුන ලංකා නිදහස් පක්ෂය නැති කිරීම නිදහස් පක්ෂය තුලින්ම කෙරුණා
ලංකාවේ ප්‍රධාන පක්ෂයක් කාබාසිනියා කිරීමේ ගෞරවය ජනපතිට හිමි වෙනවා.
සජිත්ට ජය වේවා. අද හෙට ලංකා නිදහස් පක්ෂය තවත් කෑලි වලට් කැඩෙනවා.
ඊලග මහඡන්දෙන් ශ්‍රිලනිප සෙට් එකම ගෙදර. ඒට පස්සේ ඉතින් අර වාමාංශික පක්ශ වගේ බෝඩ් එක විතරයි ඉතුරුවෙන්නේ. ජාතික ලැයිස්තු ලැබෙන්නේත් නෑ. පොහොට්ටුවේ අයට ගිය මහඡන්දෙදී කරපු කෙනෙහිලිකම් වලට ලස්සනට පලිගැනීම් වෙවී. හැබයි ඔක්කොම කුනුගොඩවල් ටික ආයෙත් එකම ගොඩේ. අර නෝනා තමයි දන්නේ කියන හාදයත් ගත්තා නම් නියමයි.
පක්ෂ දේශපාලනය නොව උගත්කම සමග තීරණ ගැනීමේ හැකියාව ඇති කෙනෙක් පත් කරගනිමු. සා.පෙළ නැති අය ප්‍රාදේශීය සභාවකටවත් සුදුසු නැත.
මේ කිසිම ගිවිසුමක් තම තමන්ගේ ආත්මාර්ථකාමී බලලෝභය සහ ඊට අදාළ වරප්‍රසාද බෙදා ගැනීම සඳහා පමණක් මිස ජනතා සුභ සිද්ධිය සඳහා නම් නොවේ.
සජිත් කියන්නේ මේ අපේ ජනාධිපති කියලා කියන්න පුලුවන් නායකයෙක් නෙවෙයි.
හොරු ටික සෙමෙන් සෙමෙන් එකට එකතු වෙනවා. මේ රටේ සමස්ත ජනතාවට කියන්නේ... ඔබතුමන්ලා රටේ ජීවත් වෙනවනම් දරුවන්ට ආදරේනම් මහේෂ් සේනානායකට ඡන්දේ දෙන්න. කවදාවත් ප්‍රධාන පක්ෂ දෙකේ මිනිස්සු මේ රට හදන්නෙ නැහැ. දරුවන්ගෙ අනාගතේ විනාශ නොකර හොඳම විකල්පය හොයන්න. පක්ෂ දේශපාලනේ අමතක කරන්න. දේශපාලනේ තියෙන සුවය තියෙන්නේ ඡන්ද ප්‍රතිඵල කියන වෙලාවට විතරයි.
මෛත්‍රී රටත් පක්ෂයත් නැති කරලා විශ්‍රාම යන්නේ..............
බොහොම හොඳයි අපි ප්‍රාර්ථනා කළෙත් ඔහොම වෙන්න කියලා.හේතුව යහපාලනය ගෑවුණු තැනකට ඡන්දය ලැබෙන්නේ නැහැ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මළගමට අපේ නිමක් නැති ශෝකය. ඔය අය ගිය තැනකටවත් ඡන්දය දෙන්නේ නැහැ, මෙවර අපේ ඡන්ද මහේෂ්ට !!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග 2015 හවුල් ආණ්ඩුවක් හැදීම එම පක්ෂය කල ඓතිහාසික වරදකක් . වැරැද්ද අද දින නිවැරදි කරගෙන තිබීම මේ රටේ ප්‍රගතිශ්ලී මාධ්‍යස්ත ජනතාව ලබූ ජයක් . රටට මව්බිමට මාතෘ භූමියට ජය වේවා.
මේ ආණ්ඩුව බයිසිකල්වලින් යන තරුණ තරුණියන්ට පුංචි කාර් දෙන්න ඇවිත් වුනේ අලුතින් ලක්ෂ ගානකට සමුර්ධිය දෙන්න. කොහෝමද ප්‍රගතිය
කොහොමත් මේක අලුත් දෙයක් නොවෙයි.
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර.....
චන්ද්‍රික මැඩම්ට මොකද දැන් වෙන්නේ??....... අහෝ කේදයකි....
ශ්රී ලංකා නිදහස් පක්ෂය අවසානය. මිනී පෙට්ටියේ අන්තිම ඇණයද ගැසූ වගයි........
ඔබගේ වැදගත් තීරණයට අපේ හෘදයාන්ගම ස්ත්තුතිය මෙයින් පළකරමු. අපට ඇත්තේ “එක්ව රැකෙමුද, වෙන්ව වැනසෙමුද යන්න මිස වෙනම යන ගමනක් නොවන බව දෙපාර්ශවයම හොඳින් සිහි තබා ගෙන කටයුතු කලොත් අපිත් ගොඩ , රටත් ගොඩ. එකම පවුල දෙකට බෙදීමේ විපාක පසුගිය වසර කීපය තුල අපි වින්ද ඇති. බේද ඇති කර නොගෙන අපේ ගමන යමු . ජයවේව ඔබ සැමට.
හිරේ ඉන්න දුමින්ද සිල්වයි තංගල්ලේ සභාපතියි තරම් කවුරුත් සතුටු වෙන්නේ නැතුව ඇති මේ තීරණයට. මේ දෙන්නට නිදහස දීලා නැවත දේශපාලනයට ගන්නවා. නිදහස නොදෙනවා කියලා කිසිම තැනක කියලා නැහැ.
UPFA SLPP SLFP =52% , 2018 ඡන්දෙදි . ජය වේවා. ගෝඨා ජනපති වෙනවා.
රට දියුණුවෙන් දියුණුවට පත් කිරීමට ගොටාභය සමග පෙරට එන නිමල් ලාන්සා, දුමින්ද සිල්වා, මහින්දානන්ද, ජොන්ස්ටන්, රත්තරන් රෝහිත, ඉන්දික මහත්වරුන්ට මාගේ ප්‍රණාමය.
නිල් පාට මිනි පෙට්ටි ලාබයි......ලාබයි
බණ්ඩාරනායක මහත්මය හැදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුගේ දියණිය විසින් විනාශ කරන ලදී.
මේ ගොල්ල හොරගල් අහුලා අහුලා හිටියේ. ඇල්පිටියේ ආණ්ඩු රැස්වීමේ සෙනග දැක්කම තීරණය ගත්තා.
1970 ත් 1977 ත් අතර සමගි පෙරමුණු රජය කාලේ පාසැල්වල පෙන්නුව ගමනක අවසානය කියා චිත්‍රපටයක්.එයින් කියවුනේ බණ්ඩාරනායක මහතාගේ කථාව.එම කථාව නැවත සංස්කරණය කලොත් නරකද
පුදුම වෙන්නත් දෙයක්ද? මුල ඉදන්ම කළේ රාජපක්ෂලා එක්ක හොරෙන් ඩීල් අරන් ආණ්ඩුව කාපු එකනේ.දැක්කනේ පහුගිය ඔක්තෝම්බර් වල ? පහුගිය පළාත් පාලන ඡන්දේ සිරිසේනට ලැබුණු ඡන්ද වලින් 80% එහා යුඇන්පී ඡන්ද.බැදුම්කර කතාව නිසා ලැබුණු ඡන්ද. පොහොට්ටුව ගත්තේ එයාලගේ උපරිම ඡන්ද ගත්තේ ඒ ඡන්දෙදි.සජිත් නිසා ඔය ප්‍රතිඵල සෑහෙන්න වෙනස් වෙනවා. වැඩි වාසිය ගෝඨාභයට උනාට සුළු ජාතික ඡන්ද වලින් ලොකු වෙනසක් වෙනවා.
වසර 68ක් අපරටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්ව සඟ,වෙද,ගුරු,ගොවි කම්කරු ජනතාව නියෝජනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ගමනක අවසානය’ අද සිදුවිය. අද ශ්‍රීලනිපය මැතිවරණයකට අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ගැනීමට නොහැකි වන තරමට අනාතවී ඇත.
දූෂිත දේශපාලකයෝ කොහොමත් එකතු වෙනවා.ඒ හැටිනේ.
2015 මහින්ද රාජපක්ෂ දුෂිතයෙක් බව පවසමින් බලයට ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි එම කදවුරම තෝරා ගැනීම පුදුම සහගතයි. ජනතාව වශයෙන් අප කල යුත්තේ කුමක් ද යන්න ගැටලුවකි. එදා කිවු ආකාරයට අද මහින්ද ඇතුළු පිරිස හොදද ? අපි දැන් පිළිගත යුත්තේ එදා කිවි දේද නැතිනම් අද කියන දේද ? සියල්ල මේ රටේ බුද්ධිමත් ජනතාවට බාරය.
ගෝඨාභයට උදව් කරනවා හැබැයි පොදුජන පෙරමුණට එහෙම නෙවේ. "පව් පිරෙන හන්දා අපි මස් කන්නේ නැහැ. හොදි එක්ක විතරක් දෙන දෙයක් කනවා."
මෙවර හොරුත් එක්ක ඩීල් නොදාන උගත් පිරිසක් සමග සිටින එකම අපේක්ෂකයා මහේෂ් සේනානායක පමණයි.ජනතාවට දියෙන් කිරි වෙන් කරගැනීමට හැකියාව ලැබී ඔහු ජයග්‍රහණය කළහොත් රටට හොඳ කලක් ඒවී.
සහය ගෝටාට උනත් චන්දෙ දෙන්නෙ කාටද කියන එක තියෙන්නේ ජනතාව අතේ. අතීතයෙන් පාඩම් ගෙන වර්තමානය ගෙන හිතා බලා බුද්දිමත් තීන්දුවක් ගන්ඩ ජනතාවට මොලේ පෑදේවා .
සුදුවෑන් ක්‍රමය නැවත හදන්න... මිනීමරු පාලනය නැවත හදන්න. අධිකරණයේ ආධිපත්‍ය හා ස්වාධීනත්වය නැති කර රාජපක්ෂ පවුල්වාදය නැවත හදන්න එකතු වෙලා. එකතු වුනේ නැතිනම් මේ අයට පැවැත්මක් නැහැ...
බණ්ඩාරනායක මහත්තයයි ,සිරිමාවෝ මැතිනියයි මොනවා හිතයිද?
මෛත්‍රීපාල මහතාගේ ග්‍රහණයෙන් තවත් ටික කලකින් මේ රටත්, අපත් මිදෙනවා. ඒ ගැන සිතෙනාවිටත් ගතට, සිතට දැනෙන්නේ පුදුම සතුටක්... අපගේ කැමැත්ත කුමක් වුවත්,මහින්ද මහතාට, ඝෝටාභය මහතාට සහ සජිත් මහතාට කිසියම් ප්‍රතිපත්තියක් තියෙනවා. අප එයට ගරු කරනවා. ඒත් ගලෙන්ම ඇතිවී ඒ ගල කා දමන දියමන්තිය සේ මෛත්‍රීපාල මහතා මේ රටේ ජනතාවගේ ප්‍රධාන පක්ෂ දෙකම දියකර දැම්මා... ඒත්, මෙතරම් අඩු ඡන්ද ප්‍රතිශතයක් ඇති එතුමාව නැවත සම්බන්ධ කර ගැනීම එතරම් හොඳකට හිටින එකක් නැහැ. අර මොන සතාගේද මන්දා වලිගය කිසිදාක කෙලින් කරන්න බැහැලු. මේ සටනේදී පොහොට්ටුව දිනුවොත්, එසේ ඔවුන් දිනුවේ තමන් නිසා යයි ඔහු කියාවි. දත් නැති දිවට ඕනෑම දෙයක් කිව හැකියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල ආධිපත්‍ය හෙමින් හෙමින් බණ්ඩාරනායක පවුලෙන් ගිලිහී දැන් රාජපක්ෂ කඳවුර විසින් එම බලය ගිලගෙන අවසන්... මෙම පරිවර්තනය සමගම ශ්‍රීලනිපයට අන්තිම ඇණයත් ගසා හමාරයි. පොදුජන පෙරමුණ යනු ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් නොව තනි පවුලක පුද්ගලිකව ඒකාධිපති තීරණයන් ගන්නා එක්තරා සංස්ථාවකි.
සජිත් ඉවරයි. නිදහස් පක්ෂ ඡන්ද ටික එකතු වුණාම ගෝඨාට කෙලින්ම ලක්ෂ 68ක් ශුවර්...
රටේ නායකයා තෝරා ගැනීමේ පරම බලය සුළු ජන කොටස්වලට ලැබුණු සුවිශේෂී ඡන්දයක් මේක.. ඔවුන් රට පැසිස්ට්වාදී පුද්ගලයකුට යවන්නේ නැහැ.
ඉතිහාසයේ සිදුවීම් නැවත නැවත සිදුවේ යැයි මාක්ස් කියා ඇත. වරක් විගඩමක් ලෙසින් සහ ඛේදවාචකයක් ලෙසින් විවිධ ස්වරූපයෙන් මෙම ඡන්දයෙන් පසු විවිධ පුද්ගලයින්ට දිස්වනු ඇත...
ඔබ කිව්වා හරියටම හරි. පොහොට්ටුව බිහිකළේ මහින්ද සහ සිරිසේන එකතු වෙලා. සිරිසේන ජනාධිපති තමයි පොහොට්ටුවට හැදෙන්න ඉඩ දුන්නේ... එහි නායකයන් සියලු නඩුවලින් ආරක්ෂා කලේ. එහෙමකලේ අනාගතයේ යම් දිනෙක පොහොට්ටුවට යන්න බලාගෙන... මේ සිද්ද වුනේ එ්ක තමයි. මෙහි අමුතු දෙයක් සිද්ද වුනේ නෑ.
නියමයි. එජාපයට ඇපත් නැහැ මේ පාර...
අපේ බුද්ධිමත් ජනතාවහේ මතකය ඉතා ඉහලයි.