IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


විධායක නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවක්

 

 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරින්ගේ සංගමය අද (04) කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක  පැවැත්වීය.

 නීති නිළධාරීන්ට ලබා දී ඇති වැටුප් වැඩි වීම හා ප්‍රවාහන දීමනාව සමාන්තර සේවාවන්හි  සියලුම විධායක නිලධාරීන්ට ලබා දෙනු, පරිපාලන නිළධාරීන්ට යෝජිත විශේෂ දීමනා අනෙකුත් සමාන්තර සේවාවල සියලු විධායක නිළධාරීන්හට ලබාදෙනු, රාජ්‍ය නිළධාරීන්ගේ අහිමි කළ විශ්‍රාම වැටුප නැවත ලබා දෙනු‘  යැයි පවසමින්  ඔවුහු මෙම විරෝධතාවයෙහි  නියැලුණහ. 

(ඉෂාන් සංජීව)



අදහස් (3)

විධායක නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවක්

lalithm Wednesday, 04 September 2019 08:04 AM

නිකම් ඉන්න වැඩි පඩි මොකටද? හැමෝටම ලැබෙනවා නම් විතරක් මේ අයටත් දුන්නට කමක් නැහැ. එ්ත් රටේ වැඩිපුරම නිෂ්පාදන හා සේවා දායකත්වයක් දෙන්නේ පුද්ගලික අංශයෙන්. ඒ අය ඔය මොකුත් උද්ඝෝෂණ නැතිව වැඩ කරනවා නම් වැඩිපුර නිකම් ඉන්න මේ අයවලුන්ට මොන කරුමෙකට අපෙන් ගන්න බදුමුදල් දෙනවද?

:       316       274

dilanWednesday, 04 September 2019 08:09 PM

මිනිහෙක් පාරට බහින්නේ තමන්ට නොවිසඳුණු ප්‍රශ්නයක් තියන නිසා මිසක් ඔය ලොකු ලොක්කන් හවසට තෙල් බහින්න ඇවිදින්න යනවා වගේ ඇවිදින්න නෙවෙයි. දියුණු රටවල මෙහෙම ජන සමූහයක් පාරට බැස්සම රාජ්‍ය නිලධාරීන් එතැනට එනවා ගැටළු වලට විසඳුමක් දෙන්න. එ්ත් අපේ අගමැතිතුමා පොලිසියේ පොලු හමුදාව එතැනට එවනවා. ඒ මිනිසුන්ට පහර දෙන්න. දේශපාලකයන් විතරක් නෙමෙයි, අවශේෂ ඔහෙලා වගේ හිතන පතන මිනිසුන් ඉන්න තාක්කල් රට එතැනමයි.

:       0       1

කම්කරුවාSaturday, 07 September 2019 01:09 AM

මෙහි තිබෙන ඡායාරූප දෙස බැලුවම මේ අය විධායක නිළධාරීන් කියා හිතන්නවත් බැහැ මොවුන් ඉන්නේ කිසිම පිළිවෙලකට නොවේ.හැමදාම සහනාධාර දීල රටක් හදන්න බැහැ.රට නිදහස් වෙලා අවුරුදු 72 ක් ගතවුනත් නිෂ්පාදනය දිරිගැන්වීමට වඩා මොවුන් ඉල්ලන සහනාධාර දීම නිසා මේ රට මෙතරම් පිරිහීමට පත්වුනා කියන්න වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 284 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1227 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site