IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකා මාතාව මෝදි පිළි ගනී

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රී ලංකාව වෙත පිළිගනු ලැබිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙරවරු 9.15ට පමණ උත්සව භූමියට සම්ප්‍රාප්ත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෝදි අග්‍රාමාත්‍යවරයා අතට අත දී සුහදශීලීව පිළිගැනීමෙන් අනතුරුව දෙරටේ ජාතික ගීත ගායනයෙන් පිළිගැනීමේ උත්සවය ආරම්භ විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ ගෞරවය පළ කිරීම සඳහා ආචර වෙඩි මුර මෙහිදී පිරිනැමිණි.

අනතුරුව යුද හමුදාව විසින් පිරිනමන ලද සම්මාන මුරය රතු පලස මතින් ගොස් පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුව දෙරට රාජ්‍ය නියෝජිතයන් හඳුනා ගැනීමේ අවස්ථාවට එක් විය.

මෙම අවස්ථාවට ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුළු ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

(ඡායාරූප: ලහිරු ලහිරු හර්ෂණ)

 



අදහස් (13)

ලංකා මාතාව මෝදි පිළි ගනී

පොඩිඑකා Saturday, 05 April 2025 11:22 AM

මේ ඇල්බට් කාරයෝ කෙලින පිස්සූ…, නේද යෝගා…!

:       42       15

fairoos Saturday, 05 April 2025 12:09 PM

ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමි...!

:       7       26

බද්රානි Saturday, 05 April 2025 01:15 PM

ඉස්සර හිටපු, නාකි අය වෙනුවට, අපේ ජවසම්පන්න ජනාධිපතිතුමයි, තරුණ ඇමැතිවරුයි දැක්කාම, මෝදී ජනාධිපති තුමාට, අපේ රට ගැන සුන්දර සිතිවිලි පහළ වෙන්න ඇති. අනික දකුණු ආසියාවේ අනෙක් රටවල් දෙස බැලුවාම ඉන්දියාවටත් ඉන්න හොඳම අසල්වැසි රට තමයි ලංකාව... අප දෙරටටම ජයවේවා...!!!

:       58       40

Rama Saturday, 05 April 2025 07:26 PM

ඇයි මොකද බද්‍රානි. ඔයාටත් මොනවා හරි සුන්දර සිතුවිලි පහල වෙලාද ජවසම්පන්න තරුණ අය දැකලා. ඔයා ඉතින් ඔය කියන්නේ අනික් හාමුදුරුවන්ට බෙදන්න කියලද. නැත්නම් කියන්න යන්නේ මෝදි විවාහ නොවී තනිකඩයෙක් ලෙස ඉන්නේ ජවසම්පන්න තරුණ අයට සුන්දර සිතුවිලි පහල කරගන්න නිසා කියලද. අනුන්ට කාඩ් නොගහා ඔයාගේ සුන්දර සිතුවිලි වලට මොනවා හරි කරගන්නකෝ.

:       0       0

මාබංකුසිංහ Saturday, 05 April 2025 05:15 PM

මට ඊරිසියාවේ බෑ. මමනේ ඔතැන ඉන්න ඕනෑ.

:       43       21

Siri Saturday, 05 April 2025 07:15 PM

ඔය පිළිගැනීම් වලට අර එකකාලෙක මෝදිගෙ බැනිහම ගජේට ඇඳගෙන මෝදි වගේ වෙන්න ගිය එක්කෙනාට ආරාධනා කලේ නැතෙයි ?

:       0       0

Saman Saturday, 05 April 2025 07:32 PM

මෝදි ලංකාව ගිලගනී වෙන්නෙ නැත්නම් හොඳයි

:       0       0

sena Saturday, 05 April 2025 09:39 PM

අපි මැරිලා ඉපදුනේ නැහැ එහමෙ හිතෙන ඈයොට හුරේ දාන්න ?

:       0       0

sena Saturday, 05 April 2025 09:42 PM

මේක දාන්න නැති බව දන්නවා හැබැයි එදා කොරපු දේ දන්නා අපට මුන් වහ කදුරු

:       0       0

මිහින් පෙරේරා Sunday, 06 April 2025 03:33 AM

දූපත් වාසී පාලකයන්ගේ හීනමානය කොච්චරද කිව්වොත්, මේ ඉන්දියාවේ නායකයාට ආයුබෝවන් කියලා අත් දෙක උස්සන්නවත් බෑ මොවුන්ට… ලැජ්ජයි… රිකව් සූට් ඇදලා.. අද හැම දියුණු රටක්ම තමන්ගේ භාෂාවෙන් කතාකරන තමන්ගේ කමට මුල්තැන දෙන ජාතීන්…!

:       0       0

Damith Sunday, 06 April 2025 06:06 AM

මොවුන්ට ලැජ්ජාවක් නැහැ. මොවුන්ට කඩේ යන බද්‍රානිලාට, ලැජ්ජාවක් නැහැ... එක්කෝ මැරිලා ඉපදිලා...

:       0       0

Lalith Sunday, 06 April 2025 06:12 AM

මහබැංකු සිංහ වගේ තඹුත්තේගම කොටළුවන්ට හිතන්නේ මේවා මහ ලොකු වැඩ කියලා. සීමාවක් තියාගන්න...!

:       0       0

Nishan Sunday, 06 April 2025 10:06 AM

ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි සටන වෙනුවෙන් දිවි පිදූ 60,000 ක් තරුණයෝ පව්...

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13549 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 947 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site