
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක මෙම ඇපල් වගාව සිදු කර තිබේ.
ගොවි මහතාගෙන් ඇපල් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල් වගාව බලන්නට එන බව පැවසීය.
ලක්ෂ්මන් කුමාර ගොවි මහතා සඳහන් කළේ ඇපල් බීජ මෙරටට ගෙන්වා නව පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බවත්, අක්කර දෙකක සරු ඵලදාවක් මේවන විටත් ලැබී ඇති බවත්ය.
මෙම වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ලබාදීමට හැකියාව පවතින බවද ලංකාවෙි ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි අයුරින් මෙම බීජ නිපදවා ඇති බවද ඔහු සඳහන් කළේය.
කොළ ඇපල් පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි රස බැලීමට ද අමතක නොකළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මොනතරම් දේවල් කරන්ඩ පුලුවන්ද ?නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු දූෂිත දේසපාලුවෝ මුලුරටම බන්කොලොත් කෙරුවා .
පිටරටවල් වලින් දෙන උපදෙස් පිළිනොගත්තොත් වගාව සාර්ථක වේවි
ඇපල් ගෙඩියට වහ ඩින්ගක් දාන්න කෙනෙක් නැති උනානේ
නුවරඑළියේ හෝ බණඩාරවෙල සාර්ථක ඇපල් වගාවකට උදව් කරන නියායෙන් දරුනු වෛරසයක් එවා බටහිර රටක් විසින් එම වගාව නැත්තටම නැති කළ පුවතක් ගැන යම් මතකයක් තියෙනවා. මේ ගොවි මහතාත් එවැනි දේවලින් පරිස්සම් විය යුතුයි.
ඇපල් කොල පාට වුන නිසා " රනිල්ට" දුන්නා,,,, ඉදිලා කහ පාට වුනානම් "සජබයට" දෙනවා,,,, ඉදිලා රතු පාට වුනානම් "ලපයට" දෙනවා...
පලවෙනි පලදාව නිසා කීයක්වත් දුන්නේ නැතිද?ස්තුතියි කියලා නිකන් ගත්තද ?
ජයවේවා මෙහෙම අයට රජයෙන් උපරිම සහයෝගය දෙන්න ඕන ටික කලක් යනතුරු ජනාධිපතිතුමා ගියත් බදු කට්ටිය නොගියොත් වගාව සාර්ථක වේවි (ලංකාවෙ බොහොමයක් අලුත්ම නිශ්පාදන සාර්ථක නොවුනේ බදු කට්ටිය නිසා කියලා හිතෙනවා )
වෘර්තිය සමිති උද්ඝෝෂණ කරයිද ඇපල් ලංකාවේ හදන්න එපා.ජනතාවට අසාදාරනයක් සිද්ධ වෙනවා කියලා
මම දන්නා විදියට ඒ ඇපල් නෙවෙයි .පෙයාස්
අපේ රටේ වැවෙන නොයෙකුත් හොද පලතුරු වලට සහාය දී ඒවා පිටරට වලට යවා වැඩි විදේශ විනිමයක් ලබා ගන්න හැකියාව තිබෙද්දී මෙවැනි දේ වලට ආධාර කිරීමෙන් ඇතිවන් ඵලය කුමක්ද? ලංකාවේ ජනතාවට ඇපල් අවශ්‍යම පළතුරක් ද? නොවේ ඇපල් ගන්න පිටරට කිසිවෙකු නැහැ.
මෙච්චර රස ගුණ පළතුරු තියෙන රටේ කොළ ඇපල්. අපට මෙහෙම වෙලා මදි.
තවමත් බැරිඋනා ලංකාවේ මිනිසුන්ට මේ ගතානුගතික බොරු සිරිත් වලින් මිදෙන්න.. ඕක අරගෙන යන්න තිබුනේ පළාතේ වගා නිලදාරියා ලගටනේ.. මේ පුස්සා ලගට ගිහින් මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. පලවෙනි පලතුර හාල්ටික උස්සගෙන මහනුවර යනවා මුන්ට පිස්දුද වෙනස් වෙයල්ලා මිනිසුනේ සත පහකට වටිනා මිනිහෙක් ලගටද මේ වටිනා පලදාව පිළිගන්වන්න ගියේ
ඇපල් මාටින් කියල ප්‍රසිඩ්ද වෙච්ච කෙනෙක් හිටිය. එයා බොගොම සාර්තක වගාවක් කලා. එවකට ඇපල් අපනයනය කරමින් හිටපු ඔස්ට්‍රෙලියව මිතුරු ලීලාවෙන් ඇවිල්ලා වගාව නරඹලා වැඩි යහපතක් කරන්නම් කියලා වයිරසයක් සහිත ඇපල් පැල තොගයක් එව්වා. අපේ වගාව මලා. ඒක පරණ කතාව. මේ මහත්තයට ආදරෙන් කියන්නෙ. පලවෙනි පලදාව දුන්නෙත් හොරෙකුට. අනෙ පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. නැතිනම් ඔයාටත් වෙන්නෙ ඇපල් මාටින් ට වෙච්ච දේ තමයි. (බමුනෙකුට රිදෙනව පෙනුනා උඩහා හරියෙදි. . )
අපිනම් කරන්නෙ මුල් පලය අග්ග්‍ර පලය බුදුන්ට පූජ කරන එක.
Apple a day won’t keep the ARAGALAYA Away, Sorry
ඔබේ ඇපල් ගොවිපල තරුණ පරම්පරාවට හඳුන්වා දෙන්න. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ අස්වනු වැඩිපුර ලබදෙන විවිද වර්ගයේ ඇපල් සහ පෙයාස් වර්ග තිබේ.
මුල් ඵලදාව පිළිගන්වන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද?
වහල්ලු තවමත් මේකේ ඉන්නවා.
ලෝකයේ ඇපල් සදහා ඇති ඉල්ලුම සංතෘප්ත වී ඇති බැවින් මේ සදහා විදේශ ඉල්ලුමක් නැති තරම්ය. අපනයනය සදහා සුදුසු දේශීය පලතුරක් තෝරාගෙන එය ප්‍රවර්්‍ධනය කිරීම නේද වඩා සුදුසු.
පාට ඇපල්ගෙ අදහස දැක්කම මට අතීතයේ කතාවක් මතක් වුනා අපි ඒකාලෙ පාසැල් යනවා අපිට වාහන පහසුකම් නැහැ කිලෝමීටර් හයක් පමණ අපි පයින්ම යනවා කට්ටිය එකතුවෙලා යනකොට අපි විවිධ විෂයයන් ගැන කතා කරනවා අපි සමග යන පොඩි අයගේ අධ්‍යාපන ගැටලු විසදා දෙනවා ඉතින් දවසක් යනවිට ගුවන්විදුලියේ උදෑසන ආරම්භය සදහා ජාතික ගීය වාදනය වෙනවා ඒ කාලයේ තිබුනෙ මැතිණියගේ සමගි පෙරමුණු රජය .ඉතින් ජාතික ගීය ආරම්භ වෙන්නෙ ශ්‍ර්‍රිලංකා මාතා කියලනේ. අපිත් එක්ක හිටපු පේමරත්න කියලා පොඩ්ඩෙක් කියනවා යූ ඇන් පී ආණ්ඩුවක් ආවොත් යූ ඇන්පී මාතා කියලා ජාතික ගීය වෙනස්කරන්න වෙනවා නේද කියලා අපි ශ්‍ර්‍රිලංකා කියන්නෙ රටේ නම කියලා කිව්වට කොල්ලා පිලිගත්තේම නැහැ එහෙම මිනිසුන්ටත් රජයන් පත්කරන්න ඡන්ද බලය දීමෙන් තමයි මේ රටේ මෙතරම් විනාශයක් ඇතිවුණේ