(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (20) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd