(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)
නල්ලතන්නියේ සිට මස්කෙළිය බලා ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (22) දා උදෑසන 07.30 ට නල්ලතන්නිය, මෝහිනී ඇල්ල අසලදී මාර්ගයෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක් පමණ පල්ලමට පෙරළීමෙන් එහි ගමන් කරමින් ගත් දෙදෙනකු මිය ගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, නල්ලතන්නිය. මුල්ගම පහළ කොටසේ පදිංචිව සිටි කන්දසාමි සෙල්වම් (46) හා රාමලිංගම් දිවාකර (26) යන දෙදෙනාය.
තුවාල ලැබූ වන් අතර පාසල් දරුවන් දෙදෙනකු ද සිටින බව පොලිසිය කියයි.
තුවාල ලැබූවන් වැඩිදුර ප්‍රථිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත යැවූ බව මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd