
(ප්‍රසංග සිල්වා)
කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක් ඇති වූ ගින්නක් ආග්‍රාහණය වූ පාසල් සිසුන් පිරිසක් හදිසියේ රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මර්ග කියයි.
පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් එහි කළමනාකරුවකු මියගොස් ඇතැයි ද පොලිසිය කියයි
ගින්නෙ මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවණය වී නැත.
හුස්ම ගැනීමේ අපහසුව සහ උදයයේ කැක්කුම මෙම සිසුන්ගේ රෝගී ලක්ෂණ බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ගින්නත් සමග පතිරගිය දුමාරය ඒ ආසන්නයේ පැවැති පාසල් දෙකක සිසුනට ආග්‍රාහණය වි ඇති අතර මේ වන විට සිසු සිසුවියන් 102 කට අධික පිරිසක් රාගම රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.
--------------------------------------------------------
පෙරවරු 10 . 01
(ප්‍රසංග සිල්වා)
කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක් ඇති වූ ගින්නක් ආග්‍රාහණය වූ පාසල් සිසුන් පිරිසක් හදිසියේ රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මර්ග කියයි.
මේ වන විට සිසු සිසුවියන් 40කට අධික පිරිසක් රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.
පාසල් දෙකක සිසු සිසුවියෝ මෙසෛ් රෝගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාශ්‍රිත ප්‍රදේශවල මෙවැනි අනතුරුදායක කම්හල් ඉදිකරන්න පවවාගෙන යන්න අවසර දුන්නේ කවුද කියලා මුලින්ම හොයන්න වෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාල පලාපාලන ආයාතන මෙම ආයාතනය ගැන දන්නේ නැද්ද ?
Sඅමහර ජනාශ්‍රිත ප්‍රඩෙශවලත් ආග්‍රානයට නුසුඩු ඩුමාරය පිටවන, ඩුහුවිලි පතුරුවන, යන්ත්‍ර සූත්‍රවලින් පරිසරයම දූශනය වන මද්‍යම සහ සුලු ප්‍රමානයේ කර්මාන්ත ශාල බොහොමයක් එම පෙදෙස්වල ජනතාවට ඉමහත් සෞක්‍යමය ගැටලු සහ නොයෙක් විදියෙ පීඩාවන් ගෙන දෙනව. මේව ගැන අදාල අන්ශ වලට පැමිනිලි කලත් එව්ව හරියට බීරි අලින්ට වීනා වාදනය කලා හා සමානයි. කියල වැඩක් නැහැ.
විදුහල්පතිනිය මේකට වග කියන්න ඔනේ . ඔහොම වෙච්ච ගමන් දෙමව්පියන් ගිහින් ලමයි ඉල්ලුවා. ඒ වෙනකොටත් ගේට්ටුව වහන් දෙමව්පියන්ට ඇතුලට එන්න නොදි හිටියා පස්සේ කට්ටිය ගේට්ටුව තල්ලු කරන්න ගිහින් තමයි ලමයි ගත්තේ.