
(යොහාන් භාසුර )
ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අසාර්ථකත්වයට එල්.පී.එල්. තරගාවලි කිසිදු බලපෑමක් නොකළ බවත් ඊට අමතරව වෙනත් කිසිදු පුද්ගලයකුගෙන් හෝ පාර්ශ්වයකගෙන් බලපෑමක් නොවූ බවත් එම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක අද (12) පැවසීය.
ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටිය ද අවාසනාවකට එය ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් ඉදිරියේදී කණ්ඩායම් සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් දසුන් වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී දසුන් ශානක එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩේ.. කෝ මේ ප්‍රමෝදය වික්‍රමසිංහ.. බාහිර බලපෑම් තිබුනා කීවා. දවස් දෙකෙන් එළි කරනවා කීවා.
විටමින් ටිකක් ගන්න. ගමේ ගොඩේ ආහාර හොඳට කන්න. එතකොට ඔය ටීම් එකේ ඉන්න අයට තියෙන ලෙඩරෝග නැතිවෙලා යාවි. ඒ කෙසේ වෙතත් දැන් ලෙඩ්ඩු ටීම් එකම පෙන්ෂන් යවන්න කාලයයි...!
ඒ කියන්නේ ක්‍රිකට් බෑ. මේවා හිටපු ක්‍රීඩකයින්ගේ, ආයතනයේ, දේශපාලකයිගේ සහ වර්ථමාන ක්‍රීඩකයිනගේ යන සියල්ලන්ගේම වැරදි. මේවා යට සැඟවුණු කතා ගොඩාක් ඇති...!
අපි ඔයාට කඩේ ගියා... ඔයා අපිව කඩේ අරින්න හදන්න එපා... ඇත්ත කියන්න හොඳේ...!